ජනතා අප‍්‍රසාදයට පත් යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ රටේ පාලනය උප ජනපතිවරයාට පවරා පෙරේදා (22) ඇමෙරිකාව බලා පිටත්ව ගියේ වසර 33 ක් තිස්සේ ජනපති ධුරයේ සිටිද්දී තමා අතින් වරදක් සිදුවූයේ නම් ඒ ගැන යේමන ජනතාවගෙන් සමාව ඉල්ලන බවට විශේෂ ප‍්‍රකාශයක්දකරමිනි.
”දෙවියන්ගේ කැමැත්තට අනුව මා ඇමෙරිකා යනවා. මා යන්නේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහායි. ඒ සඳහා ඇමෙරිකාවෙන් මට අවසර ලැබී තිබෙනවා. මා ආපසු එන්නේ ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසුවයි. මාගේ පාලන කාලයේදී මා අතින් කිසියම් වරදක් හෝ අතපසුවීමක් හෝ සිදුවුණා නම් ඒ ගැන මා ඔබ සැමගෙන් සමාව ඉල්ලන්න කැමැතියි. යේමන වැසියන්ගෙන් මා සමාව ඉල්ලනවා” යැයි ජනාධිපති සාලේ ජාතිය අමතමින් කියා සිටියේය.
යේමන ජනාධිපති සාලේට ඇමෙරිකාවට ඇතුළුවීමට තමන් වීසා ලබා දී ඇති බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ද පවසා ඇත. ඇමෙරිකාව බලා යෑමට පෙර ඔහු අසල්වැසි ඕමානයේ දින දෙකක් රැුඳී සිටීමට නියමිත බව ද වාර්තා වේ.
මේ අතර සියලූ දූෂණ වංචා චෝදනා සහ මිනිමැරුම්වලින් ජනාධිපති සාලේ නිදොස් කිරීමට එරට පාර්ලිමේන්තුව ගත් තීරණය යේමන ජනතාවගේ දැඩි විරෝධයට හේතු වී ඇත.
යේමනයේ විරෝධතා හටගත් අවස්ථාවේ විරෝධතාකරුවන් දහස් ගණනින් අමු අමුවේ මරා දැම්මේ යැයි විරෝධතාකරුවෝ ජනාධිපති සාලේට එරෙහිව චෝදනා කරති.
යේමනයේ ජනතා පිබිදීම ඇති වූයේ ද ටියුනීසියාවෙන්, ඊජිප්තුවෙන් සහ ලිබියාවෙන් ආරම්භ වූ ‘අරාබි වසන්තය’ හරහාය. එහෙත් යේමන ජනාධිපති සාලේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල මිතුරෙක් විය.
එම නිසා ගඩාෆිට සිදුවූවාක් මෙන් ධුරයෙන් ඉවත් වන්නැයි ඇමෙරිකාවෙන් හෝ බටහිර බලවතුන්ගෙන් ජනාධිපති සාලේට බලපෑම් එල්ල නොවිණි. යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් සමඟ ගැටුම්වලදී ඇමෙරිකාවට යේමනයේ සහාය නොඅඩුව ලැබීම ඊට හේතුව විය.
කෙසේ නමුත් ජනපති සාලේ රාජ්‍ය විරෝධීන් මර්දනයට හමුදාව යෙදවීමත්, විරෝධතාකරුවන් ඝාතනය වීමත්, විරෝධතාකරුවන් එරට ගෝති‍්‍රක සටන්කාමීන් සමඟ එක්වී රජයේ හමුදා සමඟ සටන් වැදීමත් ආදී කරුණු කාරණා හේතුකොට ගෙන යේමනයේ සිවිල් යුද තත්ත්වයක් හට ගැනුණි.
එම අවස්ථාවේදී ඇමෙරිකාව කියා සිටියේ යේමන ජනපති සාලේ ජනතා හඬට කන් දී ධුරයෙන් ඉවත් විය යුතු බවය. එහෙත් ජනපති සාලේ එය ප‍්‍රතික්ෂේප කළේය. අසල්වැසි ගල්ෆ් රටවල බලපෑම් මත බලය බෙදා ගැනීමේ යෝජනාවලියකට එකඟ වී උප ජනපති අබ්ද් රාබූ මන්සූර් හාඞීට බලය පවරා බලයෙන් ඉවත්වීමට සාලේ මීට මාස කිහිපයකට පෙර අකමැත්තෙන් එකඟ වූයේය.
ඇමෙරිකාවේ ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු තමා යළි යේමනයට පැමිණීමට සූදානමින් සිටින බවත් තමා පැමිණෙන්නේ යේමන ජනපති ලෙස නොව පාලක ජනතා කොංග‍්‍රස් පක්ෂයේ නායකයා ලෙස යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් හමුවෙමින් සාලේ පවසා ඇත.
ජනාධිපති සාලේ ඇමෙරිකාව බලා පිටත්ව ගියේ උප ජනාධිපතිවරයා හමුදා ජනරාල්වරයකු ලෙස උසස් කරමින්ය. ඒ මිලියන 23 ක ජනගහනයකින් යුත් යේමනයේ හමුදාව ශක්තිමත්ව තබා ගැනීමේ අරමුණ ඇතිවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජනතාවගෙන් සමාව ඉල්ලා යේමන ජනාධිපති සාලේ ඇමෙරිකා යයි