චීනයේ සමලිංගික විවාහ තහනම් කරමින් එරට උසාවියක් නියෝගයක් නිකුත් කර තිබේ.
චැන්ග්ෂා නගරයේ වෙන්ලින්(27) සහ මින්ග්ලෑන්(37) නම් පිරිමි යුවළ සිය විවාහය ලියාපදිංචි කිරීම සදහා අයදුම් කර ඇති අතර එය ප්‍රතික්ෂේප වී තිබේ. ඉන්පසු එයට විරුද්ධව බලධාරීන්ට එරෙහිව නඩු පවරා තිබේ. එම නඩුවේ අවසන් තීන්දුව ලෙස එම තීරණය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම චීනයේ මෙවන් නඩුවක් අධිකරණයකදී විභාගයට ගැනුණු ප්‍රථම අවස්ථාව මෙය බව එරට මාධ්‍ය සදහන් කරයි. ඔවුන් දෙදෙනාට සහය පළ කිරීමට බොහෝ පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටියහ.
චීනයේ එවන් ගැටළු උග්‍ර වෙමින් පවතින බව වාර්තා වේ. එමෙන්ම චීනයේ රුපවාහිනී වල සමලිංගික දර්ශන පෙන්වීම ද තහනම් කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීනයේ සම ලිංගික විවාහ තහනම් කරයි
නාමල් - නිව්යෝර්ක් Friday, 15 April 2016 01:45 AM
රවී, දන්නා දෙයක් කතාකරන්න. ඒඩ්ස් වැනි සමාජ රෝග විෂම ලිංගික හැසිරීම් වලින් වුණත් ඇතිවෙනවා. රූපසිංහ, සමලිංගිකත්වය ජානමය වෙනස්කමක් මිස රෝගයක් නෙමෙයි කියලා හොයාගත්තේ මීට අවුරුදු 25-30 කලින්. ඔබ වගේ අයගේ අදහස් වලින් පෙනෙන්නේ මේ රටේ ලිංගික අධ්‍යාපනයේ අසාර්ථකත්වය පමණයි (නි)
තිවංක Friday, 13 May 2016 05:17 AM
හරි දේ හරි. වැරදි දේ වැරදියි. සමලිංගිකත්වය හොඳ දෙයක් කියලා මම හිතන්නේ නැහැ (නි)
නිමාෂි Monday, 18 April 2016 08:48 AM
තාක්ෂණය දියුණුවීමත් එක්ක මිනිසුන්ගේ මනසත් අලුත්වෙලා. ඒ නිසා මේ වගේ දේවල් ලෝකයේ සිද්ධවෙනවා. (නි)
බර්නාඩ් Sunday, 17 April 2016 06:50 AM
ජනගහනය කොටිගන්නක් ඉන්නා චීනයේ එහෙම කලාට ලංකාවේ එහෙම කරන්න බෑ (අ)
පේදුරු Sunday, 17 April 2016 12:07 AM
ලංකාවේ මිනිසුන්ගේ මෝඩකම මේ අදහස් වලින්ම පේනවා. මිනිස්සු හැමෝම එක බව තේරුම් ගන්න, ගරු කරන්න ඔලුවක් මේ කපේදී එන්නේ නැහැ. ඒ වුණාට මහා ලොකු බෞද්ධයන්ලු (නි)
තශිරා අබේගුණවර්ධන Saturday, 16 April 2016 11:13 AM
ඔය සමලිංගිකයන්ට අපහාස කරන, ඒවාට විරුද්ධ බොහෝ දෙනෙක්ගේ පාසල් කාලය ගැන රහස් ඇති. සමලිංගික කියනා දෙය අද ලෝකයේ සාමාන්‍ය දෙයක් (නි)
යසපාල Saturday, 16 April 2016 01:18 AM
සමලිංගිකයින් කියන්නේත් අපේ සමාජයේ අපි වගේම මිනිසුන් කොටසක් (නි)
ලලිත් Saturday, 16 April 2016 01:16 AM
මගේ මතය නම්, අපි ලෝක මතයට හිසනමා අපේ රටෙත් සමලිංගික විවාහ නීතිගත කළයුතුයි. ඔය සදාචාරය ගැන කතාකිරීමෙන් වැඩක් නැහැ. (නි)
කුෂාන් Friday, 15 April 2016 05:26 PM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
සෙනෙත් Friday, 15 April 2016 03:02 PM
සියලුම මිනිසුන්ට එකහා සමානව සැළකිය යුතුයි. සෑම මනුෂ්‍යයෙකුටම එක හා සමානව අයිතිවාසිකම් හිමිවිය යුතුයි. කෙනෙකුගේ ලිංගික දිශානතිය මත කෙනෙකුට වෙනස් ලෙස සැළකීම වැරදියි. (නි)
හේවා Friday, 15 April 2016 11:48 AM
රිචී ඒ පිළිබඳව හොඳට දන්නවා වගේ (නි)
සනත් ගුණවර්ධන ස්විස් Friday, 15 April 2016 11:34 AM
නුවන් ඔබ දන්නා දෙයක් නැහැ. අන්තර්ජාලය මඟින් විපරම්කර බලන්න. සමලිංගිකයන් අද ලෝකයේ සියයට 28 කට වඩා වැඩියි. එනිසා එ්කත් දේශපාලනීකරණය වෙලා (නි)
රූපසිංහ Friday, 15 April 2016 09:31 AM
නාමල්, ඔබ කී පරිදි සමලිංගිකත්වය රෝගයක් නොවන බව සමාජාවබෝධයක් ලබූවෙකුට තේරුම් යන සරල කරුණකි. නමුත් එය රෝගයක් තරමටම ව්‍යාප්ත වී ඇත්තේ සන්නිවේදනය නිසාත් මිනිස් අසිමිත ආසාවන් සහ මෝඩකම නිසාත්ය. (නි)
රිචි බාලසුරිය Wednesday, 13 April 2016 05:01 PM
දියුණු රටවල් සහ බටහිර යුරෝපයේ, ඇමරිකාවේ සමලිංගික විවාහ සහ සමලිංගික ක්‍රියා නීතිගත කර තිබේ. එ් අද ලෝකයට අවශ්‍ය දෙයක් සහ ලෝකයේ ජනතාවගෙන් බහුතරයක් සමලිංගිකයන් නිසාය. ඔවුන්ට වන අසාධාරනය වළක්වාලීමට එය එසේ වියයුතුය යන්නයි මගේ අදහස. ලංකාවේ වුවත් සමලිංගික විවාහ සහ ඇසුර නීතිගත කළයුතුය කියා මම සිතනවා (නි)
නලින් Friday, 15 April 2016 12:32 AM
මිනිස්සු මේ වගේ අසහනාකාරී දේවල්වලට පෙළඹෙන්නේ ඉහළයන ජීවන වියදම දරාගැනීමට නොහැකි නිසා ඇතිවන මානසික ආතතියෙන්. ලංකාවේ ඉක්මනින් බඩු මිල පහත හෙළීමට කටයුතු කරනමෙන් ඉල්ලා සිටිනවා. (නි)
සේරම් පැරිස් Thursday, 14 April 2016 07:18 PM
නුවන්, යුරෝපයේ රටවල සතුන් සමඟ සංවාසය නීතිගත කරන්න කියා දෙයක් කොහෙවත් සිදුවුයේ නැහැ. එහෙත් ලංකාවේ නම් ඔහොම දේවල් හොර රහසේ සිදුවන බව ලාංකික බහුතරයන් දන්නවා. එපමණක් නොව ලංකාවේ සමලිංගිකයන් ප්‍රමාණයද ඉතා ඉහළ බව කවුරුත් දන්නා රහසක්. ඒ වාගේම ලංකාව අවුරුදු 80 පැනපු වයසක අම්මලාටත් බලහත්කාරකම් කරන අමනුස්ස තිරිසන් මිනිසුන් ඉන්නා රටක් බව දිනපතා මම පුවත්පත් වලින් දැක තියෙනවා. තමාගේ වැරැද්ද වහගන්නට යුරෝපයට බොරුවට ඇඟිල්ල දික්කරන්න කලින් තමා ඉන්නා රටේ සිදුවන දේවල් විමසිල්ලෙන් බලන්න (නි)
රවී Thursday, 14 April 2016 02:54 PM
සම ලිංගිකයන් මගින් ඒඩ්ස් රෝගය බෝවෙනවා පමණක් නොව පැතිරීමද සිදුවෙනවා මෙම පුරුද්ද තියන අය ළඟ ඉතා අප්‍රසන්න දුගදක් තිබනවා එම නිසා සමාජයේ පිළිකුලට භාජනය වෙනවා (බ)
නුවන් Thursday, 14 April 2016 02:50 PM
රිචි බාලසුරිය,යුරෝපයේ රටක සතුන් සමග සංවාසය නීතිගත කරන්න කියල ඉල්ලුව නමුත් ලැබුනේ නැහැ! දැන් අපි එකත් ලංකාවේ කරන්න බලමුද? (බ)
රූපසිංහ Thursday, 14 April 2016 10:55 AM
සිග්මන් ප්‍රොයිඩ් නමැති මනෝ විශේෂඥයාගේ මතයට අනුව නම් ආදරය නමැති හැඟීම ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ හැඟීම් නිසා සාමාන්‍ය මනුෂ්‍යයා තුළ හටගැනෙන මනෝමය තත්වයකි. සරලව කිවුවොත් ආදරය යනු ගැහැණු සහ පිරිමින් තුල ලිංගික හැඟීම් නිසා හටගැනෙන්නකි. එසේම විකෘති කාමුක හැඟීම් පාලනය වී තිබෙන්නේ අපි විසින් ඇතිකරගෙන තිබෙන සංස්කෘතියක් නිසා නොවේද? මෙවැනි පාලනයක් මිනිසාට අනවශ්‍ය යැයි කියන්නේ එවැනි විකෘති කාමුකයන්ම නොවේද? ඕනෑම ආයතනයකට, සමාජයකට හෝ රටකට පාලනයක් අවශ්‍ය නොවේද? සමලිංගිකත්වයට බොහෝ දෙනෙකු අකමැති සමාජය විනාශ මුඛය කරා ගෙනයන නිසාය. සමලිංගිකත්වයට අපි සියලු දෙනා විරුද්ධ වියයුතුයි. (නි)
නුවන් Thursday, 14 April 2016 10:51 AM
රිචි බාලසුරිය, සමලිංගිකයන් ලෝක ජනගහණයෙන් 10% ක්වත් නැහැ (නි)
හිමාල් Thursday, 14 April 2016 07:25 AM
සම්මතය කියන්නේ භාවිතයේ තිබෙන දෙයක්. ඉස්සර එක ගෙයි කෑම සම්මතයක්. අද එහෙම නැහැ. යම් දිනෙක අද අසම්මත කියන දේ සම්මතයන් වෙන්න පුළුවන්. (නි)
ඉන්දු Thursday, 14 April 2016 06:39 AM
ඒ ගැන සැකසංකා ඇති කරගන්න එපා රිචී බාලසූරිය. අපේ රට මේ යන විදිහට හරිම ඉක්මණට ඒ තත්වයට එයි. (නි)
දුමින්ද Thursday, 14 April 2016 05:56 AM
ලෝක අර්බුදයකද ? (ම)
සොපි Thursday, 14 April 2016 05:55 AM
ඔය දියුණුයැයි කියාගන්නා බොහොමයක් රටවල් දෙවරක් නොසිතා අසම්මත දේවල් සම්මත කර ගන්නවා ,කාලයාගේ ඇවෑමෙන් පල විපාක ලැබුනම විලාප තියනවා .(ම)
උදිත් Thursday, 14 April 2016 04:39 AM
ජනගහනය පාලනය කරන්න හොදම විසදුම (ම)
ඉන්දු Wednesday, 13 April 2016 11:56 PM
හා දැන් බලමුකෝ මානව හිමිකම් සංවිධාන මොකද කියන්නේ කියලා. චීනෙට විරුද්ධව කතාකරන්න කවුරුත් බයයි. (නි)