බි්රතාන්ය කිරුළ හිමි අලූත උපන් ජෝර්ජ් කුමරු (බෞතීස්ම කිරීමේ) උත්සවය පසුගියදා ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාළිගයේ රාජකීය දේවස්ථානයේදී පැවැත්විණි. මෙය රාජකීය ඥාතීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු විය.
බි්රතාන්ය කිරුළ හිමි තුන්වැනි පුරුක වැනි ජෝජ් කුමරුට මාස 3 සම්පූර්ණ වූවා පමණි. මේ සඳහා වැඩි මාධ්‍ය ප්‍රචාරයක් නොලැබුණුද ජෝජ් කුමරුගේ බව්තීස්ම උත්සවය සැමරීම සඳහා ජේම්ස් මාළිගය ඉදිරිපට ලන්ඩන් වැසියෝ දහස් ගණනක් පිරී සිටියහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජෝර්ජ් කුමාරයා බෞතීස්ම කරයි
ඉන්දු - මෙල්බන් Friday, 25 October 2013 09:26 AM
මේ දරුවා ( කුමාරයා) සීදේවියි තමයි, මේ වයසේ හැම දරුවෙක්ම මේ වගේ සීදේවියි, හැම දෙමව්පියෙකුටම තමන්ගේ දරුවා කුමාරයෙක් / කුමරියෙක්. ඉතින් මේ දරුවා ගැන අපේ රටේ අයට මේ තරම් කතා කරන්න තියෙන දේවල් ගැන පුදුමයි, මොකක්ද විශේෂත්වය ? (ස)
ලාල් Friday, 25 October 2013 02:32 AM
ස්තුතියි නිල්මිණි. මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. (නි)
හේවා Friday, 25 October 2013 02:43 AM
ජය වේවා !!! අපේ කුමාරයා උපන්නා! (නි)
පෙත්තා Friday, 25 October 2013 02:59 AM
මට පෙනෙන්නේ කොලු පැටියා කල්පනාවක.අනාගතය ගැන,හෙට ගැන වෙන්න ඇති (නි)
සමීර Friday, 25 October 2013 04:04 AM
මටත් රජ කෙනෙක් වෙන්න තිබුනා නම්... (නි)
චාන් Friday, 25 October 2013 04:10 AM
මටත් රජ වෙන්න තිබුණා නම්.... (නි)
ධම්මික Friday, 25 October 2013 06:44 AM
දීර්ඝායු වේවා! (නි)
ලුම්බිණි Friday, 25 October 2013 07:28 AM
සුන්දර දසුනක්. (නි)
අමිල කටුනායක Friday, 25 October 2013 07:45 AM
උපන් දිනයදාට අපිත් එනවා (නි)
හසරැල් Friday, 25 October 2013 07:54 AM
මාධව, බෞතීස්ම කරනවා කියන්නේ ක්‍රිස්තියානි (විශේෂයෙන් කතෝලික සහ එංගලන්ත සභාවේ) පවුලක ඉපදුන දරුවෙක් ක්‍රිස්තියානි විශ්වාසයට අනුව ලොකු මහත් කරනවා කියලා දෙවියන් වහන්සේ සහ සමාජය ඉදිරියේ පොරොන්දු වෙන උත්සවය. (නි)
ගැතියා Friday, 25 October 2013 02:16 AM
මොකද්ද මෙයාගෙන් දැන් අපිට වෙන සෙත? (නි)
රූපවති Friday, 25 October 2013 09:44 AM
සත්‍යපාල ළඟින් ඔය දරු පැටියව දවස් දෙක තුනක් තියල ගියොත් මොනවා වෙයිද ...? මට නම් හොඳට හිතාගන්න පුළුවන් ..සත්‍ය පාල සිතෙහි උපදින වදන් ..හැමට එක හා සමානව දැක්මෙන් උපදවා ගන්න ..?.එවිට ඔබේ සිත තුලින් උපදින සිතිවිලි පැහැපත් එවිට ඔයාගේ ජීවිතේ ඔයා කරන කියන දේවල් සාර්ථක වෙනවා ..ඔයාට දියුණුව ලැබෙනවා ..මේ දරුවට ඉරිසිය කරලා මොකද්ද ලබන්නේ .? ඔයා ඔය දරුවා ඉපදුන දවසේ කියාපු කතාවත් මට අද වගේ මතකයි...?ඒකනෙ අපේ රටේ මිනිසුන්ට ඉන්න තැනින් නැගිටින්න බැරි ...හැමදාම එතනමයි ...?හදවත් කලුයි ..? (ස)
තිසල් Friday, 25 October 2013 09:48 AM
සමහරු සුද්දන් සරණං ගච්චාමි! ඉබේ වැදෙනවා. සමහරවිට එයාලගේ අත්තලා මුත්තලා වැදගෙන බැල මෙහෙවර කරපු නිසා එම ගැතිකම තවමත් මෙයාලගේ ලේ වල වැඩකරනවා වගේ. දැන්වත් කොන්ද කෙලින් කරගන්න කාලය හරි නේද ? (නදී)
රූපවතී Friday, 25 October 2013 09:50 AM
මාධව, බෞව්තිස්ම කරනවයි කියන්නේ හෝලි වතුරින් දරුවාව නහවනවා. සමහරුන් හිස පමණක් තෙමනවා. ඉන් අදහස් කරන්නේ ඒදරුවා එතැන් සිට "ජේසුස් සවමීන්ගේ හෝලි ස්පෙරට්ස් " විස්වාසය කරන අදහන තවත් එක පුද්ගලයෙක්. අපි බුදුන් වහන්සේ විශ්වාස කරනවා සේම. (නදී)
රූපවතී Friday, 25 October 2013 09:56 AM
හසරැල් ..කතෝලික එංගලන්ත සභාවක් නැහැ ..ඉන්ග්ලන්ඩ් වල "අන්ග්ලිකන් ක්‍රිස්තියානි " චර්ජ් තමයි මුදුන් මල්කඩ කතෝලික ආගම වෙන එකක් .. ක්‍රිස්තියානීන් වෙනයි, ඒ ගැන ඔයා නියම ක්‍රිස්තියානි භක්තිකයෙක් ගෙන් අහල දැනගන්න ...? (ස)
රූපවතී Friday, 25 October 2013 10:09 AM
තිසල් ..ඔයාගේ ..සුද්දන් සරණන් ගච්ඡමි දැකලා මට හරි හිනා. අනේ ඔයා විහිළු කාරයා. ඒ උනාට තිසල් අපි සුද්දට බැන බැන ඉදලා මොකද්ද ලැබුවේ. ඒ මිනිසුන් ඉහල සමාජෙක වැජබෙනවා. ඒ මිනිසුන්ට බනින අපේ මිනිසුන් ඉදන් හිටිය පන් පැදුරෙනුත් බිමට වැටිලා දන්නෙම නැතිව. කාටවත් නොබැන අධ්‍යාත්මිකව සිතුවා නම් අපිත් දියුණුයි අද.(නදී)
ලාල් Friday, 25 October 2013 02:11 PM
පුංචි දරුවෙක් ගැනනේ ඉන්දු දාලා තියෙන්නේ. ටිකක් ඒගැන කතා කලාම මොකද වෙන්නේ .පොඩි අයට කවුරුත් ආසයිනේ.(නදී)
හසරැල් Saturday, 26 October 2013 07:38 AM
රුපවති, මම ලියල තියෙන්නේ "කතෝලික 'සහ' එංගලන්ත සභාව " කියාලා. මම කාගෙන්වත් ඒක ගැන අහන්න ඕනේ නෑ, මම කතෝලික වගේම කතෝලික සභාව ක්‍රිස්තියානි ආගමේ කොටසක් කියාලා දන්නවා. තවද, ඇන්ග්ලිකන් කියන්නේ එංගලන්ත සභාවටම තමයි (Church of England).(නදී)
නාලිකා Tuesday, 29 October 2013 10:47 AM
අපිට නම් ඉතින් කුමාරයෙක් උපන්න කියල අමුත්තක් නෑ දෙයියනේ කියලා. එකදාස් අටසිය ගණන් වල නම් මෙහෙ කට්ටියට ඕක භයානක ප්‍රවෘත්තියක් දැන් සතුටු උනාට. (ස)
සත්‍යපාල Thursday, 24 October 2013 04:07 PM
පස්වාන් දහසකට බුදු වෙන්න බි්රතාන්ය කිරුළ හිමි අලූත උපන් ජෝර්ජ් කුමරුවනෙනි! දුර ඉන්න නිසා වැදගන්නට බැරිව බොහොම අමාරුවෙන් නලියන ලංකාවේ බඩ ගැත්තන් ගැත්තියන් වෙනුවෙන් ඔබ වහන්සේට මම දොහොත් මුදුන් දී වැද නමස්කාර කරසිටිමි. මේ ගැත්තාට කමා උව මැනව මෙහෙම කියනවට ඔබ වහන්සේ රජවී මේ අපිට ඉක්මනින් වදින්නට ලැබෙනතෙක් නලියන,එය කියාගන්නට බැරිව දගලන,එය වෙනත් ලෙසකින් එලියට එන අර වතිලා, මේ වතිලා වගේ අයත් ඔබ වහන්සේ සීදේවි,සැරයි,වසයි වගේ පෙනෙන අපේ එකාලා වෙනුවෙන් නැවතත් බඩ ගැත්තා මෙන්න වැන්දා ! මේක දැකපු අපේ එකාලට අද හොදින් නින්ද යන නිසා ඔබ වහන්සේට සක්විති මහා රජකම ලැබේවා! (නදී)
රූපවතී Thursday, 24 October 2013 12:19 PM
ඔබට දිගාසිරි කුමරුනි ..!(නදී)
ඉන්දු - ලන්ඩන් Thursday, 24 October 2013 01:07 PM
ටිකක් සැර පාටක් පේනවා තමයි.... (ස)
ධනුෂ්ක Thursday, 24 October 2013 02:57 PM
කොහොමත් සැර වේවි රජ පටියෙක්නේ . අවුලක් නෑ. පොඩ්ඩා ලස්සනයි. (ස)
අශානි Thursday, 24 October 2013 03:14 PM
රජ පැටියා වස පාටයි. (ස)
ලාල් - නුවර Thursday, 24 October 2013 03:23 PM
කුමාරයා කුමාරියක් විදිහට සරසලා මොකද ? (ස)
හේමන්ත Thursday, 24 October 2013 03:31 PM
සීදේවි පැටියා. මට නම් වස පාටක් පේන්නෙ නැහැ. (ස)
එදිරිසිංහ Thursday, 24 October 2013 03:40 PM
එලිසබෙත් තුමියගෙ පණ... (ස)
නන්ද Thursday, 24 October 2013 03:48 PM
අපේ එකා බෞතීස්ම කරන්න කිව්වා හොඳ ඉස්කෝලෙකට දාන්න. (ස)
අමිල කටුනායක Thursday, 24 October 2013 12:14 PM
රජ පොඩ්ඩා හරි වස පාටයි.(නදී)
නිල්මිණි Thursday, 24 October 2013 04:23 PM
ලාල් ඔය උත්සවය කරන කොට ඔහොම තමයි අන්දවන්නෙ. (ස)
එදිරිසිංහ Thursday, 24 October 2013 04:53 PM
ඩයනා ආච්චිට උන දේ මම ලොකු උනහම හොයනවා තාත්තේ චාර්ල්ස් සීයා මට සපෝර්ට් කරාවිද? .(නදී)
ශ්‍රීලාල් Thursday, 24 October 2013 07:24 PM
අනේ අපේ අයගේ අදහස් හරිම ලස්සනයි, හරිම සීදේවියි. හොද ප්‍රකාශ ඉදිරිපත් වෙනවා. නමුත් අපේ රට පාතාලයට ඇද දමන්න ජාත්‍යන්තර වශයෙන් විශාල ලෙස කුමන්ත්‍රණය කරනවා.මොකක්ද මේ ගැතිකම? (නි)
ලාල් ජකර්තා Thursday, 24 October 2013 09:00 PM
සත්‍යපාල,ශ්‍රීලාල්,අපට ඉතින් මෙහෙම අපේ අදහස් ඉදිරිපත් කරනවා හැර වෙන මොනවා කරන්නද? (නි)
දේවි Thursday, 24 October 2013 11:04 PM
ලොකු වුණාම විලියම්ට වගේ රජකම ලැබේවි නේද? (නි)
චන්දි Thursday, 24 October 2013 11:17 PM
කාගේ දරුවොත් ,දරුවො තමයි. පුංචි පුතේ, ඔබට දීර්ඝායුෂ !!! (නි)
සමන්. Thursday, 24 October 2013 11:44 PM
අපිට ඉතින් මේ වගේ රජ කුමාරයෙක්ව දකින්න ලැබෙන්නේ කවදාද? හැකි ඉක්මනින්ම දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
මාධව Friday, 25 October 2013 02:00 AM
බෞතිස්ම කරනවා කියන්නෙ මොන වගේ එකක්ද ? (නි)