ඛේදජනක අවසානයක් ළඟාවූ යුක්රේනයේ චර්නොබිල් භූමිය අද දිනය සතුන්ට අභය භූමියක් බවට පත්ව තිබේ.
පර්යේෂකයන් භූමියේ තැන්තැන්හි අටවා තිබෙන කැමරාවලට වෘකයින් නරියන් හා හාවුන් වැනි සතුන් හසුවන අතර මෑතකදී වළසෙකු ද හසුවිය.එම වළසා වසර 100 කට පමණ පසු චර්නොබිල් භූමියෙන් දැකගත හැකිවූ පළමු වළසා බව පැවසේ.
විකිරණශීලී පරිසර තත්ත්වයන් මිනිසාට හා සතුන්ට කෙසේ බලපාන්නේදැයි සොයාගැනීමට මෙම සතුන් නිරීක්ෂණය කිරීමෙන් ලබාගන්නා දත්ත යොදාගැනීමට පර්යේෂකයින් කටයුතු කරමින් සිටී. පෙනෙනා ලෙසට නම් සතුන් පරිසරයට හොඳින් අනුගත වෙමින් සිටින බව ඔවුහු පවසති.
චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරෙයේ සේවය කළෝ තමන්ගේ පවුලේ උදවිය හා පදිංචිව සිටියේද එය ආසන්නයේ ඉදිකෙරුණු නිවාස වලය.චර්නොබිල් යනු න්‍යෂ්ඨික බලාගාරයක් වටා පිහිටුවා තිබූ ජනාවාසක් වුනි.
1986 වසරේදී න්‍යෂ්ඨික බලාගාරයේ වූ පිපිරීමෙන් ප‍්‍රදේශය මත තැන්පත් වූ විකිරණශීලී පතනය නිසා චර්නොබිල් මිනිස් වාසයට නුසුදුසු යැයි වර්ග කෙරුණි. ලක්ෂයක පමණ දෙනා වෙනත් ස්ථානයන්හි පදිංචි කරවුනු අතර ලක්ෂ 5 ක පමණ සහන සේවකයෝ හා ඉංජිනේරුවෝ විකිරණශීලී ද්‍රව්‍ය ලොව පුරා පැතිර යෑමට ඉඩ නොදී ඒවා චර්නොබිල් භූමියේම රැඳවීමට පියවර ගත්හ. මේ කටයුතු සදහා වැයව තිබෙන වියදම පවුම් ලක්ෂ 180 ක් පමණ වන බව සඳහන්ය.
වසර ගණනාවක් ගතව ඇතත් චර්නොබිල් තවමත් මිනිස් වාසයට සුදුසු නැත. පරිසරයේ විකිරණශීලී ස්වභාවය තවමත් ඉහළය.
මිනිසා එවන් විකිරණශීලී පරිසරයකට නිරාවරණය වුවහොත් පිළිකා,වද භාවය,අංගවිකල දරුවන් වැනි නොයෙකුත් සංකූලතා වලින් පෙළෙනු ඇති බව විශේෂඥයෝ පවසති.
නමුත් චර්නොබිල් භූමියේ සරනා සතුන්ට එවැනි තර්ජනයක් නොමැති බව පෙනෙන්නට ඇත.මිනිස් පහසක් නොමැති තැන අන් කිසිදු ආකාරයක අන්තරායක් තිබුණත් තමන්ට ගණනක් නැතැයි සිතා ඔවුන් හැසිරෙන සෙයක් පෙනේ.
මේ විපර්යාසය සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු කිරීම පර්යේෂකයින්ගේ අරමුණයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චර්නොබිල් අද නරි ගමක්
සනත් Wednesday, 03 December 2014 03:53 AM
ලොකු අය කරන වැරදි වලට අනාගත පරම්පරාවල් වන්දි ගෙවනවා.දැන්වත් මේ මෝඩ යුද්ධ නවත්වන්න මේ අය හිතන්නේ නැත්තේ ඇයි මන්දා? (නි)
ලංකා Wednesday, 03 December 2014 08:21 AM
ලංකාවෙත් ඔහොම තැනක් තිබුනා නම් අහිංසක සතුන්ට නිදහසේ ඉන්න තිබුණා (නි)