සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ප්‍රධාන මුස්ලිම් පල්ලියකට ඊයේ (22) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 83 කට වැඩිය.
ප්‍රහාරය එල්ල වූයේ ඉමාන් මුස්ලිම් පල්ලියටය. එය සුන්නි මුස්ලිම් පල්ලියක් වන අතර මියගිය අය අතර පල්ලියේ ප්‍රධාන පූජක මොහොම්මඞ් අල් බූටී ද සිටී.
පූජක මොහොම්මඞ් අල් බූටී සිරියා රජයට සහ සිරියා ජනපතිට සහාය දක්වමින් කැරැලිකරුවන් සහ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් නිරන්තරයෙන් විවේචනය කළ අයෙකි.
සෑම සිකුරාදා දිනකම දේව මෙහෙය පවත්වද්දී ඔහු සිරියා කැරැලිකරුවන් විවේචනය කළේය.
ඉමාන් මුස්ලිම් පල්ලියට එල්ල වූ එම බෝම්බ ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් සිදු කරන ලද්දක් බවත්, එය ‘ත්‍රස්ත කි්රයාවක්’ බවත් සිරියානු රජය නිවේදනය කර තිබේ.
බෝම්බකරු පූජක මොහොම්මඞ් අල් බූටී අසලටම පැමිණ බෝම්බය පුපුරුවා ගත්තේ යැයි සිද්ධියෙන් තුවාල ලැබූවෝ පවසති. පූජක අල් බූටීට එල්ල වූ එම ප්‍රහාරය සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට එල්ල වූ ‘මරු ප්‍රහාරයක්’ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තුවාලකරුවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩමස්කස් මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්: 42ක් මරුට
ලාල් Saturday, 23 March 2013 09:38 AM
කනගාටු දායක පුවතක් (දී)
ජීව Saturday, 23 March 2013 04:48 PM
මුස්ලිම් ආගමේම කොටසක් දැන් හරාම් වී යන වගයි! (නි)
මධු Sunday, 24 March 2013 04:01 PM
වැදගත් ආරංචියක්. (නි)
සුමනසේකර Sunday, 24 March 2013 05:57 PM
මේ මොන අපරාධයක්ද (දී)
අබුසාලි Wednesday, 10 April 2013 02:59 AM
අනේ සංසාරේ! එකම ආගමේ අය නේද මේ? ලංකාවේ මුස්ලිම් සහෝදරයන්ට කියන්නේ මේවා පාඩමට අරන් සිංහලයන් එක්ක හොදින් ඉන්න. එකම ආගමේ වෙනස් මත නිසා ඇතිවෙන ගැටුම් ආගම දෙකක් අතර ඇතිවෙන ඒවාට වඩා බයානකයි. (නි)