X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ජනපති දිවුරුමෙන් පසු උගන්ඩාව උණුසුම්

උගන්ඩාවේ ජනපති යුවෙරි මුසෙවෙනි දිවුරුම් දීමට එරෙහිව අදහස් දැක්වීම හෙතුවෙන් එරට සමාජ ජාලා සියල්ල තහනම් කර තිබේ.

උගන්ඩාවේ විපක්ෂ නායක කිසා බෙසිග්‍ යේ ද ජනපති ලෙස දිවුරුම් දෙන විඩියො පටයක් අන්තර්ජාලයට නිකුත් විමෙන් අනතුරුව එම විපක්ෂනායකවරයා අත් අඩංගුවට ගෙන තිබේ. 2016 පෙබරවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් ඔහු දෙවැනි තැනට පත් විය. ඔහුට හිතවත් පිරිස් චෝදනා කළේ ඔහු ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ බවයි.

එරට ජනපති පත්වි තිබෙන්නේ නියමිත අකාරයෙන් නොවන බව කියමින් එරට ජනතාව සමාජ ජාල හරහා විරෝධතා එල්ල කරන නිසා මෙම තීරණය ගෙන තිබෙන බව  විදෙස් මාධ්‍ය පවසයි.

උගන්ඩා සන්නිවේදන අධිකාරිය විසින් එරට සියලුම දුරකතන සමාගම් වලට ෆෙස්බුක්,ට්විටර් ඇතුලුව සියලුම සමාජ ජාල අත්හිටුවන ලෙස නියෝග කර තිබේ.

රජයට එරෙහි උද්ඝෝෂණ ආවරණය කළහොත් මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි විය හැකි බව ද අනතුරු අගවා තිබිණි.

පහුගිය පෙබරවාරි මාසයේ පැවති මැතිවරණය අතරතුර ද මෙලෙස සමාජ ජාල තහනම් කැරණි.

පදවි ප්‍රාප්තියට ශ්‍රි ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නායකයෝ රැසක් ද සහභාගි වූහ.

මාධ්‍ය ආයතනද දේශපාලනය හමුවේ අසරන වූ අවස්තාවක එරට ජනතාවට තතු දැනගැනිමේ එකම මාර්ගය වන සමාජ ජාල අත්හිටුවීම අසාධාරණ බවට විචාරකයෝ පවසති.



අදහස් (0)

ජනපති දිවුරුමෙන් පසු උගන්ඩාව උණුසුම්

ධම්ම Friday, 13 May 2016 04:31 AM

කොයි කවුරු මොනවා කිවුවත් මහින්ද ගත් තීරණයක් වෙනස් කරන්නේ නැහැ. එ්ක හොඳ නායකත්ව ලක්ෂණයක්. (නි)

:       0       0

ප්‍රෙම් Monday, 16 May 2016 09:34 AM

ධම්මට මහින්දගේ ආණ්ඩුවෙන් ෂුවර් එකටම හොඳ වාසි ලැබිලා තියෙන්න ඇති. දැන් හිතේ දුකට ඔය වගේ කියවෙනවා. ගෙවනකොට පොලිත් එක්කම ගෙවන්න වෙයි.(අ)

:       0       0

සත්‍යයා Sunday, 15 May 2016 11:07 PM

මහින්දට විතරක් නොවෙයි යෝෂිත කුමරුටත් එන්න කියලා තිබුනේ. මහින්ද දැන් මහලු වියේ නිසා උගන්ඩා පාඩම යෝෂිතට කියලා දෙන්න තිබුනනේ. (නි)

:       0       0

ගයාන් Sunday, 15 May 2016 08:16 PM

පිටිගල මිලානෝ කියන්නේ මොන ප්‍රවෘත්තියක් දැම්මත් ඒකට මඩ ගහන කෙනෙක් (නි)

:       0       0

නාමල් Sunday, 15 May 2016 06:46 PM

මැතිවරණය අවසන් වුණ ගමන් විපක්ෂ අපේක්ෂකයා අත්අඩංගුවට ගන්න උපදෙස් දෙන්න ඇත්තේ කවුද කියලා පේනවා. (නි)

:       0       0

ලලිත් Sunday, 15 May 2016 04:09 PM

අපෙනුත් සමහරු ගියානේ.... (නි)

:       0       0

රාධා Saturday, 14 May 2016 02:53 PM

පටන් ගන්න කොටම ඔහොම නම් තව ඉස්සරහට කොහොම තියෙයිද?(හේ)

:       0       0

නිල්මිණි Saturday, 14 May 2016 12:36 PM

පටන් ගත්තා විතරයි.(හේ)

:       0       0

ඉසුරන්දි Saturday, 14 May 2016 05:06 AM

එ්කාධිපති වියරුව ලෝකයේ හැමතැනම හොල්මන් කරනවා (නි)

:       0       0

මනෝජ් Friday, 13 May 2016 04:59 PM

ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ඔබතුමාට නිරන්තරයෙන් ලැබේවා! සියලු දෙවියෝ නිරන්තරයෙන් ඔබ ආරක්ෂා කරත්වා! කිසිදු අතුරු අන්තරාවක් ඔබ අසළටවත් නොඒවා..! (නි)

:       0       0

වසන්ත Friday, 13 May 2016 11:49 AM

මහින්ද මහත්තයා යන්න ඇත්තේ අලුත් දෙයක් ඉගෙනගෙන එන්න වෙන්න ඇති. (නි)

:       0       0

උපාලි Friday, 13 May 2016 11:38 AM

කෙනෙකු ඇසුරු කරන අයගෙන් ඔහුගේ තරාතිරමද මැනගත හැකි බවට ලෝක ප්‍රසිද්ධ කියමනක් පවතී. ඇත්ත නේන්නම්! (නි)

:       0       0

ගොඩ්ෆ්‍රී Friday, 13 May 2016 10:08 AM

ඔන්න ලොවට බිහිවුණ නියම නායකයෝ , ඕකට කියන්නේ ජනතාවට බයනැති නියම නායකයෝ කියලා, (එයාලා හිතන විදිය ) අපටත් හිටිය මතකයි. හැබැයි... ජනතාවට බයවුන දාට ඒ නායකයෝ එළිවෙන්න කලින් දුවන හැටි (හේ)

:       0       0

සංජු Friday, 13 May 2016 08:55 AM

ලංකාවේ කියල වෙනසක් නැහැ නේද? ඔබට සතුටුයි ද දැන්? (අ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 13 May 2016 08:02 AM

එංගලන්තයේ දුෂකයන්ට විරෝධීව සමුළු පවත්වනකොට ලෝකේ ලොකුම දුෂිතයන් උගන්ඩාවේ පාටි දානවා. (අ)

:       0       0

සනත් Thursday, 12 May 2016 05:45 PM

අපේ මහින්දත් මොන එහෙකට ගියාද මන්දා. පරෙස්සම් වෙලා ආවොත් හොඳයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 May 2016 04:29 AM

ඕකම තමයි මෙහෙත් වුණේ. අපේම කොපිය තමයි එහෙත් වෙලා තියෙන්නේ. දැන් හිතාගන්නකො මම කියන දේ (නි)

:       0       0

සුගත් Friday, 13 May 2016 04:23 AM

අපේ හිටපු ජනපතිතුමා යන යන තැන කචල් වගේ. (නි)

:       0       0

ඇන්ජලෝ Friday, 13 May 2016 03:21 AM

කෝ මේ අපේ විමල් මහත්තයා? (නි)

:       0       0

ඉමේෂ් Friday, 13 May 2016 01:32 AM

අපේ එක්කෙනෙකුත් එහෙ ගියා නේද? (නි)

:       0       0

චානක Friday, 13 May 2016 01:22 AM

ඉස්සර අපේ හිටපු සමහරු වගේම තමයි (නි)

:       0       0

විමල් Thursday, 12 May 2016 11:50 PM

අනේ මන්දා! මේ කලබල අස්සේ අපේ හිටපු ජනපතිත් මොන එහෙකට එහෙ ගියාද? (නි)

:       0       0

සාමා Thursday, 12 May 2016 10:57 PM

අපේ පරණ ලොක්කගේ යහළුවන්ගේ තරම ඉතින් හිතාගන්නකෝ. (නි)

:       0       0

රජිත් Thursday, 12 May 2016 06:51 PM

අපි 2015-01-08 ඒ වෙනස නොකළා නම් අපිටත් උගන්ඩාවට නොදෙවෙනි සම්බුවක් ලැබෙනවා (නි)

:       0       0

පෙරේරා Thursday, 12 May 2016 06:44 PM

අපේ හිටපු එක්කෙනෙකුත් ඔහේ ගියේ පාඩමක් දෙකක් ඉගෙනගන්න වෙන්න ඇති නේද? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 12 May 2016 06:34 PM

ඔය විදියේ තත්වයක් අපේ රටේ උද්ගත නොවුණේ අපේම වාසනාවටයි. ඒවගේම ඒ දිනවල අපේ රටේ හිටපු විද්වත් නායකයන්ගේ දුරදක්නා තීරණ නිසයි. උගන්ඩා ජනපති පදවි ප්‍රාප්තියට ගිය මහින්ද ඇත්තටම ලැජ්ජා වියයුතු වෙනවා (නි)

:       0       0

චන්න Thursday, 12 May 2016 06:04 PM

මහින්දට නියම යාළුවොනේ බලනකොට ඉන්නේ (නි)

:       0       0

උපුල් Thursday, 12 May 2016 06:03 PM

එකම වර්ගයේ කුරුල්ලෝ එකම අත්තේ වසති (නි)

:       0       0

රොමේෂ් Thursday, 12 May 2016 05:49 PM

අපේ එක්කෙනාට විතරලු නේද ආරාධනා කරලා තියෙන්නෙත්? එක සමාන කුරුල්ලෝ එකම අත්තේ වහනවලුනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site