එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ශක්තිමත් පියවර ගන්නා ලෙස ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ ලෝක නායකයන්ට අවධාරණය කරති.
වතිකානයට රැස් වූ ආණ්ඩුකාරවරුන් හා නගරාධිපතිවරුන් අමතමින් පාප්වහන්සේ මේ බව සඳහන් කළහ. ඔවුහු දේශගුණික විපර්යාස මැඞීම සඳහා වන ප‍්‍රඥප්තියකට ද අත්සන් කළහ. මිනිසුන්ගේ කි‍්‍රයාකාරකම් නිසා ඉහළ යන ගෝලීය උෂ්ණත්වයත්, පරිසරයට සිදුවන හානියත් අවම කිරීමට ඇති අවසන් අවස්ථාව මෙය බවත් පාප්තුමෝ එහිදි ප‍්‍රකාශ කළහ.
ගෝලීය උෂ්ණත්වය වැඩිවීම, නූතන වහල් බව පාප්තුමෝ සම්බන්ධ වූ සම්මේලනයේ තේමාව විය. දරිද්‍රතාවටත් බලෙන් සිදුවන අනවසර සංක‍්‍රමණයටත් හේතුවී ඇත්තේ ගෝලීය උෂ්ණත්වය බව මෙහිදි කළ කරන ලද කරුණු දැක්වීමකදී අනාවරණය විය.
දෙසැම්බර්යේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට මේ සම්බන්ධයෙන් බලපෑම් කිරීමට වතිකානයට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය. පැරිසියේදී පැවැත්වෙන දේශගුණික සමුළුවේදී ගෝලීය උෂ්ණත්වය මැඩීම සඳහා එකඟතාවකට පැමිණීමට නියමිතය.
සමුළුවේදී ගෝලීය උෂ්ණත්වය වැඩිවීමත් අනවසර සංක‍්‍රමණයත් අතර ඇති සබඳතාව පිළිබඳ කරුණු දක්වනු ඇතැයි ද තමා ට පැරිසියේ පැවැත්වෙන සමුළුව සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ඇතැයි ද පාප්තුමෝ එහිදි පැවැසූහ. එක්සත් ජාතීන් මේ සම්බන්ධයෙන් දැඩි හා ශක්තිමත් පියවර ගත යුතු යැයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගෝලීය උෂ්ණත්වය ගැන පාප්තුමන්ගේ අවධානය
පහන් Thursday, 23 July 2015 03:37 PM
බුදුදහම නම් ප්‍රශ්න කරන්න කරන්න බැබලෙනවා වැඩිය ඕනේ නැහැ ශාස්තෘවරයාණන්වත් ප්‍රශ්න කරන්න පුළුවන් බුදුන්ගේ කාලෙත් එහෙමලු .(ම)
රෝහණ Tuesday, 28 July 2015 09:07 AM
හිරන්ත, ඔයාටත් දෙවියෝ මතක් වෙන වෙලාවක් එ්වි. එතකන් ඉවසන්න. (නදී)
හිරන්ත Tuesday, 28 July 2015 02:25 AM
අනේ රෝහණ, අද නවීන ලෝකයේ දෙවියෝ ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඔයා තාම ගල් යුගේ ජීවත් වෙන්නේ.(නදී)
ශ්‍රියානි Monday, 27 July 2015 01:08 PM
සමාවෙන්න නොදන්නා නිසයි අහන්නේ. මට තියන ප්‍රශ්නය දෙවියන් වහන්සේ ලොව වැවුයේ කොහි සිටද යන්නය (නදී)
රෝහණ Monday, 27 July 2015 10:23 AM
දෙවියන් වහන්සේ ලෝකය මවල එහි පාලනය මිනිසාට බාර කලා. මිනිසා ස්වභාවධර්මයට අභියෝග කරමින් නොහික්මුණ ලෙස පාලනය කලොත් දෙවියන් වහන්සේ ඒ අයට බරපතල ප්‍රතිවිපාක ලබාදෙනවා. ස්වභාව ධර්මය රැකගන්න උත්සහ කරන්න. (ර)
සිරිමල් Saturday, 25 July 2015 05:53 AM
වැදගත් හැම පුද්ගලයෙක්ම පරිසරය ගැන හිතන එක අගය කරන්න ආගම ප්‍රශ්ණයක් කරගන්න එපා. (නදී)
අතුල Saturday, 25 July 2015 04:09 AM
මෙතන ප්‍රතිචාර වල ආගමීක ඝට්ටනයක් පේනවා. ආගම්වල අභ්‍යන්තර කරුණු විමසිම එ්වාට අපහාස කිරිමක් ගැරහිමක් වෙන්නෙ කොහොමද? එ් කියන්නෙ කාලයත් සමග එ්ව බොරු වෙලා (නදී)
අතුල Friday, 24 July 2015 02:35 PM
උෂ්ණත්වය නිසා අනවසර සංක්‍රමන ප්‍රවනතාවයක් දන්න තරමින් ලෝකයේ නැ. ප්‍රවෘතියෙ හැටියට පාප් වහන්සේ කරන්න යන්නෙ හොද දෙයක් කියමු කො. (අ)
පහන් Friday, 24 July 2015 01:57 PM
ලක්මාලි ගිය ඉස්කෝලේ මොකද්ද දන්නේ නැහැ නේ ?දරුවෙක්ව හරි ඒකට යවන්න ඕනේ . (අ)
ලක්මාලි පෙරේරා Friday, 24 July 2015 07:59 AM
පාප් වහන්සේට තේරෙන ටික අපේ සිංහලයාට නොතේරෙන එකයි දුක ...අනවසර සංක්‍රමනිකයන්ගේ සංඛ්‍යාව රටේ මූලික ජන කොට්ඨාසය අභිබවා යෑමට ආසන්නයි....ඒත් අපේ නිවටුන් හීන දකිනවා... බුදුදුහම ලෝකයේ විද්වතුන් සත්‍යයක් කොට පිළිගෙන හමාරය ...දෙවියන් වහන්සේ දේශනා කළ දෙයක් මතද...පාප්වහන්සේගේ...මතයක් මතද...ගෝලීය උෂ්නත්වය ඉහල යෑමට අනවසර සංක්‍රමනිකයන් හේතුපාදක වන්නේ යන්න ප්‍රහේලිකාවක් මසිත උපදී.......විද්‍යාත්මකය හේතුඑළය අභිබවා සංක්‍රමනිකයන් විසින් ලෝකයට කරන මේ අනිටු විපාකය පිලිබඳ ...මුළුමහත් ලෝකයම අවදියෙන් සිටිය යුතුය ....(බ)
සනිල් Friday, 24 July 2015 06:11 AM
දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූ සේක, උන්වහන්සේ මෙ සියල්ලම මවා මිනිසාට භාරදුන්නේය. මිනිසුන්ගේ කි‍්‍රයාකාරකම් නිසා ඉහළ යන ගෝලීය උෂ්ණත්වයත්, පරිසරයට සිදුවන හානියත් අවම කිරීම ගැන පාප්තුමෝ එහිදි ප‍්‍රකාශ කළේය.. එතුමා එලෙස කි‍්‍රයාකරන්නේ කතෝලික අපව පමණක් මුදවා ගන්න නොව, සමස්ත මුලු ලෝක ප්‍රජාවම මුදවා ගනු පිණිසයි. බෞද්ධ මගේ මිතුරනි ඔබේ නිවටකම පුදර්ශණය කරන්න එක හොඳ මදි නේද ..... අනෙකුත් ආගම් වලටද ගරැ කරන්න එවිට ඹබටද එය පෙරලා පැමිණේවි... ජේසු පිහිටයි. (ම)
නීල් Thursday, 23 July 2015 04:56 PM
පහන්, නියම බෞද්ධයෙක් කියලා වැටහෙනවා. ලංකා ,ලේෂාන්, නුවනි, ඊට නොදෙවෙනි බව නම් පේනවා. මාතෘකාව එකක් කියවන්නේ තව එකක් (නි)
පහන් Thursday, 23 July 2015 05:37 AM
ඉතින් ලෝකය මවපු දෙවියන් වහන්සේට පුළුවන්නේ ඕක පාලනය කරන්න (බ)
නිපුණ Thursday, 23 July 2015 02:08 PM
ගාමිණී, ආගමික මතවාද ප්‍රශ්න කිරීම නිරික්ෂණය කියන්නේ දෙකකක්. ඔබ අමෙරිකාවේ පැත්තේ අවොත් බලාගන්න පුළුවන් කොහොමද ආගමික මත දෙවියන්ව මිනිස්සු විද්‍යාව ප්‍රශ්න කරන හැටි (බ)
සම්පත් ඒකනායක Thursday, 23 July 2015 02:07 PM
සියල්ල මවල අන්තිමට ගෝලීය උණුසුම අඩුකරන්න එක්සත් ජාතීන්ගේ පිහිට පතනවා (බ)
බටුවත්ත Thursday, 23 July 2015 01:36 PM
බයිබලයේ ලෝකය ගැන ඉතාමනාවට පැහැදිලිවෙනවා එක කියවන්න දන්නා කට්ටිය ටිකක් අල්පය් !!! (අ)
ගාමිණී Thursday, 23 July 2015 12:49 PM
විවිධ ආගම්, විවිධ මිනිසුන් නුරුස්සන එකම ජාතිකයෝ ඉන්නේ ලංකාවේ . එයට හේතුව නුගත් කම (බ)
සිසිර Thursday, 23 July 2015 11:51 AM
වෙනත් ආගම් වලට ගරහන්නේ පිස්සෝ (බ)
මංගල Thursday, 23 July 2015 11:48 AM
පහනෝ මගේ මිතුරේ ඔබතුමා හරි දෙවියන් වහන්සේ ලෝකය මැව්වනම් එක රැකබලා ගන්න ඕනේ .දරුවෝ හැදුවට වැඩක් නැහැ රැකබලා ගන්න ඕනේ. (ස)
ලෙෂාන් Thursday, 23 July 2015 11:01 AM
ස්වර්වබලධාරී දෙවියන් වහන්සේට යාඥා කරලා බැරිවෙයිද මුකුත් කරගන්න ඕකට ? (බ)
දුමින්ද Thursday, 23 July 2015 10:52 AM
රුක් සිටුවීම නව-වන උයන් සැදීම දිවා රෑ පින් සිදුවන දේ වේ. (ර)
පහන් Thursday, 23 July 2015 10:42 AM
හේතුඵල දහමක් ඉගෙන ගත්තු මට ඔය සර්ව බලධාරී දෙවියන් තේරෙන්නේ නැහැ .බුදුහාමුදරුවෝ කලනුරුපව මිනිසා ඇතිවුයේ කෙසේද සහ ලෝකය බිහිවුයේ කෙසේද චක්‍රාවාට අනන්ත ප්‍රමාණයක් ඇති බව ,විවිධ ජීවින් විශ්වයේ ජිවත්වන බව ඝහ වස්තු ගින්නෙන් දැවියන බව කොටින්ම පෘතුවි ගෝලය ගින්නෙන් දැවියන බව ඇතුළු කාරණා රාශියක් නවීන විද්‍යාව ට පෙර බුදුහාමුදුරුවෝ අග්ගඤ්ඤ සූත්‍රයේ කියලා තියනවා .ඉතින් මම කලාම සුත්‍රයත් කියවලා තියනවා .ඔන්න තේරෙන අයට තේරේවි .බුදුදහම තම තමන්ගේ නැණ පමණින් වටහා ගතයුතු දහමක් . (ර)
සහන` Thursday, 23 July 2015 10:10 AM
පහන්, ආගම විහිලුවට ගන්න එපා. (ර)