X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


ජපානයේ උභතෝකෝටිකය:

දෙවන ලෝක යුද්ධයේ අවසාන දින කීපයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ කාර්මික මධ්‍යස්ථාන දෙකක් වූ නාගසාකි හා හිරෝෂිමා නගරවලට පරමාණු බෝම්බ හෙළීමෙන් සිදුවූ දැවැන්ත ජීවිත හා දේපොළ හානිය සැමරීමේ 60 වැනි සංවත්සරය පවත්වන අතර ජපානය නැවත වරක් එවැනිම අර්බුදයකට මැදිවී සිටී. ඒ පසුගිය වසරේ සුනාමියෙන් පසුව අත්හිටවූ න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක නැවත පටන් ගැනීමට ජපන් රජය අවසර දීමත් සමග නැගෙන ජනතා විරෝධයයි. න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක නැවත ක‍්‍රියාත්මක කරවීමට එරෙහිව ජපානයේ අගමැති කාර්යාලය හා පාර්ලිමේන්තුව ඉදිරි පිට දහස් ගණන් ජනතාව පෙළපාලි දක්වති. පසුගිය සති අන්තයේ පැවැති උද්ඝෝෂණවලට දැනට පවතින අයහපත් කාලගුණයද නොසලකා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගි වූ බව වාර්තාවේ. අගමැති යොෂිනිකා නෝඩා ජන මතයට ගරු කරන බව පැවසුවද න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක නැවත ක‍්‍රියාත්මක කිරීමට ගත් තීරණය වෙනස් කරන බවක් තවම දක්නට නැත. ජපානයේ විදුලිබල අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් සපයන න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක අවදානම් සහගත මූලාශ‍්‍රයක් බව හෙළි වූයේ පසුගිය වසරේ හට ගත් සුනාමියෙන් පසුව ටෝකියෝ නගරයට මදක් ඈතින් පිහිටි ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අනතුරට ලක් වීමත් සමගය. මෙම බලාගාරය අනතුරට පත්වූයේ භූමිකම්පාව සහ අනතුරුව හට ගත් සුනාමිය නිසා යැයි මුලින් අදහස් කළද පසුව එය සම්පූර්ණ සත්‍යය නොවන බව ප‍්‍රකාශයට පත් විය. එම විදුලි බලාගාරයේ හටගත් පිපිරුම්වලින් පසුව විකිරණ කාන්දුවීමක් නිරීක්ෂණය වූ නිසා අවට ප‍්‍රදේශවල ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඉවත් කෙරිණ. එම විකිරණ බලපෑම ටෝකියෝ නගරයට පවා බලපාන තත්ත්වයක් ඇති විය හැකි බවට බියක් තිබිණ. මුලදී සුළු ආපදාවක් ලෙසින් හැඳින් වීමට එම ප‍්‍රතික‍්‍රියාකාරකය හිමි ටෝකියෝ විදුලිබල සමාගම උත්සාහ කළද එය මෙතෙක් ලොව සිදුවූ විශාලතම න්‍යෂ්ටික ආපදාව වන චර්නොබිල්වලටත් වඩා විශාල හානියක් බව හෙළි විය. මේ නිසා සුනාමියෙන් හානියක් නොවූ අනෙක් න්‍යෂ්ටික විදුලිබලාගාර හතරත් නතර කිරීමට රජය තීරණය කළේය. ෆුකුෂිමා බලාගාරයේ සිදුවූ හානිය මූලික වශයෙන්ම අත් වැරැද්දක් බව හෙළිවීම නිසා නැවතත් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබෙන තෙක් සියලූ න්‍යෂ්ටික බලාගාර අත්හිටුවීමට ගත් තීරණය වඩාත් තර්කානුකූලය. එහෙත් න්‍යෂ්ටික විකිරණවලට ගොදුරුවූ එකම රට වන ජපානයේ සාමාන්‍ය ජනතාව කුමන තත්ත්වයක් යටතේ හෝ න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක නැවත ක‍්‍රියාත්මක කිරීමට විරුද්ධ වූහ. එවැනි තීරණයකට එළඹීමට එක හේතුවක් වූයේ කුමන තත්ත්වයක් යටතේ හෝ ඇතිවිය හැකි අවදානම් තත්ත්වයක් ගැන සියයට සියයක සහතිකයක් ලබාගත නොහැකි වීමය. ෆුකුෂිමා අනතුරෙන් පසුව ජර්මනියේ හට ගත් ජනතා උද්ඝෝෂණ නිසා න්‍යෂ්ටික විදුලි බලාගාර ක‍්‍රම ක‍්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කිරීමට ජර්මන් රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. දෙවැනුව ෆුකුෂිමා බලාගාරය පිහිටි ප‍්‍රදේශයේ පමණක් නොව ජපානයේ සෙසු ප‍්‍රදේශවල පවා විකිරණ බලපෑමට හසුව ඇති බව විද්‍යාත්මක සාක්ෂිවලින් තහවුරුවීමය. සෙයියම් නම් විකිරණශීලී ද්‍රව්‍ය ආහාර පද්ධතියට (බෝග වගාවට හා සත්ව පාලනයට) ඇතුළත් වීම නිසා අවදානම් තත්ත්වය දිගුකලක් පැවතිය හැකි බවද වාර්තා විය. ඇත්තෙන්ම ජපානයේ න්‍යෂ්ටික විදුලි බලගාර නැවත ක‍්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව පැන නැගී ඇති ජනතා විරෝධය වැදගත් වන්නේ එම බලාගාරවලින් සිදුවිය හැකි විකිරණ කාන්දුව පරිසරයටත් ජන ජීවිතයටත් මහත් හානිකර වීම නිසාම නොවේ. යුද අවියක් වශයෙන් නාගසාකි හා හිරෝෂිමා නගරවලට හෙළන ලද පරමාණු බෝම්බවලට වඩා සිය දහස් ගුණයකින් ප‍්‍රබල න්‍යෂ්ටික බෝම්බ නැවත යොදා ගැනීමේ සැබෑ අනතුරක් දැනට ලොව දක්නට ඇති නිසාය. ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ විනාශ කර දැමීම සඳහා කිසියම් මොහොතක අවි ගැටුමක් ඇති වුවහොත් න්‍යෂ්ටික අවි යොදා ගැනීමට බෙහෙවින් ඉඩ ඇත. ලොව එකම සුපිරි බලවතා වන එක්සත් ජනපදය හෝ මැදපෙරදිග එකම න්‍යෂ්ටික බලවතා වන ඊශ‍්‍රායෙලය එවැනි ගැටුමකදී න්‍යෂ්ටික අවි යොදා නොගන්නා බවට කිසි විටෙකත් සහතික වන්නේ නැත. මෙවැනි පසුබිමක නාගසාකි හා හිරෝෂිමා පරමාණු බෝම්බ ප‍්‍රහාරයේ 60 වැනි අනුස්මරණය ජපානයට වැදගත් වන්නේ එරට ජනතාවට සිය ජීවිතයේදී දෙවැනි වරටත් එවැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම නිසාය. එම අත්දැකීම න්‍යෂ්ටික අවි තැනීම නතර කිරීම හා දැනට ඇති අවි විනාශ කිරීම දක්වා විහිදෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක් දක්වා ව්‍යාප්ත විය යුතු බව හිරෝෂිමා නගරාධිපතිවරයා කළ ප‍්‍රකාශය ලොව සියලූ දෙනාටම වැදගත් වන්නේ එම අනතුර වෙන කවදාටත් වඩා අද උත්සන්නව ඇති හෙයිනි.

සටහන - මහින්ද හත්තක
ෆුකුෂිමා බලාගාරය විකිරණ පරීක්ෂාවක් ෆුකුෂිමා බලාගාරයෙන් නිකුත් වූ විකිරණවලට හසුවූයේ දැයි පරීක්ෂා කරමින්... ජපන් අගමැති නෝඩා



අදහස් (0)

ජපානයේ උභතෝකෝටිකය:

දුමින්ද Saturday, 11 August 2012 05:46 AM

අපි ලෝකේ ප්‍රශ්න විසදන්න කලින් අපේ ඒවා විසදගෙන ඉම්මු (දී)

:       0       0

ප්‍රියන්ත කඩවත Saturday, 11 August 2012 09:17 PM

ජපානෙ මෙහෙමනම් ඉන්දියාවෙ න්‍යෂ්ඨික බලාගාරයකට මොනවාහරි උනොත් අපිට වෙන්නෙ මුහුදෙ පනින්නද?(නු)

:       0       0

විරාජ් Sunday, 12 August 2012 06:36 PM

ජපානයේ ජනතාව බුද්ධිමත්

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site