X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ජර්මනියේ මියුනිච් නගරයේ වෙඩි තැබීමක්

ජර්මනියේ මියුනිච් නගරයේ වෙඩි තැබීමක් හේතුවෙන් උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.ඇසින් දුටු සාක්ෂි කරුවන්ගේ අදහස් අනුව තුවක්කුකරුවන් තිදෙනෙකු එම වෙඩි තැබීම සිදු කොට තිබේ.

පුද්ගලයින් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි සදහන් වන නමුදු පොලිසිය එම තොරතුරු තහවුරු කොට නොමැත. මෙම තත්වය හේතුවෙන් එම ප්‍රදේශවාසීන්ට මහාමාර්ග සහ ප්‍රසිද්ධ ස්ථාන වලින් ඉවත්ව සිටින ලෙස පොලිසිය දැනුම් දී තිබිණි.  සැකකරුවන් පලායමින් සිටින විටදී පවා වෙඩි තැබීම සිදුවිය හැකි හේතුවෙන් එම දැනුම් දීම සිදු කර තිබේ.

පොලිසිය මෙම සිදුවීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හදුන්වා ඇත.   වෙඩි තැබීම සදහා හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.එම අවස්ථාවේ  නගරයේ වෙළදසැල් වල සිටි අයට ඉන් පිටවී නොයා බොහෝ වෙලාවක් රැදී සිටීමට සිදුවිය.මේ හේතුවෙන් නගරයේ ප්‍රවාහනයද අත්හිටුවා තිබිණි. දුම්රිය ස්ථානයේ සිටි සියලුම පිරිස් ඉන් ඉවත් කෙරිණි. 

 තත්වය පාලනය සදහා පොලිස් භට පිරිස් සහ හමුදා යොදවා තිබේ.



අදහස් (0)

ජර්මනියේ මියුනිච් නගරයේ වෙඩි තැබීමක්

ජනහිත Saturday, 23 July 2016 01:26 AM

ලංකාවේ ත්‍රස්තවාදය නැතිකරපු අයට මල් පිදියයුතු වෙන්නේ මේවා අහන, දකිනකොට තමා. ශ්‍රී ලංකාවේ අය මේවාට නිතරම මුහුණ දුන්නනේ. ඒත් අද මොකද වෙලා තියෙන්නේ? ඒ ත්‍රස්තවාදය නැතිකරපු එක පාරාවළල්ලක් වෙලා නේද? (නි)

:       0       0

මෙන්ඩිස් Saturday, 23 July 2016 05:24 AM

අනේ මන්දා මොනවද මේ රටවල සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

නාමල් Saturday, 23 July 2016 06:54 AM

ජනහිත, ඔබේ අදහස නිවැරදියි. අපේ අය‍ට ආයෙත් තමන් ළඟ පිපිරෙනකම් 2009 ට පෙර කිසිවක් මතක නැත (නි)

:       0       0

සේනක Saturday, 23 July 2016 07:07 AM

එදා ජිනිවා මානව හිමිකම් ගැන කතාකරපු අැමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට මේවා හොඳ පාඩම්. (නි)

:       0       0

රත්න Saturday, 23 July 2016 07:28 AM

ජනහිත මහත්තයෝ, ඔයා මේ කියන්නේ බන්ධනාගාරගතවෙලා ඉන්න සහ ඇප පිට එළියට ඇවිල්ලා ඉන්න අය ගැනද (නි)

:       0       0

අරුණ Saturday, 23 July 2016 11:50 AM

බලයට කෑදරකමට බොරු කියලා බලයට ඇවිත් රට ආයේ ත්‍රස්තවාදීන්ට දෙන්න නම් එපා. (හේ)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 24 July 2016 02:27 AM

මේ ගිනිදැල් ඉක්මණින් නිවේවා! (නි)

:       0       0

කරුණාපාල Sunday, 24 July 2016 02:35 PM

අපේ රටින් ත්‍රස්තවාදය තුරන් කලාට, මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය!! (රේ)

:       0       0

අශෝක ‍ Monday, 25 July 2016 03:21 AM

අපිටත් මෙවැනි අඳුරු යුගයක් තිබූ බව දැන් බොහෝ දෙනෙකුට අමතකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site