X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ජිනීවා වාර්තාවට බ්‍රිතාන්‍ය රජයේ සතුට

ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද්ධයේ අවසන් අදියරේදී සිදුවීයැයි පවසන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ගොඩනැඟී ඇති හෝ ගොඩ නඟා ඇති මතය පසුබිම් කොට ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද විද්වත් කමිටුවේ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය රජය සතුටු වන බව බ්‍රිතාන්‍යයේ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්විරේ පැවසිය.

පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානව හිමිකම් කඩ වුවාද කියා සොයාබැලීම උදෙසා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට 2014 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණ යෝජනාවට බ්‍රිතාන්‍ය රජයද හවුල් කරවෙක් විය.

මේ පිළිබඳව නිකුත් කර ඇති නිවේදනයේ මෙලෙස සඳහන්ව ඇත. 

" මම මෙම වැදගත් වාර්තාව ප්‍රකාශයට පත්කිරීම සාදරයෙන් පිළිගනිමි. ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහ මෙම වාර්තාව සකස් කිරීම සඳහා කටයුතු කළ සියලු දෙනාට බ්‍රිතාන්‍ය රජයේ කෘතඥතාවය පුද කිරීමට කැමැත්තෙමි. වාර්තාවේ සඳහන් කරුණු සහ නිර්දේශ සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යයනයක් සිදුකර ශ්‍රී ලංකා රජය මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද සමඟ එක්ව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව සම්මතික තීරණයක් ලබාගැනීමට අවශ්‍ය සහයෝගයක් සැපයීමට අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාව තුළ සියලු ජන කොටස් අතරේ සංහිඳියාවක් වර්ධනය වී මානව අයිතීය සුරැකෙන කල්පවත්නා සාමයක් ඇතිවනු දැකීම බ්‍රිතාන්‍ය රජයේ අභිලාශය බවද සඳහන් කරමි."



අදහස් (0)

ජිනීවා වාර්තාවට බ්‍රිතාන්‍ය රජයේ සතුට

පුක්කුස වීරේ ලන්ඩන් Friday, 18 September 2015 11:38 PM

සුදාර, කරුණාකරලා නොදන්නා දේවල් වලට ප්‍රතිචාර නොදා ඉන්න. ඔයා නම් පිටරට යනවා කියලා නාගදීපෙටවත් නොගිය කෙනෙක් වගේ පෙනෙන්නේ. මේ රටවල තිබෙන මානව හිමිකම මොකක්ද? මෙහෙ හැම ආයතනයක්ම පාලනය කරන්නේ සුද්දෝ. ඔවුන් තාක්ෂණික වැඩ වලට අදක්ෂ නිසා එම රැකියාවල්ද වහල් තත්වයට පත්කරලා (නි)

:       0       0

සුබා Tuesday, 22 September 2015 08:32 PM

සමීර,ඔයා ඔහේ චිරාත් කාලයක් හිටියාට මාරිටත් හපන් ළිඳක ඉඳලා තියෙන්නෙ මට පෙනෙන විදිහට. එන්ගලන්තය, ඇමරිකාව කියන්නෙ ඉතාම තද විදියට ජාතිවාදය තියන රටවල්. නීතිය නම් ඔක්කොටම එකයි කියලා කියන්නෙ, ඒත් ගෙම්බො නොවන අය දන්නවා ඇත්ත (නි)

:       0       0

ප්‍රංශයේ - සුජීව Monday, 21 September 2015 01:46 PM

අපේ රටේ මිනිස්සුන්ට සංවර්ධනය ගැන තේරෙන්නේ නැහැ පරිප්පු ,සිනි අඩු කළා නම් මේ මිනිස්සුන්ට ඇති (බ)

:       0       0

ගජබා Monday, 21 September 2015 10:57 AM

අලුතෙන් ආපු යාලුවන්ගේ වැඩ තෙරෙයි වැඩි කල් නොගොස් (අ)

:       0       0

රිතික් Sunday, 20 September 2015 01:28 AM

අපිට ඇයි අපේ පාඩුවේ ඉන්න දෙන්න බැරි? (නි)

:       0       0

රාධා Saturday, 19 September 2015 11:59 PM

ඕවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට (නි)

:       0       0

වික්ටර් Saturday, 19 September 2015 09:14 PM

අපි මරාගන්නේ ඇයි? ජනාධිපතිතුමා, අගමැතිතුමා,මංගල ඇමතිතුමා කියනවානේ වාර්තාව රටට හොඳයි කියලා.මහින්ද මහතා මොනවාද කියන්නේ කියලාත් බලමු (නි)

:       0       0

සුදේශ් Saturday, 19 September 2015 08:45 PM

අයර්ලන්තයේ වෙච්ච දේවල් ගැන අවුරුදු 30ක් තිස්සේ මොකුත් හෙව්වේ නැහැ. අපිට බණ කියන්න එනවා. ආපසු යටත් විජිතයකට පත්කරන්නද හදන්නේ. (නි)

:       0       0

සාලිය Saturday, 19 September 2015 05:35 PM

සුද්දන්ට ආවඩන අය මතක තියාගන්න. ඔය සුද්දෝ අපේ රට හුරාගෙන කෑවා. ඔය දුම්රිය, පාරවල්,පාලම් බෝක්කු හැදුවේ අපිට ආදරේට නෙමෙයි. (නි)

:       0       0

දර්ශා Saturday, 19 September 2015 05:38 AM

මොහාන් ,, නියමයි !!! (ම)

:       0       0

මොහාන් Saturday, 19 September 2015 04:47 AM

චන්දන මානව හිමිකම් රකින්න උපදෙස් දෙද්දි මෝඩකමට බටහිරට බනිනවා නෙමෙයි, 2009 කලින් බල්ලොවගේ හිටපු අය මානව හිමිකම් රකින්න උපදෙස් දෙන එකටයි බනින්නේ. එක තේරෙන්නේ නැත්තන් ඔයත් ගොනෙක් වගේ මෙතන කොටන්න එන්න එපා. (අ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 18 September 2015 06:23 AM

බ්‍රිතානයේ ඉන්න සිංහලයෝ ඇත්තටම රටට ආදරේ නම් බ්‍රිතාන්‍ය පුරවැසිකම ගිනි තියල අයෙත් ලංකාවට එන්න (බ)

:       0       0

සමීර Friday, 18 September 2015 08:16 PM

මාරී, ළිඳක් ඇතුළේ හිටියාට කමක් නැහැ,ළිං මැඩියන්ගේ සද්දය නොදා ඉන්න. බ්‍රිතාන්‍යයේ සුද්දන්ට කල්ලන්ට කියා නීති දෙකක් නැහැ.කට අරින්න පෙර බටහිර නීතිරීති දැනගෙන අදහස් දක්වන්න. අපි මෙහෙ චිරාත් කාලයක් ඉඳගෙන මේ කියන්නේ. (නි)

:       0       0

සුදාර Friday, 18 September 2015 04:03 PM

මාරි දන්න දෙයක් කතා කරන්න? ජීවිතේට බටහිර රටට ගිහින් තියෙනවද? ඔබ කියන විදිහෙ නීති 2ක් නෑ.. හැබැයි සුද්දන්ගෙ රටේ කල්ලෙක් ජනාධිපති වුණා

:       0       0

වීරේ ලන්ඩන් Friday, 18 September 2015 03:36 PM

මේ රටේ ඉන්න සිංහලයෝ නිදි. මේ වගේ ප්‍රකාශයක් කරාම සියල්ල එකතු වී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉස්සරහට ගොස් මෙම එක පාර්ශවික ප්‍රකාශය හෙලා දැකිය යුතුයි. අපේ සිංහලයෝ ටික තමන්ට යහ මග යන්න ශිල්ප ශාශ්ත්‍රය දුන් පාසල් මෑණියන්ගේ නමින් 'ආදී සිසු' සංවිධාන හදාගෙන විදුහලේ නමින් අමු බේබද්දන් සේ බිබී බාල් නටනවා හැරෙන්න වෙන මොනාද කරන්නේ? (අ)

:       0       0

මාරි Friday, 18 September 2015 02:01 PM

සුද්දන්ට අපේ රට ස්ථාවරව තිබෙනවා බලන් ඉන්නම බැහෙ මොකක් හෝ කරදරයක් කරනවා අනුන් ගැන සොයන්න කලින් තමන්ගේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදය හරියට ස්ථාපිත කරන්න. එහෙ සුද්දන්ට එක නීතියකුත් කල්ලන්ට තව නීතියක් ක්‍රියාත්මක වෙන්නේ (අ)

:       0       0

දුමින්ද Friday, 18 September 2015 09:02 AM

පරණ තුවාල පාරා ලබන නරක සතුටක් (ම)

:       0       0

රංජනී Friday, 18 September 2015 07:45 AM

මේ වාර්ථාව පිළිගත නොහැක.(හේ)

:       0       0

සමීර Friday, 18 September 2015 07:43 AM

හිතා ගන්න බෑ අපිට මොකක්ද මේ වෙන්න යන්නේ කියලා.(හේ)

:       0       0

සමූලී Friday, 18 September 2015 07:28 AM

අපට කෙලවෙනකොට සතුටු රටවල්... මෙයාලා 1505 ඉදන් කරපුවට වන්දි ඉල්ලන්න ඕනෙ. (ම)

:       0       0

චන්දන Friday, 18 September 2015 06:41 AM

අපේ නිෂ්පාදන ගන්න හරි ඉන්නේ ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, යුරෝපා සංගමය, ජපානය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් විතරයි.. හැමෝම පනින්න හදන්නෙත් මේ රටවලට.. නමුත් මේ රටවල් අපේ රටේ මානව හිමිකම් රකින්න උපදෙස් දෙද්දි මෝඩකමට බටහිරට බනිනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site