ලෝක උරුමයක්වන චීන මහා ප්‍රාකාරයෙන් සියයට 30ක පමණ ප්‍රමාණයක් අහිතකර ස්වභාවික තත්ත්වයන් හා මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශවී යමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
චීන මහා ප්‍රාකාරය නොකැඩුණු තනි ආකෘතියක් නොවේ. කිලෝ මීටර 21195ක් පුරා පැති ඇති මෙය චීනයේ නැගෙනහිර වෙරළ තීරයේ ෂැංහයිගුඅන් සිට ගෝබි කාන්තාරය දක්වා පැතිර ඇත.
එරට බලධාරීන් පවසන්නේ ප්‍රාකාරයෙන් කිලෝ මීටර 9000ක පමණ ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින බවයි. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී ඉදිකිරීම් ආරම්භ කළ එහි කිලෝ මීටර 6300ට වැඩි කොටසක් ගොඩනගා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1368 ත් 1644ත් අතර මිංග් රාජ වංශය කාලයේ දී ය. ඒ චීනයේ බීජිං අගනුවරට නැගෙනහිරින් ඇති කොටසයි.
බීජිං ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ චින මහා ප්‍රාකාරයෙන් කිලෝ මීටර 1862ක් දැනටමත් විනාශ වී ඇති බවයි. ඇතැම් ඉදිකිරීම් වැසි හා සුළං තත්ත්වයන් හේතුවෙන් විනාශ වී ඇතැයි ද බිත්තිමත ගස් වැවීමෙන් විශාල හානියක් සිදුවන්නේ යැයි ද එම පුවත් සේවය පවසයි.
චීන මහා ප්‍රාකාර සංගමයේ උප සභාපති ඩොන් යවොහුයි බීජින් ටයිම්ස් පුවත්පතට මෙසේ කියා ඇත.
" මෙම ප්රාකාරයේ බොහෝ කුළුනු තදින් සෙලවෙමින් පවතිනවා. ඒ වගේ ම ඉදිරි වර්ෂා කාලයේ දී මේ කොටස් කඩා වැටෙන්න ඉඩ තිබෙනවා. මෙය ලෝකයේ මානවයන් විසින් කරන ලද දිගම ඉදිකිරීමයි. එය මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ම විනාශ වී යාම ඛේදජනකයි. “
චීනයේ නැගෙනහිර පළාතේ පිහිටි හුබේ හි ලුලොන් දිස්ත්‍රික්කයේ ඇතැම් දුප්පත් ගැමියන් මෙහි ඇති පිලිස්සුණු ඝනකම ගඩොල් ගලවාගෙන ගොස් තම නිවාස සෑදීමට යොදාගෙන ඇතැයි ද ඔහු පවසයි.
චීන අකුරු කොටා ඇති ගල් පතුරු යුආන් 30 ගණනේ එනම් ඇමරිකානු ඩොලර් 4.80 ගණනේ විකිණන බවත් හෙලිවි ඇත.
චීන රජයට අයත් ග්ලෝබල් ටයිම්ස් පුවත් පත වාර්තා කලේ එරට නීති රිති වලට අනුව චීන මහා ප්රාකාරයේ ගඩොලක් ලගතබා ගන්නා පුද්ගලයෙකුගෙන් යුආන් 5000 ක් දඩ ගැසිමට හැකියාව පවතින බවයි. නීති ක්‍රියාවට නැංවීම සඳහා විශේෂිත වූ ආයතනයක් නොමැති වීම මෙය පාලනය කිරීමට ඇති ප්‍රධාන ගැටළුවකි.
තව දුරටත් මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ චීන මහා ප්රාකාරයේ සංවර්ධනය නොවු ප්‍රදේශ ගවේෂණය කිරිම විනෝද ක්‍රියාවක් ලෙස මැත කාලයේ ජනප්‍රිය විමේ හේතුවෙන්ද ප්රාකාරයට බලවත් ලෙස හානි පැමිණ ඇති බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීන මහා ප්‍රාකාරයත් අනතුරේ
චාමි Saturday, 11 July 2015 03:16 AM
සැම දෙයක්ම කවදා හෝ නැතිවෙනවා. සදාකාලික දෙයක් කොහෙවත් නෑ.(නදී)
කරුණාරත්න Saturday, 11 July 2015 06:05 PM
අපරාදේ මේ ලෝක උරුමය! (නි)
සන්ධ්‍යා Sunday, 12 July 2015 07:16 AM
ඔය චීන බඩු ඔහොම තමා. බාල ගඩොල් වලින් වෙන්න ඇති හදල තියෙන්නේ. අහල නැතිද චිනේ ඔක්කොම බාල බඩු කියල. (බ)
කමල් Sunday, 12 July 2015 10:35 AM
චීන බඩුවක් මෙච්චරකල් තිබුන එක තමා ප්‍රශ්නේ (බ)
ටොම් Monday, 13 July 2015 12:22 PM
මෙවන් උරුමයන් රැකගන්න ඉක්මණින් කටයුතු කළයුතුයි නේද? (නි)
පිටබැද්දර ජයා Tuesday, 14 July 2015 08:22 AM
චිනේ හදපු මෙතුවක් කල් රැකුණා පුදුමයක් වුණා සංසාරේ සංසාරේ (ම)
වසන්ත Tuesday, 14 July 2015 08:36 AM
චීනය ගැන අඩු තක්සේරු කරන්න එපා. අපට බාල බඩුවක්වක් / ඉදිකටුවක්වත් හදාගන්න හැතිද. ඔවුන් දැන් තත්ත්වය ගැන සිතනවා මම චීනයට ගිහින් දැකලා තියන නිසායි කියන්නේ අද අැමරිකාවත් චීනයට ණයයි/ බයයි අප ළංකර ගත යුතු හොඳම රට (බ)
ලොසත් බානුල Saturday, 07 August 2021 05:46 PM
මම මේ පිටුවෙන් ගොඩක් දැනුම ගත්තා...