X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 25 වන සිකුරාදා


ජනප්‍රිය ගායිකා ක්‍රිස්ටිනා ග්‍රිමී වෙඩි තබා මරයි

ජනප්‍රිය ගායිකාවක වූ ක්‍රිස්ටිනා ග්‍රිමී (22) ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔලැන්ඩෝ හි සංගීත සංදර්ශනයකදී වෙඩි තබා මරා දමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඇය සංදර්ශනය නිමවී සිය රසිකයන්ගේ සමරු පොත්වල අත්සන් තැබීමට පැමිණි අවස්ථාවේ සැඟවී සිටි අයකු වෙඩි තබා ඇතැයි ද පසුව ඔහුද වෙඩි තබාගෙන ඇතැයි ද කියති.

පීටර්ස්බර්ගිහි කෙවින් ජේම්ස් නමැති 27 හැවිරිදි තරුණයකු ඇයට වෙඩි තබා ඇතැයි අනාවරණය කරගෙන ඇති බවත් ඔහු සම්බන්ධ වැඩි විස්තර පොලිසිය ලබාදී නැති බවත් වාර්තාවේ.

ඇමරිකාවේ ජනප්‍රිය රියැලිටි වැඩසටහන් වන ‘ද වොයිස්‘ හි අවසන් වටයට පැමිණි ක්‍රිස්ටිනා එරට ජනප්‍රිය ගායිකාවක් ලෙස ප්‍රකට වූ අතර ‘ෆයින්ඩ් මී‘ නමින් ගීත ඇල්බමයක් ද එළිදක්වා තිබිණි.

වෙඩි තබන අවස්ථාවේ ක්‍රිස්ටිනාගේ සොහොයුරාද ඇය සමග සිටි අතර ඔහු ඇයව ඉවත් කරගැනීමට උත්සාහ කළද එය සාර්ථක නොවූ බවත් කියති.

web720x405-GettyImages-514742700 web1035x1035-image001



අදහස් (0)

ජනප්‍රිය ගායිකා ක්‍රිස්ටිනා ග්‍රිමී වෙඩි තබා මරයි

රිචි බාලසුරිය Sunday, 12 June 2016 03:15 PM

ඇමරිකාවේ මෙවෙනි සිදුවීම් බහුලව දිනපතා සිදුවනවා , අපි මෙයට නිවන් සුව පතපු , සර්වබලදාරි දෙවියන්ගේ ආශිර්වාදය පතමු (බ)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Monday, 13 June 2016 12:36 AM

රිවි, දිනපතා නම් මේවා ඇමරිකාවේ සිදුවෙන්නේ නැහැ. මම හිතන්නේ මේක 90 ගණන් වලින් පස්සේ ගායකයෙක් ඝාතනය වූ පළමු අවස්ථාව (නි)

:       0       0

ජයාත් Monday, 13 June 2016 01:49 AM

නාමල්, ගායකයෙක්ම වෙන්න ඕනෑද ඝාතනය වෙන්න? ගායකයෙක් ඝාතනය වුණේ නැතිවුණාට ඝාතන සංස්කෘතිය ඇමෙරිකාවට අමුතු දෙයක් නෙමෙයි. මේ ඊයෙත් බුරුතු පිටින් මරාදමලා තිබුනේ (නි)

:       0       0

නිශාන්ත Monday, 13 June 2016 08:49 AM

මෙයට හේතුව ජීවිතයේ ලබන්න පුළුවන් උතුම්ම වස්තුව මේ අයට ලැබිල නැහැ.ඒ තමා ධර්මය .(අ)

:       0       0

කරුණාපාල Monday, 13 June 2016 10:06 AM

නිශාන්ත කියලා තියනවා වගේ ඒ අතින් ලංකාවේ අය මොන තරම් නම් ධාර්මිකද? මිනීමැරුමක්, හොරකමක් ස්ත්‍රී දුෂණයක්, කොටින්ම කියනවා නම් පියා තම දුවව දුෂණය කිරීමක් ලංකාවේ අහන්න වත් තියනවාද? මස් අනුභවයෙන් හා මත්පැනින් වැළකී කිසිවිටෙකත් ආරවුලකට හවුල් නොවන ධාර්මික ජනතාවක් වෙසෙන මේ ධර්මද්ධීපය හැරදා අර වගේ අධර්මිෂ්ඨයින් වෙසෙන ඇමරිකාවට, ඔස්ට්‍රේලියාව හා යුරෝපීය රටවල් වලට හොර වීසා ගහගෙන හෝ යන්න මේ ධාර්මිකයින් වෙහෙසෙන්නේ මොන හේතුවටද කියලයි මම මේ කල්පනා කළේ? (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 13 June 2016 02:22 PM

ඇමරිකාව ලෝකයේ භයානකම රටක්. පාසල් තුලම ළමයින් මොන තරම් වෙඩි තබනවාද? හොඳම පුද්ගලික විදුහලකට යැව්වේ නැත්නම් ඇමරිකාවේ හැදෙන ළමයි අනාථයි. (බ)

:       0       0

සුසන්ත Monday, 13 June 2016 10:07 PM

ඇමරිකා වල ලෙහෙසියෙන් ඕනෑම කෙනෙකුට අවියක් ගන්න පුළුවන්. මේ වගේ භයානක මිනීමැරුම් වලට එ්ක ලොකු සාධකයක්. මොනවා කිව්වත් අපේ රටේ මේ වගේ බුරුතු පිටින් මරාදාන උම්මත්තකයෝ බිහිවෙලා නැහැ තාම (නි)

:       0       0

නිශාන්ත, ඇමෙරිකා Monday, 13 June 2016 10:07 PM

කරුණාපාල හරි. ලංකාව ලෝකේ හොඳම රට කියලා හිතාගෙන ඉන්න කට්ටිය ළිං මැඩි ප්‍රතිපත්තිය තමයි අනුගමනය කරන්නේ (නි)

:       0       0

සුසන්ත Tuesday, 14 June 2016 02:11 AM

මම ඉන්නේ ඕස්ට්‍රේලියා වල. අපේ රට සාපේක්ෂව හොඳ තැනක තියෙන්නේ. මම බලාගෙන ඉන්නේ කොයිවෙලේද ලංකාවට එන්නේ කියලා. ඔයගොල්ලෝ තමන්ගේ රටට බොරුවට බනින්න එපා. (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 14 June 2016 05:39 AM

එහෙ ජාතික ආරක්ෂාව ගැන අපේ අයට තරම් ප්‍රශ්නයක් නැතුව ඇති. අපේ රටේ ඔහොම දෙයක් වුණා නම් අම්මෝ, මුළු හමුදාවම පාවලා දුන්නා වගේ කතාව. (නි)

:       0       0

උදාර Tuesday, 14 June 2016 07:41 PM

පිටිගල මිලානෝ තරම් ඇමරිකාව ගැන දන්න වෙන කෙනෙක් නැහැ වගෙයි (නි)

:       0       0

රොෂාන් Tuesday, 14 June 2016 07:56 PM

සුසන්ත, හැකි ඉක්මනින් ලංකාවට එන්න. සාපේක්ෂව අපි ගොඩක් උස තැනක ඉන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site