ජනෙල් නැති එහෙත් ජනෙල් නැතැයි අඩුවක් දැනෙන්නේද නැති අපූරු ගුවන්යානයක සංකල්පයක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සමාගමක් කටයුතු කර තිබේ.
මෙම ගුවන්යානයේ ජනෙල් වෙනුවට ඇත්තේ ගුවන්යානයේ එක් කොණක සිට අනෙක් කොණ දක්වා විහිදෙන විසල් අධි තාක්ෂණික තිරයකි.ගුවන්යානයේ පිටත සවිකර ඇති කැමරා වලින් ගනු ලබන ඡායාරූපයන් හා වීඩියෝවන් එම තිරය මත නිරතුරුව දර්ශනය වේ.එම දසුන් මගීන්ගේ නෙතට රසඳුනක්ම වේ.වෙනදා මෙන් කවුළුවක් ළග ඇති ආසනයකට පොර කෑමට වුවමනාවක් නැත. සියලූම දෙනාට ගුවනේ සුන්දරත්වය නෙත පිරෙන්නටම දැක ගන්නට හැකිය.
කිසිවෙකුට අන්තර්ජාලයේ සැරීමට අවශ්‍ය වුවේ නම් ඊටද පහසුකම් මේ තිරයේ ඇත.කරන්නට ඇත්තේ තමන් ඉදිරියේ ඇති තිරයේ කොටසක් ස්පර්ෂ කිරීම පමණකි.එවිට එම ස්පර්ෂ කළ තැනැත්තා ඉදිරියේ ඇති තිරයේ කුඩා කොටසක් සාමාන්‍ය පරිගණක තිරයක් බවට හැරේ.
යානය මැද ගමන් කරන මගීන්ද අමතක කර නැත.ඔවුන්ට ඉදිරිපසින් ඇති අසුන් වල හිස් රදවනයන්ගේ පසුපසින් තිරයන් සවිකර ඇත.ඔවුන්ටද අන්තර්ජාලයේ සැරීමට හෝ ගුවනේ ඡායාරූප ගන්නා කැමරා වලින් ලැඛෙන දසුන් නරඹමින් ගමනේ යෙදීමට හෝ හැකිය.
අපූරු වුවද මෙය සංකල්පයකටම පමණක් සීමා වනු ඇති බවක් පෙනෙන්නට ඇතත් විශේෂඥයින් පවසන්නේ මෙවැනි තාක්ෂණයක් ගුවන්යානා වලට හඳුන්වාදිය හැකි නම්
ගුවන්යානා නිශ්පාදනය වියදම් ඛෙහෙවින් අඩු කර ගත හැකි බවයි.තවද මෙම තිර බරින් අඩු නිසා ඉන්ධන ඉතිරියද ඉහළ යන බව ඔවුන් පෙන්වා දේ.
මෙම සංකල්පය ඉදිරිපත් කර ඇති සීපීඅයි නම් සමාගම තමන් දැනටමත් මෙම තිර නිපදවීම සදහා වන පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති බවද පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජනෙල් නැති ගුවන් යානයක් බ්‍රිතාන්‍යයෙන්
දිනේෂ් Saturday, 01 November 2014 02:19 PM
හොදයි.මේ වැඩේ සාර්ථක වේවා.(හේ)
නිශ්ශංක - බදුල්ල Friday, 31 October 2014 11:16 AM
කේ. සිරි ඔබගේ කියමනට මමත් එකඟයි. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට තමන් උපන් රටට නිගා කරන්න උත්ස්සහ කරන්න එපා. කෙසේවෙතත් මෙවැනි අලුත් නිර්මාණයක් සොයා ගත්ත එම සමාගමට මාගේ සුබ පැතුම්! (අ)
නාලක Friday, 31 October 2014 12:03 PM
අපිත් හදමු ඔය වගේ ජනෙල් නැති දොරවල් පවා වැඩිය නැති දුම්රිය.... එතකොට එලිය කොකු වල එල්ලිලා යන අයව ඇතුලට පේනවා,,,,, (අ)
පුර්ණ සම්පත් Friday, 31 October 2014 12:06 PM
ඇත්තටම වැඩේනම් සුපිරි........(අ)....
ලතී Friday, 31 October 2014 02:37 PM
මීට වඩා හොදයි ඝණ වීදුරුවකින් යානය හැදුවනම්.කැමරා මොකටද තිර මොකටද එතකොට.(අ)
ලේක්කෝ ගලබඩ Friday, 31 October 2014 06:04 PM
ලකී, ගුවන්යානා ගමන් කරන්නේ දුම්රිය පාරවල් උඩ නොවේ. ගුවනෙයි. ඒ නිසා බර අඩු අමුද්‍රව්‍ය වලිනුයි සාදන්නේ. ඔබ කියන විදියට ජනෙල් දැම්මොත් එය සැමදා බිම තියන්න වෙයි. මොළය තිබුනාට වැඩක් නැහැ, එය පාවිච්චි කරන්න ඉගෙනගන්න. (නි)
චතුර Friday, 31 October 2014 08:17 PM
අපි මේ ජනේලයෙන් වැටෙන ඉර එළිය ටිකත් සැර වැඩි නිසා ඒක වහන්න බලනවා. වලාකුළු වලින් උඩට ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඇස් වලට මොන තරම් අමාරුද කියලා ඉර එළිය. ඕක හොඳයි ගුවන් තොටුපළින් යන වෙලාටයි ආපහු බාන වෙලාවටයි විතරක්. පැය 14 ක් 16 ක් යන්න වුණාම කොහොමද මේකේ? (නි)
සමීර Saturday, 01 November 2014 05:12 AM
ඒ අත් දැකීම නියමයි.(හේ)
රකිත Saturday, 01 November 2014 08:19 AM
ත්‍රාසජනක අත්දැකීමක් වෙයි.(හේ)
මංජුල Saturday, 01 November 2014 08:46 AM
මේ විදියට ගුවන් යානා ටිකම හැදුවානම් නියමයි.(හේ)
සමන් Saturday, 01 November 2014 09:43 AM
ඕකේ මිල කොහොමද ? (හේ)
මහවැව,නිමල් වර්ණකුලසුරිය, Friday, 31 October 2014 11:00 AM
කේ සිරි මහතාගේ අදහසට මගේ ස්තිතුය අගේයි,(අ)..
චන්ද්‍රා Saturday, 01 November 2014 02:23 PM
ජනෙල නැති ගුවන් යානය අපේ බුලත් කන ගුවන් මගීන්ට සහනයක් වෙයි , (හේ)
අමිල Saturday, 01 November 2014 04:08 PM
මේ දෙයින් අවට සිරි නරඹන්න පුළුවන් වෙයි.(හේ)
යූස්රි Saturday, 01 November 2014 04:57 PM
මෙන්න කරනවා නම් වැඩ! (නි)
ලලිත් Saturday, 01 November 2014 06:50 PM
අපේ නෝනා ගුවනින් යද්දී ජනෙල් අයිනේ ඉන්නේ නැහැ. පහළින් වලාකුළු දැක්කම ඔලුව කැරකිල්ල හැදිලා වමනය යනවා කියලා. දැන් නම් ඉතින් ගිහින් හමාරයි. එක්කෝ බස් එකේ යන්න වෙනවා. නැත්නම් වමනය දදා යන්න වෙනවා. (නි)
යහම්පත් Saturday, 01 November 2014 08:51 PM
මේක අදහසක් වුණාට තවම නිර්මාණය කළ ගුවන් යානයක් නොවෙයි නේද? (නි)
චන්ද්‍රා වීරසිංහ Saturday, 01 November 2014 09:36 PM
ජනෙල් නැති ගුවන් යානා අපිට එපා! කාන්සියට බුලත් විටක් කාලා කෙළ ගහන්නෙවත්, පොඩි එකාට වමනය ගියොත් වමනය කරවන්නෙවත් නැතුව ඔච්චර දුරක් යන්නේ කොහොමද? (නි)
මෙල්වින් Sunday, 02 November 2014 01:22 AM
වැඩේ නම් ඉතින් නියමයි. කේ.සිරිගේ කතාවටත් මම එකඟ වෙනවා. (නි)
දුබි Sunday, 02 November 2014 11:10 AM
මට නම් බයයි (නදී)
රාම Sunday, 02 November 2014 04:55 PM
අපි අපි ගැනම පහත්කර සිතීම මොනතරම් කණගාටුදායකද? (නි)
ලංකා Thursday, 30 October 2014 04:47 AM
පෙර තිබුණු අදහසක් වැඩිදියුණු කරනවා කියලයි මට හිතෙන්නේ (නි)
ටියුඩර් Tuesday, 28 October 2014 11:34 PM
මේක නම් පුදුමාකාරයි (නි)
මාටින් Wednesday, 29 October 2014 04:37 AM
නන්දන පනාගොඩ මිලානෝ, මේ කියන්නේ පිටතට සවිකළ කැමරා ගණනාවකින් ඒ අවස්ථාවේදීම ලබාගන්න ජනේලයෙන් පිටත සජීවී පින්තුරයක් ගැන. මාරු කරන්න පුළුවන් කලින් ගබඩා කළ නිකම්ම ස්ක්‍රීන් එකක් නෙමෙයි (නි)
ගමගේ Wednesday, 29 October 2014 05:01 AM
දකුණු කොරියානු පර්යේෂකයන් ජනෙල් නොමැති නිවාස සඳහා මෙවැනිම සංකල්පයක් 2002 වර්ෂයේදී ස්කයිප් තාක්ෂණය යොදාගෙන පර්යේෂණ මට්ටමෙන් අත්හදා බලා තිබුනා නේද? (නි)
බන්දුල පෙරේරා Wednesday, 29 October 2014 05:36 AM
අපේ කට්ටිය අඩියක් එහෙම දාල ඕකෙන් එලියට පනින්න හරි එහෙම නැත්නම් ඔතනින් බර සැහැල්ලු කරගන්න හරි හැදුවොත් තමයි ප්‍රශ්නේ.. (ර)
අශෝක Wednesday, 29 October 2014 06:10 AM
මේක දැනට විහිළුවක් උනාට අනාගතේ සැබෑවක්ම වෙනවා. (ර)
අප්පුහාමි Wednesday, 29 October 2014 08:15 AM
බන්දුල කියන දේවල් අපේ සාමාන්‍ය මිනිස්සුන්ට කෙසේ වෙතත් කඩේ යන තැන සමහරුන්ට නම් සිද්ධ වෙන්න ඉඩ තියනවා. මතක ඇතිව වැසිකිලියේ දොර ගැන අනතුරු අඟවන්න බන්දුල. (නදී)
දයා අලහාකෝන් Wednesday, 29 October 2014 11:33 AM
මේ හා සමානව ශ්‍රී ලංකාවේ කර්මාන්ත ප්‍රදර්ශනයකදී වට සිනමාව කියලා රවුම් තිරයක පෙන්නුවා රූපවාහිණී දසුන්. (නදී)
පිටිගල - මිලානෝ Wednesday, 29 October 2014 05:09 PM
කෙසේ වෙතත් මෙවැනි ගුවන් යානයක් ඉතාලිය සහ ලංකාව අතර නම් යොදවන්න එපා. ගොඩක් අය මෙහෙන් නගින්නේ 'ටෑන්ක් ෆුල්' දමාගෙන. මේ අය වලාකුල් මත ඇවිදින්න උත්සහ කරයි. (ර)
ප්‍රනීත් Wednesday, 29 October 2014 06:47 PM
පිටිගලගේ කතාව සහතික ඇත්ත. ඉතාලියෙන් ලංකාවට එන සමහරු එන්නෙත් ෆුල් ටෑන්ක් ගහගෙන ඊට පස්සෙත් ආයේ ඇතුලේදීත් ඉල්ලනවා. ඔය දේ වෙන්නේ විශේෂයෙන් ඍජු ගමන් සිදු කරන ගුවන් යානා වලදී. ඔය දේ හොඳ වුනාට අපේ ඇස් දෙකෙන් දකින තරම් සුන්දරව බලන්න බැහැ අවට. (නදී)
මංජු ශ්‍රී Wednesday, 29 October 2014 09:27 PM
බන්දුල පෙරේරලාගේ කට්ටිය එහෙම කරලා පුරුදු අයනේ මතෙක ඇතිනේ (නදී)
නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 28 October 2014 05:46 PM
මෙය අලුත් දෙයක් නොවේ. හිටපු ඉතාලි අගමැති සිල්වියෝ බෙර්ලුස්කොනි මහතාගේ පුද්ගලික ජෙට් යානයේ නිදන කොටසේ බිත්ති සහ සිවිලිම ආවරණය කර ඇත්තේ රූපවාහිනි 'ලෙඩ්' තිරයකින් නොවේද? අවශ්‍ය තේමාවක් (උදා: අහස, මුහුද) එයට යොදාගත හැකියි. (නි)
බෙනට් Thursday, 30 October 2014 12:31 PM
අකුණු ගහද්දි කට්ටිය කෑගහයිද ? වහිද්දි කුඩ ඉල්ලයිද ? මේ වගේ අලුත් දේවල් ඉතින් සුද්දෝ හොයාගත්තේ නැත්නම් අපි කවදා හිතල කරන්නද නේද ? (නදී)
කේ. සිරි Thursday, 30 October 2014 03:46 PM
සමහර අය දාන කොමේන්ට් හරි පුදුමයි. කොයි වේලාවේද ලංකාව හැල්ලුවට ලක් කරන්නේ කියල බලාගෙන ඉන්නේ. ශ්‍රී ලංකික අපි, අපි ගැනම පහත් කර සිතීම මොන තරම් කනගාටුදායකද? මේ හීනමානය අපෙන් කවදා නැතිවෙයිද? රට මොනතරම් දියුණු කලත් මිනිස්සුන්ගේ හිත දියුණු උනේ නැතිනම් වැඩක් නෑ. (ර)
සේරම් Friday, 31 October 2014 03:58 AM
අනේ කේසිරි ඔයා සුරංඟනා ලෝකවල පා උනාට අනිත් මිනිස්සු පොලවේ පය ගහලා ජීවත් වෙනවා. (නදී)
වීරසිංහ Friday, 31 October 2014 07:54 AM
මේක සාර්ථක වෙයිද? (නි)
විජේදාස Friday, 31 October 2014 08:13 AM
නියමයිනේ! මෙන්න වැඩ! (නි)
සාගර Friday, 31 October 2014 08:29 AM
ඔබ හරි සිරි, ලංකාවේම මිනිස්සු ලංකාවට ලැජ්ජා කරනවා. දවසින් දවස අපි පිරිහෙන්න ප්‍රධාන හේතුව ඕක තමා. (නි)
ගමගේ Friday, 31 October 2014 08:50 AM
මේක නම් නියමයි (නි)
කලීල් Friday, 31 October 2014 10:41 AM
පිටිගලගේ කතාව ඇත්ත (නි)
මහවැව,නිමල් වර්ණකුලසුරිය, Friday, 31 October 2014 11:00 AM
කේ සිරි මහතාගේ අදහසට මගේ ස්තුතිය අගේයි,..(අ)