ජීවිත 112ක් බිලි ගනිමින් ඉකුත් මාසයේ බංග්ලාදේශයේ ඇඟලූම් කම්හලක හට ගත් ගින්න එහි සේවය කළ අයෙකු විසින් සිදු කරන ලද කඩාකප්පල්කාරී කි්රයාවක් බව ඒ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන එරට රජය පත් කළ කොමිසම කියා සිටී. ගින්න ඇවිළ වූයේ කවුරුන්දැයි යන්න මෙහිදී වැදගත් නොවන බව පැවසූ එම කමිටුව සිය සේවකයන්ගේ ආරක්ෂාව නිසිලෙස තහවුරු නොකළ එහි හිමිකරුට දඬුවම් ලබා දිය යුතු බව ද අවධාරණය කර පැවැසීය. කම්හල් ගින්නේ සිදුවීමෙන් අනතුරුව රජයේ නිලධාරීන් පිරිසකට මෙන්ම කර්මාන්ත පාලනය කරන නිලධාරීන් ඊට වගකිවයුතු බව පවසමින් දෝෂාරෝපණ එල්ල වන්නට විය. හදිසි අවස්ථාවකදී කි‍්‍රයාත්මක වීම පිණිස නිසි ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබුණේ නම් සිදු වූ ජීවිත හානි අවම කර ගැනීමට හැකිව තිබූ බව එම කමිටුවේ අදහසයි. ඇඟලූම් කම්හල පිහිටි තට්ටු අටකින් සමන්විත ගොඩනැගිල්ලේ හදිසි අවස්ථාවකදී පිටවිය හැකි අයුරින් දොරටු තනා නොමැති බව සඳහන් කළ එම කමිටු ප්‍රධානී මයිනුද්දීන් කන්ඩෙකර් එම ගොඩනැගිල්ලේ නීත්‍යනුකූලව ඉදිකර ඇත්තේ මහල් තුනක් පමණක් බව ද කීය. රටේ ඇති ඇඟලූම් කම්හල්වල සේවය කරන්නන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස ‘‘ප්‍රබල කාර්ය සාධක බලකායක්’’ පිහිටු වන්නැයි කමිටුව රජයට දන්වා සිටී. සාමාජිකයන් හතර දෙනකුගෙන් යුතු එම කමිටුව සිද්ධිය පිළිබඳ අවසන් වාර්තාව පෙරේදා(17) බංග්ලාදේශ රජයට බාර දුන්නේය. මේ අතර සිද්ධිය පිළිබඳ තවත් පරීක්ෂණ දෙකක් තවමත් කි‍්‍රයාත්මක වේ. බංග්ලාදේශයේ අපනයනවලින් සියයට අසූවක දායකත්වකයක් දක්වන්නේ ඇඟලූම් කර්මාන්තයයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජීවිත 112ක් බිලි ගත් බංග්ලාදේශ ඇඟලූම් කම්හල් ගින්න කඩාකප්පල්කාරී වැඩක්
මධු Wednesday, 19 December 2012 04:11 PM
බුදු දහම විනාශ කරන්නන් හට කර්මය මොන විදියකින් හෝ පළ දෙනවාමයි. (නි)
රොෂාන් Wednesday, 19 December 2012 04:37 PM
පවු අහිංසක මිනිසුන්... (නි)
ලාල් Wednesday, 19 December 2012 06:39 PM
අල්ලාහ්! (නි)
ෂෙරීෆ් Wednesday, 19 December 2012 09:35 PM
මධූ වගේ අය එදා ඇෆ්ඝනිස්ථානයේ ඉන්න ඇති. (නි)
පුබුදු Thursday, 20 December 2012 09:34 AM
මධු හරි. මේවා දිට්ට ධම්ම වේදනීය කර්ම තමයි. (නි)
රොෂාන් Thursday, 20 December 2012 10:20 AM
මධූ, ඔයාගේ මෝඩකම ප්‍රශ්නයක් කරගන්න එපා. (නි)
මධූ Thursday, 20 December 2012 09:09 PM
කවුරු කවුරුත් තොප්පිය හරිනම් දා ගන්න (ස)