X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


ජීවින් දෙදෙනකුගේ සංකලනයක් වූ ඩයිනෝසරයා

පැරණි උරග ඩයිනෝසරයකු මුහුදේ පිහිනා යන ආකාරය පරිගණක මාධ්‍ය භාවිතයෙන් ප්‍ර‍තිනිර්මාණය කිරීමට විද්‍යාඥයෝ පිරිසක් කටයුතු කළහ. මේ ජීවීන්ගේ අස්ථි සැකැස්ම තිබූ ආකාරය සියුම්ව අධ්‍යයනය කරමින් ඔවුන් ස්වභාවික පරිසරයේ හැසිරුණු ආකාරය මෙමගින් නිර්මාණය කර තිබේ.

එංගලන්තයේ ඩෝසට් කදු බෑවුමේ තිබී මේ ෆොසිලය සොයාගන්නා ලද්දේ අදින් වසර 200ට පමණ පෙරාතුව මාරි ඇනින් නමැති කාන්තාවක විසිනි. ඇගේ පවුලේ ව්‍යාපාරය වී ඇත්තේ ෆොසිල එකතුකර විකිණීමයි. පැරණි වාර්තාවලට අනුව ඇය මේ ෆොසිලය සොයාගෙන ඇත්තේ 1821 වර්ෂයේ දී ය. ඒ වනවිට ලොව විද්‍යාඥයන් ඩයිනෝසර යන වචනය හා ඔවුන්ගේ ජීව විද්‍යාත්මක දත්ත පවා වාර්තා කර තිබුණේ නැත.

උරගයකු වූ මේ ෆොසිල ජීවියා දැන් නම්කර ඇත්තේ ප්ලෙසිඕසර් නමිනි. විද්‍යාඥයන් පවසන්නේ මේ ජීවියා තම ඉදිරිපස ගාත්‍රා යොදා ගනිමින් පෙන්ගුයින් ආකාරයෙන් ජලයේ පිහිනා ගොස් ඇති බවයි.  

ෆොසිලය සොයා ගැනීමෙන් වසර කිහිපයකට පසු විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන මාරි පවසන්නේ තමන්ට හමුවූ මේ ෆොසිල ජීවියා ගාත්‍රා උපයෝගී කරගෙන ජලයේ පිහිනූ ආකාරය පුදුම සහගත බවයි. කෙසේ වෙතත් ඇගේ මේ සොයාගැනීම මත පදනම්ව පරිගණක අනුරුවක් නිර්මාණය කළ එංගලන්තයේ නොටින්හැම් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ආචාර්ය ඇඩම් ස්මිත් පවසන්නේ ජලයේ පාවී යන ඔරුවක හබල් ක්‍රියාත්මක කරන ආකාරයෙන් මේ මුහුදු ජීවියා තම ගාත්‍රා උපයෝගී කරගෙන පිහිනා යන්නට ඇති බවයි. මේ ජීවියා වර්තමාන කැස්බෑවාගේත් පෙන්ගුවින්ගේත් සංකලනයක් වැනි ස්වරූපයක් ගන්නට ඇතැයි ද පර්යේෂකයන්ගේ විශ්වාසයයි.

‘‘මේ සතාගේ පිහිනීම පවා කැස්බෑවන්ගේ හා පෙන්ගුවින්ගේ පිහිනීමේ සම්මිශ්‍ර‍ණයක් බව අප කළ පර්යේෂණවලින් පෙනී ගියා. කෙසේ වෙතත් මේ සත්ත්වයා ජලයේ ඉතා දරුණු විලෝපිකයක් වන්නට ඇත. ඔවුන්ට පියාපත් වැනි ඉදිරි ගාත්‍රා තිබීම සත්ත්ව ලෝකයේ ඉතා අද්විතීය හිමිකමක්. ඔවුන් අද සිටිනි විශාල කිඹුලන් වැනි භයංකාර සත්ත්ව කොට්ඨාශයක් බවනම් පැහැදිලියි. “

විද්‍යාඥයෝ මේ අපූරු සත්ත්වයා ගැන එසේ කියති.

_87261074_meyerasaurus_skeleton _87261078_plesiosaurus_2010 220px-Mary_Anning_painting 1024px-Golden_Cap_from_Charmouth_beach Mary_Anning_Plesiosaurus - Copy

 



අදහස් (0)

ජීවින් දෙදෙනකුගේ සංකලනයක් වූ ඩයිනෝසරයා

ලෙස්ලි Saturday, 19 December 2015 05:03 AM

ලෝකයේ හුඟක් අය මුහුදේ සිටි විශාල සතුන් දැක තිබෙනවා. සමහරවිට තවමත් මේ වගේ සතුන් මුහුදු පතුලේ ඉන්න පුළුවන් (නි)

:       0       0

අමිල Saturday, 19 December 2015 06:00 AM

මාරි ඇනින්, බොහොම ස්තුතියි මේ සොයාගැනීමට! (නි)

:       0       0

එරංග Saturday, 19 December 2015 06:08 AM

මේවා කියවනකොට පුදුම හිතෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site