X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

ඇමරිකා ජනපතිවරණ සටනේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයකු වන රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ නව ආර්ථික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

ඉන්දියානාවේ පැවැති ඡන්ද ප්‍රචාරක රැලියකට එක්වෙමින් ට්‍රම්ප් කියා සිටියේ ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවූ ලොකුම වංචාව සම්බන්ධයෙන් චීනය වගකීම බාරගත යුතු බවයි. චීනය ගෝලීය අපනයන තරගකාරීත්වය ඇති කිරීම සඳහා චීන මුදල් ඒකකය වන යුවාන් නෝට්ටුව විවිධ නූල් සූත්තරවලට ලක්කරන බව ට්‍රම්ප් කියයි. මේ හේතුවෙන් ඇමරිකාවේ ව්‍යාපාරිකයන්ට හා සේවකයන්ට දරුණු අනතුරක් ඇතිවන බවද ඔහු පෙන්වා දෙයි.

චීනයට තම රට දූෂණය කිරීමට ඉඩ නොදිය යුතු බවත් එය අප කරන දෙයින් තීරණය වන බවත් ට්‍රම්ප් කියා සිටී. 



අදහස් (0)

ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

මංගල කුලසිංහ Tuesday, 03 May 2016 05:50 AM

සහතික ඇත්ත (බ)

:       0       0

තිලක් - නුවර Tuesday, 03 May 2016 07:36 AM

මොන දේ කතා කලත් චීනය නැත්නම් අද බොහෝ ඇමෙරිකන් මිනිස්සු බඩගින්නේ. ලෝකයේ එකම ශක්තිමත් ආර්ථිකය තියෙන්නේ චීනෙට. ඉතින්, අපි චීනය වටා යනවා මිසක් ඇමෙරිකාවේ පස්සේ ගිහින් වැඩක් නැහැ කියන්නේ මේකට තමා මොකද, චීනයේ විදේශ වත්කම් ඩොලර් ට්‍රිලියන 4.5 කට වඩා වැඩි වෙන විට ඇමෙරිකාවේ වත්කම් වෙනුවට විදේශ ණය ඩොලර් බිලියන දහස් ගානක් වෙලා. (ර)

:       0       0

තරිදු Tuesday, 03 May 2016 08:48 AM

ට්‍රම්ප්ගේ කතාවෙත් ඇත්තක් තියෙනවා.. චීනය කරන්නේ බටහිර රටවල නිෂ්පාදන කොපි කරගෙන ඉතා අඩු වැටුප් සහ පහසුකම් යටතේ තම රටේ මිනිස්සු ලවා අඩු කොලිටියට හදවලා ලෝකයට විකුණන එක. (ර)

:       0       0

හිමල් Tuesday, 03 May 2016 09:52 AM

ඇමරිකාව ණය ගැතියෙක්,චීනය ණය හිමියෙක් වෙන්න පුළුවන්. ඒත් චීනයේ වෙලෙඳපොළ ඇමරිකාව. චීනය කොපි කැට් කරන එක ලෝකයේ නව නිපැයුම් කරන හැම රටකටම තර්ජනයක්. ට්‍රම්ප් හොයන් යන්නේ හදවතට කතා කරන ඇමරිකන් ඡන්ද.ඒකයි මේ. (ම)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Tuesday, 03 May 2016 01:58 PM

තිලක්, චීනයේ සමාගම් වැඩිහරියක ආයෝජනය කරඇත්තේ ඇමරිකාව බව ඔබ දන්නවාද? ඇමරිකානු සමාගම් නැත්නම් චීනයට බඩගින්නේ ඉන්න වෙන්නේ (නි)

:       0       0

මහින්ද නිව්යෝර්ක් Wednesday, 04 May 2016 12:04 AM

ලංකාවේ අයට නම් හොඳදේට වඩා ලාබදේනේ හොඳ නේද? (නි)

:       0       0

චන්දන Wednesday, 04 May 2016 12:03 AM

1980 ගණන් වලදී චීනයේ ළඟම හිතවතා ඇමෙරිකාවයි. ඇමෙරිකාවෙන් තමයි ණය ගත්තේ. ඇමෙරිකාව එක්ක එකතුවෙලා සෝවියට් දේශයට හතුරුකම් කළා. වියට්නාමයේ පැත්තක්ම විනාශ කළා. පොල්පොට් ආරක්ෂා කළා. මේ හැමදේම කළේ ඔවුන්ගේ අරමුණු වලට මිසක් අපි වාගේ පුංචි රටවල වලට ආදරේට නොවෙයි. මුළු ලෝකෙම හූරාකන්නේ චීනා. මේක තමයි නව යටත්විජිතවාදය. අපි ණය උගුලට අහුවුණේ චීනය පස්සෙන් ගිය නිසයි. (නි)

:       0       0

තිලක් Wednesday, 04 May 2016 08:14 AM

නාමල්, මම චීනය ගැනත් ඇමෙරිකාව ගැනත් හොඳට දන්නවා. ඇමෙරිකාව නිකුත් කරන ජාතික ණය සුරැකුම් පත් වලින් 80% කටත් වඩා මිලදී ගන්නේ චීනය. චීනය නිව්යෝර්ක් වල තියෙන ලෝකේ හොඳම අධි සුපොඛ්ජබෝගී හෝටලයත් ගත්තා. දැනගෙන කතා කරනවා මිසක් නොදැන කතා කිරීමෙන් වැළකීම නුවනට හුරු දෙයක්. චීනයේ තියෙන ආර්ථික සැලැස්ම නිසා අඩුම ගානේ තාවකාලික වීසා වත් ඇමෙරිකන් අයට නිකුත් කරන්නේ නැහැ. (හේ)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Wednesday, 04 May 2016 03:03 PM

තිලක් ඔබ ඇමරිකාව ගැන කිසිදෙයක් නොදන්නා හදයි.. ඇමරිකාවේ ණය සුරැකුම්පත් චීනය ලබාගන්නවා වගේම ඇමරිකාව චීනයේ කර ඇති ඩොලර් බිලියන ගණනක ආයෝජන ගැන ඔබ දන්නේ නෑ.. චීනය ඇමරිකාවේ හෝටලයක් මිලට ගත්තාට ලෝකයේම වැඩිම ව්‍යාපාරික දේපල හිමි ඇමරිකාවටයි.. චීනයේ බහුතර මිනිස්සු අමරිකානුවෙක්ගේ වැටුපින් 1/10 වත් ලබා නොගන්නා බව දන්නවාද.. ඔබ වගේ බටහිර විරෝධයක් ඔලුවේ හිරකරන් ලෝකය ගැන කතාකරන්න හදන අය මට ලංකාවේ ගොඩක් හමුවී තිබෙනවා (බ)

:       0       0

චන්න Wednesday, 04 May 2016 05:46 PM

නාමල්ගේ අදහස් නිවැරදියි. චීනය ගැනත් ඇමෙරිකාව ගැනත් හොඳට දන්නවා කිව්වට තිලක් බොරු කියන්නේ (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 05 May 2016 01:15 AM

නාමල්, කලබල වෙන්න එපා. තිලක් දන්නා ප්‍රමාණය ගැන අපිටත් හොඳින් වැටහෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site