ඉන්දුනිසියාවේ දූපතක් වන සුලවෙසි හි කලු මැකෝ වඳුරන්ගේ ඡායාරූප ගනිමින් සිටි ඩේවිඩ් ස්ලේටර් නම් බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියාට අපූරු සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවිය. කළු වඳුරන්ට ඔහුගේ කැමරාව නිරීක්ෂණය කිරීමට වුවමනා වී තිබිණි. ඉතා අන්තරාදායක කලහකාරී සත්ත්ව කොට්ඨාශයක් ලෙස හඳුන්වන මේ කළු වඳුරෝ ඩේවිඩ්ගේ කැමරාව උදුරාගත්හ. කැමරාව ගත් වඳුරන් එය ඒ මේ අත හරවා බලද්දී එහි කැමරාව ක්‍රියාත්මක විය. පළමුව ඒ ශබ්දයට බිය වූ වඳුරෝ පසුව ඒ ක්‍රියාව නැවත නැවතත් කළහ.
කෙසේ හෝ කැමරාව වඳුරන්ගෙන් බේරාගත් ඩේවිඩ් කැමරාවේ සටහන් වූ ඡායාරූප පරීක්ෂාකිරීමේ දී දුටුවේ වඳුරන් විසින් ගත් ඡායාරූප බොහොමයක් අපහැදිලි හා අඳුරු ඡායාරූප වුව ද ඒ අතර ඉතා ඉස්තරම් රූප ද තිබෙන බවයි. මේ සිද්ධිය වූයේ 2011 වර්ෂයේ දී ය.
මේ ඡායාරූප පසුගිය කාලයේ ලෝකය පුරා ප්‍රචාරය වන්නට විය. ඩේවිඩ් ස්ලේටර්ගේ අවසරයකින් තොරව ඒවා ප්‍රචාරය කිරිම සම්බන්ධයෙන් ඔහු ඇමරිකානු සමාගමක්වන විකිමීඩියා වෙබ් අඩවියට එරෙහි ව නීතිමය පියවර ගනිමින් සිටියි. ඒ තම අවසරයකින් තොරව ඒ ඡායාරූප වෙබ් අඩවියේ පළකිරීම වරදක් බව ඩේවිඩ් පවසයි.
මෙම සමාගමෙන් ඩේවිඩ් තමාගේ ඡායාරූප අයින් කරන ලෙස නැවත නැවතත් ඉල්ලීම් කළත් ඔවුන් ඡායාරූප දිගට ම පළකරමින් සිටියි. ඒවායේ මුල් පිටපත් නොමිළේ බාගත කරගැනීමට ද හැකිවන පරිදි සකස් කර තිබේ. ඔවුන් පවසන්නේ මේ ඡායාරූපවල අයිතියක් ඩේවිඩ් හට නොමැති බවයි. එම වෙබ් අඩවියේ මෙසේ ද සඳහන් කර ඇත.
‘‘ මෙම දත්ත ගොනුව පොදු විෂයකට අයත් වේ. එසේ වන්නේ මෙය සත්ත්වයකුගේ ක්‍රියාවක් බැවිනි. මෙහි පිටපත් අයිතිය කිසිම මිනිසකුට ලැබෙන්නේ නැත.“
මේ සම්බන්ධයෙන් ඩේවිඩ් විකිපීඩියා සමාගමට එරෙහිව ඩොලර් 30,000ක වන්දියක් ඉල්ලා නඩු පැවරීමට යයි.
‘‘වඳුරා අතින් මේ ඡායාරූප ගැණුනත් ඒ සියල්ල පිටුපස සිටි පුද්ගලයා මමයි. සියළු දුෂ්කරතා හා අන්තරායයන් මැද මෙම කාර්යයට මැදිවුනේත් මමයි. විකිපීඩියාට මෙම ඡායාරූප පළ කිරිමට හේ ඒවා මහජනයාට නොමිලයේ දීමට කිසිම අයිතියක් නැත. “ යැයි ඩේවිඩ් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඡායාරූපයේ අයිතිය වඳුරාට ද ? මිනිසාට ද ?
චින්තක Thursday, 07 August 2014 09:54 AM
දෙවෙනි පින්තුරේ නම් නියමයි (දී)
සත්‍යපාල කටාර් Thursday, 07 August 2014 12:13 PM
ඉතින් මෙයාට හොරෙන් විකිමීඩියා වෙබ් අඩවිය ඡායාරූප ටික අරන්ද? (නි)
රජින්ද Thursday, 07 August 2014 01:21 PM
ඇත්තෙන්ම ඉස්තරම් රූප පෙළක්. දෙවෙනි රූපය සුපිරි එකක්. (නදී)
හේවාවිතාරණ Thursday, 07 August 2014 02:07 PM
හතර වැනි රූපයේ මැද ඉන්න එක්කෙනා කියන්නේ ඇත්තමද ? (නදී)
කුමාර් Thursday, 07 August 2014 06:42 PM
මේ වඳුරෝ හරියට "ඩාවින්ගේ" මාමල බාප්පල වගෙයි (නදී)
බන්දුල පෙරේරා Friday, 08 August 2014 02:21 AM
දෙවනි පින්තුරේ හරියට ලජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුනු බවලතියකගේ ලජ්ජා බය දෙක නැති වුනු වෙලාවක ගත්ත පින්තුරයක් වගේ..මට අපේ එසනපුවත් බවලතියෝ ටික මතක් වෙනවා.. (දී)
මාටින් Friday, 08 August 2014 05:13 AM
මේවා වඳුරෝ ගත්ත පින්තුර කියන්න තියෙන සාක්ෂි මොනවද? (නදී)
කුමාරි Friday, 08 August 2014 10:18 AM
කොහොමත් දැන් කාලේ නිරී සත්වය ලග තියන ගුණ මනු සත්වයන් ලග නැහැ. (නදී)
මහිව්ද ඉතාලිය Friday, 08 August 2014 10:43 AM
හරිම තාත්විකයි (නදී)
ඇන්ටන් Friday, 08 August 2014 12:14 PM
ටිකක් දරුණු මූහුණු ටිකක් වගෙයි තියෙන්නේ. (නි)