විලියම් කුමරුගේ හා කේට් කුමරියගේ දෙවැනි දරුවා වන චාර්ලට් කුමරිය හා වැඩිමල් පුත් ජෝර්ජ් කුමරු එකට සිටින ඡායාරූප පෙළක් ප්‍රසිද්ධිය පත් කිරීමට කේට් කුමරිය කටයුතු කර තිබිණි.
කේට් කුමරිය දරුවන් දෙදෙනාගේ ඡායාරූප හතරක් ගෙන ඇති අතර ජොර්ජ් කුමරු හා චාර්ලට් කුමරිය එකට සිටින පළමු නිල ඡායාරූප මෙම ඡායාරූප බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චාර්ලට් කුමරියගේ වයස සති දෙකක් වන අතර ජොර්ජ් කුමරු එළැඹෙන ජූලි මාසයේදී දෙවැනි වියට පා තැබීමට නියමිතය.
කෙන්සින්ග්ටන් මාළිඟාවේදීය (ඒ.එෆ්.පී)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජොර්ජ් කුමරුගෙන් චාර්ලට් කුමරියට හාදුවක්
රුවනි Monday, 08 June 2015 08:49 AM
මම තනි දරුවෙක්. මව්පියන් විවාහ වෙලා අවුරුදු 10 කින් තමයි මාව ලැබිල තියෙන්නේ. පොඩි කාලේ නම් මව්පිය අවධානය ඇතුළු හැම දෙයක්ම මට තනි භුක්තියට ලැබෙන කොට මම බොහොම සතුටු වුනා. එ්ත් වයසින් වැඩෙත්ම තමයි සහෝදර සහෝදරියන් නැති කමේ කරුමය දැනුනේ. අනෙක් අයගේ හැම කරදරයකදිම අනේ අපොයි කියාගෙන ඉස්සෙල්ලාම දුවගෙන එන්නේ සහෝදර සහෝදරියන්. දානයක් මගුලක් ප්‍රීතිමත් අවස්ථාවක් ආවත් කොහොම හරි උදව්වට එනවා. වැඩිමල් සහෝදරයන් ගෙන් උපදෙස් ලැබෙනවා. මට ඒ වාසනාව නැහැ. අදටත් දුකයි. (නදී)
මහේන්ද්‍ර Wednesday, 10 June 2015 12:24 AM
මගේ නංගිට අනුකම්පා කරලා මම ගමේ හදපු ගෙදර ඉන්න දුන්නා එයාගේ මහත්තයට රැකියාවක් නැති නිසා. අපි ඉන්නේ කොළඹ . ජීවත්වෙන්න අමාරු නංගිට කුලී ගෙවල් වලට ගෙවන්න මුදල් නැහැනේ. අන්තිමට මේ ගෙට ආසා කළ ඒ කපටි සහෝදරිය මගේ දුවට එයාගේ පුතාව යෝජනා කළේ ඔය ගෙදර මගේ කෙල්ලට දෑවැද්දට දෙන්න යන බව දැනගෙන. ඒ රස්තියාදුකාර බෑනාට අපි අකමැති වුණාම දැන් ගෙදර අයිතියට නඩු දාලා. මට දුක දරාගන්න බැරි වුණේ අදටත් මාත් ඔය නංගිත් මෙන්න මෙහෙම පුටු සැටියක බොහොම සතුටෙන් ඉන්න පුංචි කාලයේ පින්තූරයක් මහ ගෙදර තිබෙන බව මතක් වුණාම. (නි)
නිහාල් Wednesday, 10 June 2015 12:24 AM
සුන්දර ඡායාරූපයක් (නි)
මෙත්සාර Tuesday, 09 June 2015 01:28 PM
ඉතාම වාසනාවන්ත දරු දෙන්නෙක්. හොඳ වෙලාවට දරුවනේ ඔයාලා එංගලන්තයේ ඉපදුනේ. බැරි වෙලාවත් ඔය රජ පවුල එහෙම ලංකාවේ තිබුනා නම්, මේ වෙද්දී දේශපාලකයින් ඔය රජ පැළැන්තිය හා බකිංහැම් මාළිගාවත් හොරාකාලා ඉවරයි. පහුගිය කාලේ අපේ රටේ සමහර දේශපාලකයින් බුදුන් වහන්සේගේ පරම්පරාවටත් හිමිකම් කිව්වා. ඒ වගේ දේවල් නම් මතක්වෙද්දීත් තවම හිනායනවා. (නි)
රසික Tuesday, 09 June 2015 03:23 AM
සහෝදර සහෝදරියන් ඉන්න එක වුණත් හැම කෙනාටම සතුටක් වෙන්නේ නැහැ. මගේ සහෝදරියන් දෙන්නා මගේ ප්‍රේම සම්බන්ධය කඩන්න නොගත් වෑයමක් නැහැ. අප්පච්චි නැති වුණ පසු පවුලට පියෙක් වුණ ලොකු අයියා ඒගොල්ලන්ව දෑවැදි එක්ක හොඳ තැන් වලට බන්ඳලා දුන්නා. අන්තිමට වයස 40 ත් පැනලා බඳින්න හදන ලොකු අයියට හරිගිය ව්වාහ යෝජනා ඔක්කොම කැඩුවා. අන්තිමට මේක දැනගෙන ඒගොල්ලන්ගෙන් බොහොම ප්‍රවේශම් වෙලා කල් ගිහින් විවාහ වුණ අයියාට අදටත් දරුවෝ නැහැ. ඉන්දික රුවනි ඒ නිසා සහෝදරයන් නිසා මෙහෙම දේවලුත් ලෝකේ වෙන බව දැනගෙන ,හිත හදාගන්න. (නි)
විද්‍යා Monday, 08 June 2015 07:29 PM
රුවනි දුවේ සහ ඉන්දික පුතේ, ඔබ දෙපළගේ තොරතුරු දැක්කහම මටත් කණගාටු ඇතිවුණා. මටත් ඉන්නේ එකම පුතයි. ඔහුත් මෙය ගැන නිතරම කිය කියා දුක්වෙනවා තවම. එනමුත් එම දරුවාට මම පියෙක් සහ හොඳ සොහොයුරෙක්. ඉන්න දෙමව්පියන් සමඟ ආදරයෙන් ඉන්න. දෛවයේ සමහර දේවල් වෙනස් කරන්න බැහැ. දුක්වෙන්නට එපා. කරුණාව සහ අනුකම්පාව දයාව දියුණු කළහොත් හොඳ මිනිසුන් ඔබ ළඟට එයි. ඔබ දෙපලට මගේ හද පත්ලෙන් ඇතිවන කරුණාව ලැබේවා! (නි)
රුවනි Monday, 08 June 2015 10:37 AM
පාඨක භවතුන්ගේ කාරුණික අදහස් වලට ස්තුතියි .. (ම)
පිටබැද්දර ජයා Monday, 08 June 2015 09:49 AM
රුවනි , දාහක් වටේ හිටියත් බුදු දහමට අනුව අපි තනිවෙන තනියෙන් යන්න වෙන දවසක් එනවා , ඒ හින්ද දහමට අනුව හිත හදාගෙන සතුටින් ඉන්න . (බ)
ශ්‍රීමා Monday, 08 June 2015 09:23 AM
හරිම ලස්සන පොටෝ එකක් (නදී)
ඉන්දික Monday, 08 June 2015 09:12 AM
රුවනි, ඔයාගේ කොමෙන්ට් එක දැකල මට මේක ලියන්න හිතුන. මමත් ඔයා වාගේම ඔය ගැන සෑහෙන්න දුක් වුණා. මටත් සහෝදර සහෝදරියෝ කව්රුත් නැහැ. හිටියේ අම්ම සහ තාත්ත පමණි. දැනට අවුරුදු හතරකට පෙර තාත්තත් නැති වුණා. දැන් ඉන්නේ මම සහ අම්මා පමණි. කව්රුත් නැති අඩුව කියල වැඩක් නැහැ. (ම)
බටගල Sunday, 07 June 2015 11:04 PM
හරිම ලස්සනයි (නි)
ඉසුරන්දි Monday, 08 June 2015 08:25 AM
මේ දරුවොත් පෙර වාසනාවක් කරලා තියෙනවා රජ පවුලක ඉපදෙන්න.(නදී)
මනික් Monday, 08 June 2015 06:36 AM
දැක්කම ආසයි . හරිම ප්‍රීතිමත් දසුනක් ! කොච්චර දයාබර අයියා කෙනෙක්ද ?. (කේ)
කුමාරි Monday, 08 June 2015 06:04 AM
දෙවියන්ගේම පිහිටයි. හරිම ලස්සන දසුනක් (ම)
රොමේෂ් Monday, 08 June 2015 04:33 AM
ඇත්තටම හිතට හරිම සතුටක් දැනුන ඒ සහෝදරකම දැක්කම.දෙන්නටම නීරෝගී යහපත් අනාගතයක් පතනවා.(ම)
චලනි Monday, 08 June 2015 03:32 AM
පින්වන්ත දරුවන් දකින්නට ලැබීමත් වාසනාවක්.(නදී)
රම්‍යා Monday, 08 June 2015 03:27 AM
අනේ හරිම ලස්සනයි (බ)
ශලිනි Monday, 08 June 2015 02:04 AM
ආදරය කරුණාව ඇතුව මේ රජ පවුල දරුවන් හදන වඩන බව පේනවා. ප්‍රීතිමත් දරුවන් දකින්නත් සතුටුයි. (නි)
පිටබැද්දර ජයා Sunday, 07 June 2015 11:10 PM
ආදරයට සෙනෙහසට රජ මැදුර දුගී පැල්පත් කියලා වෙනසක් නැහැ අප්පා! මොනවා වුණත් සුන්දර දසුනක් (නි)