පසුගිය වසරේ පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගත් සමාජවාදී නායක චාවේස් යළිත් වරක් ජනපති ධුරයේ දිවුරුම් දීම දින කිහිපයක් ප්‍රමාද වනු ඇතැයි වෙනිසියුලානු උප ජනපති නිකලස් මුඩුරෝ පවසයි.
1999 වසරේ සිට බලයේ රැඳී සිටින 58 හැවිරිදි චාවේස් තවත් සය අවුරුදු ධුර කාලයක් සඳහා දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන 10 වැනිදාය.
එහෙත් පිළිකාවකින් පීඩා විදින ඔහු පසුගියදා කියුබාවේ හවානා නුවරදී අවදානම් සැත්කමකට භාජන විය. සැත්කමින් පසු, ඔහු අසාධ්‍ය තත්ත්වයක පසුවන බවත්, ස්වසන අපහසුවකින් පෙළීම නිසා ඔහු ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ කර සිටින බවත් වෙනිසියුලා රජය වැඩි දුරටත් පවසා ඇත.
සැත්කමින් පසු චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වයේ සැබෑ තොරතුරු රහසක් ලෙස තබා ගැනීමටත්, ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පැවැසීමටත් වෙනිසියුලා රජය කටයුතු කළේය.
එහෙත් විදෙස් මාධ්‍යවල සඳහන් වූයේ චාවේස්ගේ තත්ත්වය බරපතළ බවය. ඒ අනුව වෙනිසියුලානු ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ප්රජාතන්ත්රවාදී එක්සත් සන්ධානය දිගින් දිගටම රජයට බලකරන්නට වූයේ චාවේස්ගේ සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙසටය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චාවේස් දිවුරුම් දීම පමාවෙයි
සිල්වා Tuesday, 08 January 2013 04:39 AM
ලෝක බලවතා යැයි කියාගන්නා ඇමරිකාව, තඹයකටවත් ගණන් නොගන්නා,එම කලාපය තුළම සිටින නායකයානෙනි, ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)