වාර්ෂිකව ලෝක බලවතුන් ඇමරිකාවේ ෆෝබ්ස් සඟරාව මෙවර පළමුවරට උතුරු ඉරාකයේ ප්‍රදේශයක් පාලනය කරන ජිහාඩ් කැරළි නායකයෙක් තෝරාගෙන ඇත.
අන්තවාදී ඩේෂ් සංවිධානයේ නායක අබු බකර් අල් බැක්ඩාඩ් ෆෝබ්ස් සඟරා ලෝක බලවතුන් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ 54 වැනි ස්ථානය හිමිකරගෙන සිටී.
බ්‍රිතාන්‍ය ජාතික කෝටිපති ලක්ෂ්මි මිට්ල් ඔහුට වඩා ශ්‍රේණි තුනක් පහළ බැස ඇත.
මෙවරත් ලෝකයේ බලවත්ම පුද්ගලයාගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දෙවැනි වරටත් හිමිකර ගැනීමට රුසියා ජනාධිපති වැලැඩිමීර් පූටින් සමත් විය. දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ චීන ජනාධිපති ෂී ජින් පින්ග් හිමිකරගෙන ඇත. සිව්වැනි ස්ථානය පාප් වහන්සේටය.
බලවත් කාන්තාවන් අතර ප්‍රථම ස්ථානයේ සිටින ජර්මන් චාන්ස්ලර්වරිය ඇන්ජෙලා මර්කෙල් පස්වැනි ස්ථානයත් සත්වැනි ස්ථානය බිල් ගේට්ස් හටත් නවවැනි ස්ථානය ගූගල් සමාගමටත් හිමිවේ. ප්‍රංශ ජනාධිපති 17 වැනි ස්ථානයටද ඇතුළත්වී ඇත්තේය.
නිව්යෝර්ක් නගරයේ පස්වැනි ඇවනිව් හිදී ෆෝබ්ස් සඟරාව ඇරැඹුවේ 1917 දීය. වර්ෂ 1880 මැයි මස 14 වැනිදා ස්කොට්ලන්තයේ උපත ලද බ්‍රෙර්ට් චාල්ස් ෆෝබ්ස් තරුණ වියේදීම ඩන්ඩි සරසවියෙන් උපාධියක් හිමිකර ගෙන 1901 දී එහි ප්‍රාදේශීය පුවත්පතක වාර්තාකරුවකු, ලේඛකයකු ලෙස ජීවිත සටන අරඹයි. කලක් දකුණු අප්‍රිකාවේද ඉන් අනතුරුව මියයන තුරු ජීවත්වූ නිව්යෝර්ක් නගරයට 1904 දී පැමිණෙන්නේය.
ප්‍රාදේශීය මාධ්‍ය හරහා උපත ලබමින් මාධ්‍ය ලෝකයේ සුපතල දැවැන්ත චරිතයක් හිමිකරගත් ඔහු අද ලෝක ප්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාව ලොවට බිහිකළ පියා වූයේය. ලෝකයේ විවිධ විෂයයන්හි සම්මත පිළිගත් ශ්‍රේණිගත කිරීම් එළි දක්වන්නේ ෆෝබ්ස් සඟරාවයි. වයස අවුරුදු 73 දී ඔහු මියයන විට මාධ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි ඉහළම තනතුරු දැරුවේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජිහාඩ් නායකයා ලෝක බලවතුන් අතරට
වරුණ Wednesday, 12 November 2014 05:13 AM
අපේ කවුරුත් නැද්ද ඔය ලයිස්තුවේ කොනක හරි?(දිල්)
වරුණ Wednesday, 12 November 2014 05:13 AM
අපේ කවුරුත් නැද්ද ඔය ලයිස්තුවේ කොනක හරි? (බ)
රමේෂ් Wednesday, 12 November 2014 09:26 AM
මම නම් දන්නේ නැහැ කියන්න හරියටම (දී)
කුමාර් Wednesday, 12 November 2014 03:09 PM
මේ මිනීමරු "ජිහාඩ් නායකයා" තමා "සාතන්" ගේ ප්‍රධාන නියෝජිතයා ලෝකයේ. (නදී)
නාත් රණසිංහ Wednesday, 12 November 2014 07:58 PM
ලංකාවේ කවුරුත් නැහැ නේද? අපිට හිතන්න දෙයක් තිබෙනවා (නි)
මාගලී Thursday, 13 November 2014 12:53 PM
ඉතින් සාතන්ව මැව්වේ දිවියන්වහන්සේනේ අනේ (අ)