බි‍්‍රතාන්‍යයේ සහ ඇමරිකාවේ ඉලක්ක වලට පවා ප‍්‍රහාර එල්ල කළ හැකි නව බැලස්ටික් මිසයිලයක් පසුගියදා චීනය අත්හදා බලා ඇති බව වාර්තා වේ.
ඩොන්ග්ෆෙන්ග් 41 ලෙස නම් කර ඇති මෙම මිසයිලය සැතපුම් 8700 ක පමණ දුරින් ඇති ඉලක්කයක් වෙත එල්ල කළ හැකි බව සඳහන්ය.එහි න්‍යෂ්ඨික මිසයිල ශීර්ෂ (වෝර්හෙඞ්) 10 ක් එකවර ප‍්‍රවාහනය කළ හැකි බවද පැවසේ.
තවත් මහාද්වීපයකට පහර එල්ල කළ හැකි මෙවන් අන්තර්මහාද්වීපික මිසයිලයක් අත්හදා බැලීම ගැන ඇමරිකාව චීනයට දොස් පවරා ඇති බවද අත්හදා බැලීම් කිරීමට තමන්ට අයිතිය ඇත යැයි පවසමින් චීනය ඊට පිළිතුරු දී ඇති බවද වාර්තා වේ.
විද්‍යාත්මක පරීක්ෂණ කිරීමට තමන්ට අයිතිය ඇති බවත්,මෙම මිසයිල අත්හදා බැලීම කිසිදු රටක් හෝ ජාතියක් ඉලක්ක කර සිදුකෙරුණක් නොවන බවත් චීනයේ ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ දැක්වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීනය මිසයිලයක් අත්හදා බලයි
මනෝජ් Friday, 22 April 2016 06:54 PM
අනෙක් රටවල් දිනෙන් දින දියුණු වෙනවා. අපි? (නි)
කස්තුරි Saturday, 23 April 2016 05:36 AM
මනෝජ්, ඇයි අපි එයාලට දියුණු වෙන්න පාර කපාදෙන එක මදිද? (නි)
සංජීව Saturday, 23 April 2016 07:00 AM
ඔක්කොම බලාගෙන ගියාම ඇමරිකාවට විතරද කරන්න පුළුවන්? (නි)
විදානේ Saturday, 23 April 2016 07:07 AM
අපිත් රොකට් එකක් යැවුවනේ (නි)
රිචි බාලසුරිය Saturday, 23 April 2016 10:29 AM
ඕවා අපි හදන්න මහන්සි වෙන්න ඕනෑ නැහැ. දියුණුව කියන්නේ මිසයිල හදන එකම නෙමෙයි මනෝජ් මහත්තයෝ (නි)
චාමර Saturday, 23 April 2016 03:56 PM
ඔව්..ඔව්..රිචි බාලසුරිය, දියුණුව කියන්නේ අනුන් හදන එක සල්ලි දීලා ගන්න එක තමයි (නි)
කරු Saturday, 23 April 2016 06:04 PM
මොනවද මේකේ අත්හදා බල බලා ඉන්නේ? (නි)
නාමල් - නිව් යෝර්ක් Sunday, 24 April 2016 03:40 PM
මේවා ඇමරිකාව මීට දසක ගණනාවකට කලින් ලබාගත් තාක්ෂණය.. චීනය කියන්නේ ඒකාධිපති රාජ්‍යක්, ජනතා කැමැත්ත නොවිමසා චීන කොමියුනිස්ට් පක්ෂයට කැමති ඕනෑම දෙයක් කරන්න පුළුවන්, ඇමරිකාව, යුරෝපය, ද.කොරියාව , ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් චීනය සන්නද්ධ වනවාට අකමැති ඒකයි. (ර)
නලින් යහම්පත් Sunday, 24 April 2016 03:58 PM
නාමල් නිව්යෝර්ක්, චීනය ගැන නොදැන අවතක්සේරු කරන්න එපා. ඇමරිකාවේ වාගේ සංදර්ශන නැහැ චීනයේ... (ර)
ඩිලාන් Monday, 25 April 2016 12:19 AM
මේ මිසයිලයෙන් බ්‍රිතාන්‍යයට හා ඇමෙරිකාවට මිස රුසියාව වගේ රටවලට පහරදෙන්න බැරිද? (නි)
නිමල් Monday, 25 April 2016 04:17 AM
අයියෝ ඩිලාන් රුසියාව චීනෙට අල්ලපු රටනේද? මිසයිල ඕනේ නැහ කැටපෝලෙකින් විදින්න පුළුවන්.ලෝක සිතියම බලන්නකෝ (බ)
විජේ Monday, 25 April 2016 05:07 AM
මිනිස්සු මරන්න මොන ආයුද හැදුවත්, කවුරු හැදුවත් වැරදි වැරදි වැරදි, මට හිතෙන විදියට ඇමරිකාවට ඕන දෙයක් හදන්න පුළුවන්, (ම)
කළුආරච්චි Tuesday, 26 April 2016 03:04 PM
අපිත් මිසයිලයක් යවන්න ඉන්නේ.(හේ)