ජර්මනියේ රෝගීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය තෙක් සිර දඩුවම් නියම වූ ජර්මන් හෙද නිලධාරියකුට හදවත් රෝගී ඖෂධ එන්නත් කිරීම මගින් තවත් රෝගීන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළැයි විමර්ශනයක් ආරම්භ කර තිබේ.
නීල්ස් එච් (39) නම් හෙද නිලධාරියාගෙන් සේවය ලබාගත් පසු ජිවිතක්ෂයට පත්වූ බව කියන රෝගීන් 99 දෙනෙකුගේ මළ සිරුරු ගොඩගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබේ.
එමෙන්ම එම මළ සිරුරු වලින් 27ක හෘද රෝග එන්නත අන්තර්ගත වී ඇති බව හෙළි වී ඇති අතර, ඔහු රෝගීන් 30 දෙනෙකු දක්වා ඝාතනය කළ බව අධිකරණයේ දී කියා තිබේ.
උතුරු ජර්මනියේ ඔල්ඩන්බර්ග් දිස්ත්‍රික්කයේ අධිකරණයක ඔහුගේ නඩු විභාගය සිදු වෙයි. ඔහු රෝගීන් සුව කිරීම මගින් ප්‍රසිද්ධිය දිනා ගැනීමට ඇති ආශාවෙන් ඖෂධ නිසි පරිමාවට වඩා ලබා දී ඇති බව සදහන් කර තිබේ.
මෙම ඝාතන 2003 සිට 2005 දක්වා සිදුවූ බවද සදහන් වේ.
ඔල්ඩන්බර්ග්හිදී හා ඔහු සේවය කළ වෙනත් සායන වලද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ. අවම වශයෙන් මල සිරුරු 200ක් පමණ පරික්ෂා කිරීමට නියමිත බව පොලිසිය පවසයි. ඔහු විසින් සිදු කළ ඝාතන සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවත් ඒ සියලුම මරණ වලට මොහු වරදකරු වුවහොත් යුද්ධයෙන් පසු වැඩිම ඝාතන සංඛ්‍යාවක් සිදු කළ පුද්ගලයා බවට පත්වනු ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු කාර්ය මණ්ඩලය සමග සුහදව කටයුතු කළ හෙද නිලධාරියකු බව වෛද්‍යවරයකු ප්‍රකාශ කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජර්මන් හෙද නිලධාරියා 99ක් මරලා?
අතුල Friday, 24 June 2016 05:50 AM
මොන හිතකින්ද මෙහෙම අපරාධ කරන්නේ? (නි)
පිටබැද්දර ජයා Friday, 24 June 2016 10:55 AM
මොහු මානසික රෝගියෙක් වගෙයි (නි)
උපාලි Sunday, 26 June 2016 02:07 AM
ලෝකය පුරාම, තමන්ට දී තිබෙන්නේ වැරදි බෙහෙතක් බව නොදැනම සද්භාවයෙන්ම ඒ බෙහෙත් බීලා මැරෙන සංඛ්‍යාව බොහොම විශාලයි කියලා මම දැක්කා අන්තර්ජාලයේ තියෙනවා. (නි)
සරත් Sunday, 26 June 2016 01:58 PM
ලංකාවෙනම් වර්ජන නිසාත් ලෙඩ්ඩු මැරෙනවානේ (බ)