චීනයේ ප්‍රථම සඳ ගවේෂක රොබෝ රෝවරය අද (2) දිනයේදී සඳ මතට යන ගමන ආරම්භ කිරීමට නියමිතය.
මෙය වසර 40 කට පසු සඳ මතට යැවෙන ප්‍රථම රොබෝ රෝවරයයි.චීන ජන කතා වල එන ‘යුටු‘ නම් සාවෙකුගේ නමින් මෙම රොබෝ රෝවරය නම් කර තිබේ.රෝවරයට නම් තබා ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ කළ මත විමසුමකින් පසු වන අතර යුටු නමට වැඩිම කැමැත්ත ප්‍රකාශ වී තිබී ඇත.
රොබෝ රෝවරය සඳ මතට ගොඩබැස්වීම චීනය ක්‍රියාත්මක කිරීමට නියමිත සඳ මත ජනාවාස තැනීමේ වැඩසටහනක මුල් පියවරයි. මෙම ජනාවාස මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස භාවිතා කරමින් ඉදිරි වසර 15 ඇතුළතදී අගහරු ග්‍රහයා මත ගවේෂණ ඇරඹීමට චීනය බලාපොරොත්තුවෙන් සිටින බව සදහන්ය.
‘යුටු‘ රොබෝ රෝවරය සඳේ ‘සයිනස් ඉරිඩම්‘ හෙවත් ‘දේදුනු බොක්ක‘ ආවාටය අසළින් ගොඩබැස්වීමට සැළසුම් කර ඇත.පෘථීවි දින 90 ක් පුරා සඳ මත සරමින් තොරතුරු එක්රැස් කර ගැනීමේ කාර්යයේ ‘යුටු‘ රොබෝ රෝවරය යෙදෙනු ඇත. සඳ මතුපිට මෙන්ම අභ්‍යන්තරයේත් ඡායාරූපයන් ගැනීම ‘යුටු‘ සතු වන රාජකාරියයි.
මින් පෙර අභ්‍යාවකාශයට ගගනගාමීන්, චන්ද්‍රිකා ආදිය යවා පළපුරුදු චීනය සද ජය ගැනීමට සැරසෙන්නේ ප්‍රථම වතාවටය. මෙම කර්තව්‍යයේදී යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියත් චීනය හා අත්වැල් බැදගෙන සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීන ගාටා හඳේ හාවා සොයා යයි
සිල්වා Monday, 02 December 2013 02:15 PM
යමක් කල හැක්කේ බටහිරයන්ට පමණයි යන මතය අප රට ඇතුලු බොහෝ ආසියාතික සමහර බටහිර ගැත්තන්හට මෙය කදිම නිදසුනකි.චීනය ගැන නිතරම බොරු ප්‍රචාර පතුරවා හැර මිනිසුන් මුලාකිරීම හැම මොහොතකම සිදුවෙයි.එවන් පසුබිමක් තුල මෙය ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියවකි.(බලන් ගැත්තනි, බටහිරයන් චීනාගේ වල්ගයේ එල්ලී සිටින හැටි) (ස)
සංජීව Monday, 02 December 2013 06:26 PM
සඳ මතුපිටදී අභ්‍යාවකාශයට විවෘත වන ගගනගාමීන්ට සුර්යාගෙන් එල්ලවෙන ප්‍රබල විකිරණ වලට මුහුණ දිය හැකි (දැනට ගගනගාමීන් පාවිච්චි කරන මිලිමීටර් කිහිපයක ඝනකම ඇති) අභ්‍යාවකාශ ඇදුම් වලට කිසිම හැකියාවක් නැති බව බොහෝ විද්‍යාඥයන් විසින් දැනට පෙන්වාදී තිබෙනවා.සඳට ගිය බව කෙසේවෙතත් සඳෙහි සිට නැවත ජීවග්‍රහයෙන් පැමිණීම සදට යාමටත් වඩා ඉතා භයානක බවද ඒ සමගම ඔවුන් පෙන්නා දී තිබෙනවා. (නි)
මධු Monday, 02 December 2013 11:32 PM
චීන්නු කොහේද යන්නෙ නැත්තේ? (නි)
ද සිල්වා Wednesday, 04 December 2013 12:33 AM
මේකට තමයි කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා. කෝටි ගණනාවක චීන ජාතිකයන් ජීවත්වෙන්නේ හාමතේ. ආණ්ඩුව යනවා හදේ හාවෝ අල්ලන්න (නි)