X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ජෙලි ෆිෂ්ගේ පිහිටෙන් අමරණීයත්වය ?

මරණය පරදවා සදාකාලිකව ජීවත් වීමට ඇති හැකියාව පිළිබඳ මිනිසුන් සියවස් ගණනාවක සිට පර්යේෂණ කරමින් සිටියි. මෙතෙක් කාලයක් ගොඩබිම සිදුකළ මේ පර්යේෂණ දැන් සාගරය දෙසට ද යොමුවී ඇත.

ක්යෝතෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශින් කුබෝටා ජල්ලිමය මුහුදු සතුන් සම්බන්ධයෙන් 1979 සිට අධ්‍යයනය කළේය.රතු පැහැති ජෙලි ෆිෂ් විශේෂයක් කෙරෙහි ඔහුගේ අධ්‍යයන කටයුතු වැඩිපුර යොමුවී පැවතිණි.

ඔහු ඒ ගැන මෙසේ කියයි.

‘‘ එක් දිනක් මගේ ප්ලවාංග සහිත දැලේ රතු පැහැති කුඩා ජෙලි ෆිෂ් කෙනෙකු සිටියා. තියුණු කෝටු උගේ සිරුරේ ඇනී තිබුණා. ඒ ගැන දුක සිතී මා එම කෝටු ගලවා ඉවත් කළා. මගේ අපේක්ෂාව වුණේ මේ සතා නැවත යථා තත්ත්වයට පත්කර පිහිනා යාමට සැළැස්වීමයි. එසේ කිරීමට නොහැකිව ඌ හැකිළුණා. නමුත් ඌ ඉතා ඉක්මණින් තිරිහන් වුණා. මේ කුඩා මුහුදු සතා යොදා සදාතනික ජීවිතය පිළිබඳ යම් අදහසක් ගත හැකියැයි මට දැඩි විශ්වාසයක් ඇතිවුණා. “

රතු ජෙලිෆිෂ් සම්බන්ධයෙන් පර්යේෂණයේ නිරත වූ මහාචාර්ය කුබෝටා පවසන්නේ වැඩුණු ජෙලිෆිෂ් හෝ මෙඩුසාවෙක් (ජෙලිෆිෂ්ගේ කුඩා අවධිය හඳුන්වන්නේ මෙඩුසාවන් යනුවෙනි) තුවාලයක් සිදුවූ විට මුහුදු පත්ලට ගමන් කරන බවයි. එහිදී තම බිළිඳු අවධියට යලි රූපාන්තරයණය ආපස්සට ගෙන යන මේ අපූරු සත්ත්වයා මුලින්ම අලුත් බහුපාදිකයෙක් බවට පත්වෙයි. ඉන්පසු මේ සතා යළි නව ජෙලි ෆිෂ් කෙනකු බවට පත්වේ. වැඩුණු සතෙක් බිළිඳකු බවට රූපාන්තරණය වීමට මාස දෙකක පමණ කාලයක් ගතවන බව මහාචාර්යවරයා කියයි.

මහාචාර්ය කුබෝටා සිය පර්යේෂණාගාරයේ දී එක් ජෙලිෆිෂ් සතකු 12 වතාවක් සාර්ථක ව තිරිහන් කළේය.

‘‘ මේ සියල්ල සාර්ථක වුවත් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. තිරිහන් වීම සම්බන්ධ යම් වැදගත් සාක්ෂියක් රතු ජෙලිෆිෂ් ගෙන් අපට ලබාගත හැකියි. එය මිනිසුන්ට ආදේශ කළ හැකි වුවහොත් මිනිසා අමරණීයත්වයට ගෙන යා හැකි වේවි. “



අදහස් (0)

ජෙලි ෆිෂ්ගේ පිහිටෙන් අමරණීයත්වය ?

විපුල් Wednesday, 03 September 2014 05:46 AM

අමරණීය වෙනවා කියන්නේ මිනිස්සු තව පව් කරන එක (නි)

:       0       0

අරවින්ද Tuesday, 02 September 2014 03:29 PM

මෙය කිසිදු දිනක යථාර්ථයක් වේද? (නි)

:       0       0

මූර්ති Tuesday, 02 September 2014 04:35 PM

ඔය පාර අහිංසක ජෙලි ෆිෂ්ලා ටිකත් ඉවරයි..! (නි)

:       0       0

ගිහාන් Tuesday, 02 September 2014 07:25 PM

මෙතෙක්කල් අමරණීය වූ ජෙලි ෆිෂ්ගේ අවසානය (නි)

:       0       0

ශෙරාන් Tuesday, 02 September 2014 09:33 PM

කවදාවත් වෙන්නේ නැති දෙයක් වෙයි මේක (නි)

:       0       0

ගමගේ Tuesday, 02 September 2014 10:46 PM

සාලිය අසා තිබෙන්නේ හොඳ ප්‍රශ්නයක්. මැරෙනතුරු මේ ශරීරයට කන්න දෙන්න, ආරක්ෂාවක් ඇතුව තියාගන්න තැනක් හොයාගන්න කොච්චර අමාරුද? (නි)

:       0       0

සුපුන් Wednesday, 03 September 2014 01:10 AM

ජෙලි ෆිෂ්ලාට හොඳ කාලයක් යය‍ි වගේ මට පෙනෙන විදිහට (නි)

:       0       0

ශ්‍රියානි Wednesday, 03 September 2014 03:10 AM

සියල්ල අනිත්‍ය මේ ලොවේ අමරණීයත්වයක් ගැන සිතීම පවා විහිළුවක්. (නි)

:       0       0

දයාන් Wednesday, 03 September 2014 03:26 AM

පුලුවන් වෙයි. ඒත් ලෝක අවසානයට අඩිතාලමක් වෙයි (නි)

:       0       0

දේශාන් Tuesday, 02 September 2014 03:12 PM

මේක වෙන්න පුලුවන් දෙයක්ද? (නි)

:       0       0

ප්‍රියංග Wednesday, 03 September 2014 09:30 AM

අනේ දැනටමත් මේ ඇති වෙලා තියෙන්නේ (නදී)

:       0       0

අකලංක Wednesday, 03 September 2014 10:53 AM

මම හිතන්නේ ඊට වඩා පහසුයි හඳට යන්න පඩිපෙලක් හැදුවා නම් (නි)

:       0       0

දුලාජ් Wednesday, 03 September 2014 10:58 AM

රටට මෙවන් නව අදහස් ඇති අය ඕනෑ (නි)

:       0       0

රනා Wednesday, 03 September 2014 02:35 PM

තවත් ඡන්ද ගුන්ඩුවක්ද දන්නේ නැහැ (අ)

:       0       0

මනෝජ් Wednesday, 03 September 2014 04:06 PM

අමරණීයත්වය අලුත් දෙයක් නෙමෙයි. මේ ගැන වැඩිදුරට හදාරන්න ඕනි නම් ඉන්දියාවේ හිටපු මහා සිද්ද යෝගීන් ගැන හදාරන්න. මිනිස්සුන්ට මරණය අභිබවා යන්න පුළුවන්. හැබැයි එ්කට කර්ම ශක්තියකුත් තියෙන්න ඕනි.(අ)

:       0       0

කසුන් දේ සිල්වා Thursday, 04 September 2014 07:42 AM

ලෝකයේ විනාශය බොහොම ළඟ, සොබාව ධර්මයට එරෙහිව යාමට නොහැක, හේතුවක් නිසා හටගත් සැම දේ දිනෙක විනාශය කරා ලඟාවේ. (නදී)

:       0       0

මාධව කෞශල්‍ය Saturday, 06 September 2014 03:10 AM

අමරණීය වෙනවා කියන එක ලංකාවේ කට්ටියට මහා ලොකු අමුතු දෙයක් නෙමෙයිනේ! (නි)

:       0       0

චමින්ද Sunday, 31 August 2014 08:23 PM

මේ පර්යේෂණය සාර්ථක වුවහොත්,කීයක් ගියත් කමක් නැහැ. පුළුවන් ඉක්මනට ලංකාවටත් බෙහෙත් තොගයක් ආනයනය කරන්න ඕනෑ.මොකද ලංකාවෙත් ඉන්නවා අමරණීයත්වයට කැමති බොහෝ උදවිය. (නි)

:       0       0

තරංග Tuesday, 02 September 2014 02:26 PM

මේ සියලු දේ අනිත්‍යයි (නි)

:       0       0

කුමාර Tuesday, 02 September 2014 12:37 PM

මුලින්ම හොයලා බලන්න ඔය ජෙලි ෆිෂ්ලා අමරණීයද කියලා. මම දන්න විදියට උන්ගේ ආයු කාලය අවුරුද්දයි! (නි)

:       0       0

ලහිරු Tuesday, 02 September 2014 11:39 AM

අමරණීයත්වය පවත්වාගන්න පුලුවන් යම්කිසි වයස් මට්ටමකින් කියලයි මම විශ්වාස කරන්නේ. වැඩුනු මිනිසෙක් නැවත බිළිඳෙක් බවට පත්කිරීම කළ නොහැක්කක්. ජෙලිෆිෂ් පරීක්ෂණය සාර්ථක වීමට ඉඩකඩ බොහෝසෙයින් අඩු විය හැකි නමුත් එය අමරණීයත්වයට කිසියම් උදව්වක් වේවි. (නි)

:       0       0

ශ්‍යාමෝද් Tuesday, 02 September 2014 10:33 AM

ලක්මාල් කියන දේ නිවැරදියි (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 02 September 2014 08:39 AM

“සොබාදහමට නොවන අවනත - ලොවේ කිසිවක් නෑ“ (නි)

:       0       0

ෂෙහාන් Tuesday, 02 September 2014 08:30 AM

ජෙල් ෆිෂ්ලා නම් කලින්ම 18 සම්මත කරගෙන වගෙයි (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 02 September 2014 08:27 AM

විද්‍යාව කොච්චර පර්යේෂණ කරලා දැඟලුවත් බුදුරදුන් වදාල සත්‍යය වෙනස් කරන්න බැහැ. (නි)

:       0       0

විමුක්ති Tuesday, 02 September 2014 04:33 AM

මේ ලෝකය දුකක් පින්වතුනි. (නි)

:       0       0

ලලිත් වීරසිංහ Tuesday, 02 September 2014 03:16 AM

පුලුවන් නම් රනිල් මහත්තය අමරණිය කරන්න (නදී)

:       0       0

සාරංග Tuesday, 02 September 2014 03:07 AM

මට හිනා

:       0       0

ලක්මාල් Monday, 01 September 2014 10:41 PM

ජෙලි ෆිෂ්ට ඒක ස්වභාව ධර්මයෙන් ලැබුණු දෙයක්. නමුත් මොන බෙහෙත් හොයාගත්තත් මිනිසාට අමරණීයත්වයට පත්වෙන්න බැහැ. එහෙම වුණොත් එය ලොවේ අවසානය වේවි (නි)

:       0       0

සාලිය Monday, 01 September 2014 06:33 PM

නොමැරී ඉන්න තරම් මිනිස් සිරුර ජීවත්වෙන්න හොඳ තැනක්ද? (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Monday, 01 September 2014 01:38 PM

අමරණීය තත්වයට පත්වීමට පාරමී පුරනා අයට වටිනා ආරංචියක්. මුහුදේ ඉන්නා ජෙලි ෆිෂ්ලාට අසුබ ආරංචියක්. (නි)

:       0       0

චමිලා Monday, 01 September 2014 06:50 AM

මෙය සාර්ථක උනොත් දුප්පත් මිනිහා දුප්පත් වෙලා අමරණිය වෙයි. පෝස්ත් මිනිහා පෝසත් වෙලා අමරණිය වෙයි. එතකොට පව් පින් වලින් වැඩක් නැහැ. (නදී)

:       0       0

රූපවතී Monday, 01 September 2014 05:15 AM

අනේ මටත් දහයක් විතර ඕනේ. කොහොමද ඕඩර් කරන්නේ කියලත් දන්වන්න. මේ හිගා කන ලෝකේ එකාට එකා කාගෙන මිනී මරාගෙන, ඌ ට වැඩියෙන් මගේ ගොඩ ලොකු වේවා සම්මතයේ රැදුණු මිනිසුන් සමග, තම දරු පව්ල ගැනවත් නොසිතන අදමයින් අතරේ මාත් තවත් කල්පයක් ජීවත් වෙනවද...? අනේ වස කුප්පිය හොදා...!! මට එපා අමරණීය බෙහෙත (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site