ජලකර වායුවෙන් බල ගැන්වූ රේසින් ගණයට අයත් ලොව ප්‍රථම මෝටර් රථය නිපදවීමට බ්‍රිතාන්‍යයේ ඇස්ටන් මාර්ටින් මෝටර් රථ සමාගම සැරසේ.
ජලකර (හයිඩ්‍රජන්) දහනයේදී සාමාන්‍ය ඉන්ධන දහනයේදී මෙන් කාබන්ඩයොක්සයිඩ් වායුව පිටවීමක් සිදු නොවේ.
දහන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස නිපදවෙන්නේ ජලය පමණි.
මෝටර් රථය නිපදවා එය පැය 24 ක් පුරා දිවෙන ධාවන තරගයකටද යෙදවීමට ඇස්ටන් මාර්ටින් සමාගම සැළැසුම් කර ඇත.තරගය ජර්මනියේ ප්‍රකට ධාවන පථයක් වන නියුරෙම්බර්ග් හිදී පැවැත්වේ.
ධාවන බලය ලබාදීම අතින් හයිඩ්‍රජන්ද පොසිල ඉන්ධන වලට දෙවැනි නොවන බව පෙන්වීම ඇස්ටන් මාර්ටින් සමාගමේ අරමුණයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජලයේ බලය පෙන්වයි
රූපා Monday, 15 April 2013 02:50 PM
පේනවද ලෝකේ දියුණු වෙන උත්සාහවන්ත රටවල්. විශිෂ්ට සමාගම්.අද්විතීය නිෂ්පාදන. උතුම් ජාතින්... අපි අන්‍ය ජාතීන්ට කෑ ගගහා පුරාජේරු කියා කියා ලෝකෙටම ණය වේවි කල් මරමු. (නි)
ශීලා Monday, 15 April 2013 02:52 PM
මේ අද්විතීය නිර්මාණය කරන්නට දායක වූ සියල්ලටම අපි ස්තුති වන්ත වෙමු. අනාගතේ ලොව පරිසරය වඩාත් ලස්සන වේවී. ඔබට ප්‍රණාමය! (නි)
ලසන්ත Monday, 15 April 2013 02:53 PM
ලොව තෙල් තියන රටවල ඒකාධිකාරිය බිද වැටෙන දින ළගදීම ඒවි. ඒ විතරක් නෙමෙයි, තෙල් නිසා මේ වෙන යුද්ධ ගොඩක් නැවතී යනු ඇත.නියමයි.... (නි)
පද්මා Monday, 15 April 2013 02:55 PM
මේ තාක්ෂණය දැනට ජෙට් වලට යොදාගන්නවා. නමුත් ලංකාවේ තියෙන මිග් ජෙට් වල නම් නැහැ. හේතුව මිග් හදලා තියෙන්නේ 1960 ගණන් වල අග බාගේදී. (නි)
සනා Monday, 15 April 2013 05:25 PM
කෝ අපේ සේනාව? (නි)
පාල Monday, 15 April 2013 05:28 PM
ඇයි රාවනාට දඩු මොනරෙක් හිටියේ? රජවරු වැව් හැදුවේ? ... කියා කියා පුරාජේරු කියවන අපේ රටේ අය තාම ඉන්නවා. මෙහෙම කියන ගමන් බිරිය රට අරිනවා. කට ගොන්නක් බිගෙන කිසිම වැඩක් නොකර සුද්දන්ට බනිනවා. (නි)
ඉන්දික Monday, 15 April 2013 08:42 PM
මුලින්ම මේ තාක්ෂනය හොයා ගත්තේ ලංකාවේ කොල්ලෙක්. කාටවත් දැන් ඒක මතක නැහැ. මේ කොල්ලට මොකද වුණේ කියලා කව්රුත් දන්නේ නැහැ. (නි)
රවීන්ද්‍ර Monday, 15 April 2013 09:32 PM
අමතක වුණ අයට මතක් කරදීමක් www.youtube.com/watch?v=g_7S48Mu_H4 (නි)
සෙනරත් Monday, 15 April 2013 11:14 PM
මේවා හදලා කරලියට එනකොට ලෝකේ කාබන් වලින් විනාශ වෙලා අවසාන වෙලා යයි (නි)
ප්‍රසාද් Tuesday, 16 April 2013 12:09 PM
පේනවද තාක්ෂණය? (නි)
විමල් Tuesday, 16 April 2013 05:26 PM
අරාබි රටවලට අල්ලාගෙම පිහිටයි! (නි)