චීනයේ ජනගහණ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙතෙක් උපත් ලියාපදිංචි නොකළ ලක්ෂ 130ක පිරිසකට ලියාපදිංචිය හා පුරවැසි වරප්‍රසාද ලබාදෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ලොව ජනගහණය වැඩිම රට වූ චීනයේ ජනගහණය අඩු කිරීමේ අවශ්‍යතාව අනුව එක් පවුලකට එක් දරුවකු යන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිණි. යුවළකට එක් දරුවකුට වඩා උපත ලැබුවහොත් එලෙස උපත ලබන දරුවන් වෙනුවෙන් රජයට දඩ මුදලක් ගෙවා දරු උපත ලියාපදිංචි කිරීම නීතිය විය. පවුලේ එක් දරුවකුට වඩා උපත ලැබූ විට ග්‍රාමීය චීන දෙමාපියන් වැඩි පිරිසක් එවැනි දරුවන් ලියාපදිංචි කිරීමට කටයුතු කළේ නැත. ඒ අනුව චීන රජය පවසන්නේ මෙලෙස උපත ලැබූ දරුවන් ලක්ෂ 130ක් එරට සිටින බවයි.
ලියාපදිංචි නොවූ එම දරුවන්ට මූළික සෞඛ්‍ය පහසුකම් ලැබී නැත. පාසලක ඉගෙනුම ලැබිමේ අයිතිය ද අහිමිය.
නමුත් චීන ජනාධිපති ෂි ජින්පින් නිවේදනය කළේ චීනයේ මතබේදයට තුඩුදුන් ජනගහණ ප්‍රතිපත්තිය අවසන් කරන බවයි. දැනට ලියාපදිංචි නොවූ දරුවන් ද ඉදිරි කාලයේ දී ලියාපදිංචි කිරීමට චීන රජය සැරසෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීනය ජනගහණ ප්‍රතිපත්තිය නවතයි
සමන් Sunday, 13 December 2015 01:36 AM
හොඳ වැඩක්. එහෙම කරලත් චීනයට ජනගහණය වැඩිවීම නවත්වන්න බැරිවුණානේ. ළමයින් එකට සීමා කිරීම අනික් ජනගහණය වැඩි රටවලත් කරන්න ඕනෑ (නි)
දල්පදාදු Sunday, 13 December 2015 10:08 AM
සමන්ට ළමයි නැහැ කියලා අනෙක් අයත් එක්ක ඊර්සියා. කරනවා වාගෙයි. (ස)
සුනිල් Sunday, 13 December 2015 10:34 AM
කාලෝචිත පියවරක්. (නි)
කින් බෙනට් Sunday, 13 December 2015 06:07 PM
ලෝකයේ ඕනෑම රටක ළමයින් වැඩියෙන්ම ඉන්නේ දුප්පත් පවුල් වලයි. ඉතින් ඊටපස්සේ මුළු පවුලම තව තවත් අමාරුවේ වැටෙනවා. ඕකටයි පිළියමක් දෙන්න ඕනෑ. බලන්න ලෝකයේ ඕනෑම රටක මාසෙකට රුපියල් වලින් ලක්ෂ 5කට වඩා ආදායම් ලබන පවුල් වලින් කීයෙන් කීයකටද ළමයින් 3 කට වඩා ඉන්නේ? අපේ අල්ලපු ගෙදර ඉන්න ඇන්ටනීගේ රස්සාව පොල් කැඩීම. ගෙදර ළමයි 6 දෙනයි. හැබැයි හැමදාම හැන්දෑවට බීගෙන ඇවිල්ලා ළමයින්ට කෑගහනවා. (නි)
කුමුදු Sunday, 13 December 2015 06:58 PM
සමන්, අනිත් රටවල් ගැන කතා කරන්න පෙර අපේ රටේ ක්‍රමයෙන් අඩුවීගෙන යන සිංහල ජාතිය ගැන කතා කරන්න. අනෙකුත් ජාතින් තම තමන්ගේ ජාතින් වර්ධනය කරගෙන යන හැටි ඔබට පෙනෙන්නේ නැද්ද? (නි)
රූපසිංහ Sunday, 13 December 2015 11:51 PM
ඕක අපේ රටටත් අවශ්‍යයි. (නි)
සමන් - ඕස්ට්‍රේලියා Monday, 14 December 2015 01:29 AM
මට ළමයි දෙන්නෙක් ඉන්නවා. තමන්ට කන්න අඳින්න, උගන්වන්න බැරි තරමට ළමයි හදලා ඒ ළමයි රටට බරක් කරන එක හොඳ නැහැ. (නි)
ඉන්දික Monday, 14 December 2015 08:04 AM
සමන් - ඕස්ට්‍රේලියා, ඔබගේ අදහස හරිම ප්‍රායෝගිකයි. ලෝක ජනගහනය වැඩි වෙලා සම්පත් මදි වෙලා. (ම)