X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


චෙක් අවන් හලේ කාලා හිරබතුත් කන්න යයි

චෙක් ජනරජයේ පීටර් ස්වාතා තම පි‍්‍රයතම අවන්හලේ භෝජනයක් රසවිදිමින් සිටියේ දවස පුරා වෙහෙසවී වැඩ කීරීමෙන් පසුවයි.

නමුත් ආහාර වේල සම්පූර්ණයෙන්ම රසවිදීමට පීටර්ට නොහැකි වන්නේ අවන්හල වසා දමන වේලාව ආසන්න වු හෙයිනි.තම ආහාරය ගෙන මිස පිටතට නොයන්නෙමියි ගෝරි දමන්නට වූ පීටර් අවන්හලේ සේවකයින් පිටතට ඇත දමනු ලබන්නේ වහ වහා අවන්හල වසා දමා තම තමන්ගේ නිවෙස් වෙත යාමේ කලබලයෙනි.

ගතවුයේ විනාඩි කිහිපයකි.විදුලි කියතක් කි‍්‍රයාත්මක වන ශබ්දයක් ඇසී වට පිට බලන්නට වූ අවන්හලේ සේවකයින්ට දැකගත හැකි වූයේ වසා තිබූ දොර කපාගෙන මතුවන විදුලි කියතකි.අවසන දොර දෙපළු කරගෙන අවතාරයක් ලෙස මතුවූයේ පීටර්ය.

මුව හයා ගෙන සිටින සේවකයින් දෙසවත් නොබැලූ හෙතෙම තමන් කලින් සිටි මේසය වෙත ගොස් තවමත් මේසය මත තිබූ තමන් කලින් අනුභව කරමින් සිටි ආහාර වේල බුදින්නට ගත්තේ කිසිත් කතාවක් නැතිවය.

සිහි එළවා ගැනීමට සමත්වූ සේවකයෝ පොලිසිය අමතා මෙම සිදුවීම දැනුම්දුන්හ.පොලිසිය පැමිණ පිටර්ව අත්අඩංගුවට ගනු ලැබීය.

බලහත්කාරයෙන් වෙළද ස්ථානයකට ඇතුළුවිමේ චෝදනාව පීටර්ට එරෙහිව නැගී තිබේ.වැරදිකරු වුවහොත් වසරක සිර දඩුවමක් ඔහුට පැනවෙනු ඇත.

 



අදහස් (0)

චෙක් අවන් හලේ කාලා හිරබතුත් කන්න යයි

කමල් Friday, 18 October 2013 05:37 PM

ඉස්සර ලංකාවේ නම් ආහාර ගන්නා සතෙකුටවත් හිරිහැර නොකරන සංස්කෘතියක් තිබුණා (අ)

:       0       0

හේමන්ත Friday, 18 October 2013 06:10 PM

මේවා බටහිරට මානව හිමිකම් කඩ කිරීම් නොවෙයිද? මිනිස්සු හැම දෙයක්ම කරන්නේ, කාලා බීලා සතුටින් ඉන්න නේද? හතුරෙකුටවත් කන වෙලාවට අවහිර කරනවද? (නි)

:       0       0

නන්ද Friday, 18 October 2013 11:03 PM

මානව හිමිකම් කඩනවෝ ...... අම්මෝ! (නි)

:       0       0

දුම්මලසූරිය... Friday, 18 October 2013 11:20 PM

ලංකාවේ අපි අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගන්න දැරූ අහිංසක උත්සාහය වැරැද්දක් විදියට උලුප්පා පෙන්වමින් මානව හිමිකම් ගැන කතාකරන යුරෝපීයයන් බඩගින්නට කෑම ටික කන මනුස්සයෙකුට නිදහසේ කෑම ගන්නවත් දෙන්නේ නැහැ.මේවා මානව හිමිකම් කඩකිරීම් නොවෙයිද?කුසට අහරක් ගැනීම මුලික මිනිස් අයිතිවාසිකමක්.කෝ ඔය කියන මානව හිමිකම් සුරකින සංවිධාන? (නි)

:       0       0

සමන්ත Saturday, 19 October 2013 03:35 AM

කමල්, හේමන්ත, ඔයගොල්ලෝ දෙන්නා හරියටම හරි. මේ මනුස්සයා නෙමෙයි හිරේ දාන්න තිබුනේ අර සේවකයෝ දෙන්නව (නි)

:       0       0

සීස් Saturday, 19 October 2013 09:37 AM

තරමක් සංකීර්ණ ප්‍රශ්නයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site