අභ්‍යාවකාශයට යැවුණු චන්ද්‍රිකා 2 ක් වැරදි කක්ෂ වලට ඇතුළුවී තිබීම නිසාවෙන් යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය මේ දිනවල මහත් අකරතැබ්බයකට මුහුණදී සිටී.
එජන්සිය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති ‘‘ගැලීලියෝ‘‘ නම් චන්ද්‍රිකා ආධාරයෙන් තමන් සිටිනා තැන සොයාගත හැකි පද්දතියකට මෙම චන්ද්‍රිකා 2 අයත් බව සදහන්ය.
දැනට මෙවන් පද්දතියකට හිමිකම් කියන්නේ ඇමරිකාව පමණකි.‘‘ජීපීඑස්‘‘යැයි අප සියලූ දෙනා හොදින් දැන හඳුනාගෙන සිටින්නේ එම පද්දතියයි.
ජීපීඑස් පද්දතියට තරඟයක් දීමට යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය ‘‘ගැලීලියෝ‘‘පද්දතිය කරළියට ගෙන ඒමට සැරසුණද සියල්ල ලත් තැනම ලොප් වී ඇති සෙයක් පෙනේ.
චන්ද්‍රිකා 2 හි ඇති මෝටර් වලින් ඒවා නියම කක්ෂයට ගෙන ආ හැකිදැයි මේ දිනවල සොයා බැලෙමින් පවතින අතර එසේ කිරීමට නොහැකි වුවහොත් පද්දතිය ක්‍රියාත්මක කිරීම තවත් කල් දැමීමට සිදුවනු ඇතැයි ඒජන්සි ආරංචි මාර්ග කියයි.
දැනට සොයාගෙන ඇති ආකාරයට චන්ද්‍රිකා 2 අභ්‍යාවකාශයට ගෙන ගිය රොකට්ටුව අවසානයේ ඒවායින් වෙන්වන අවස්ථාවේ සිදුවූ දෝෂයකින් මෙසේ ඒවා වැරදි කක්ෂ වලට ඇතුල්වී තිබේ.
2020 වන විටදී ගැලීලියෝ පද්දතිය ක්‍රියාත්මක කරවීමට යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය සැළසුම් කරගෙන සිටී.දැනට පවතින ජීපීඑස් පද්දතියට වඩා බොහෝ සෙයින් දියුණු තාක්ෂණයන් මෙම ව්‍යාපෘතිය සදහා භාවිතා කෙරී ඇතැයි පැවසේ.
දැනටමත් 2011 වසරේ 2 කුත්, 2012 වසරේ 2 කුත්, ලෙස ගැලීලියෝ පද්දතියට අයත් චන්ද්‍රිකා 4 ක් කක්ෂ ගත කිරීමට ඒජන්සිය සමත්ව ඇති අතර මුළු පද්දතියම මෙසේ අභ්‍යාවකාශයට යැවෙන චන්ද්‍රිකා 30 කින් සමත්විත වන බව සදහන්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චන්ද්‍රිකා දෙක වැරැදි පාරේ
ජයාත් Monday, 25 August 2014 06:47 AM
එයාලගේ දෙකක් වැරදි පාරේ ගිහින්! අපට තිබුන එකම එකත් ගියේ වැරදි පාරක නොවැ. නැත්නම් අද අපට මෙහෙම වෙයිද? (නි)
චන්ද්‍ර වීරසිංහ Monday, 25 August 2014 07:02 AM
අපේ චන්ද්‍රිකා නම් කක්ෂයෙන් පමණක් නොව අන් සියල්ලගෙන්මත් අයින්වී ඇත. (නි)
පිටබැද්දර ජයා Monday, 25 August 2014 01:16 PM
අපේ චන්ද්‍රිකාවට නම් වැරදුන කියල නම් යන්තන් දැනිල එ්ත් මේ තාම හොයනවා නිවැරදිව කක්ෂ ගත වෙන්නේ කොහොමද කියල , බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල ?(අ)