X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


ඩමැස්කස් සරසවියට මෝටාර් ප‍්‍රහාරයක්: සිසුහු 15 ක් මරුට

සිරියාවේ ඩමැස්කස් නුවර විශ්ව විද්‍යාලයට ඊයේ (29) එල්ල වූ මෝටාර් ප‍්‍රහාරවලින් සිසුන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 30 කි.
ප‍්‍රහාරය එල්ල කළේ කැරැුලිකරුවන් බවත් එය ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් බවත් සිරියා රජය පවසයි. 
සිරියානු රජයේ සානා පුවත් සේවය වාර්තා කළේ ප‍්‍රහාරයෙන් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති බවය. 
වසර දෙකක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය හේතුවෙන් හට ගත් සිවිල් යුද්ධයෙන් මියගිය ගණන 70,000 ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 
සිරියානු රජයට එරෙහිව ආයුධ අතට ගෙන සිටින එම කැරැලිකරුවන් හෝ ඔවුන් නියෝජනය කරන විපක්ෂ කණ්ඩායම් හෝ එම ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් බාරගෙන නැත.
එම ප‍්‍රහාරය එල්ල වූයේ සිරියානු රජයට එරෙහිව ආයුධ අතට ගත් කැරැලිකරුවන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී පිහිටුවූ සන්ධානය නමැති ජාතික පාලක මණ්ඩලය කටාර් රාජ්‍යයේ දෝහාහි තානාපති කාර්යාලයක් පිහිටුවූ අවස්ථාවේදීය.
සිරියානු විපක්ෂ සන්ධානය විදේශයක තානාපති කාර්යාලයක් පිහිටුවූ පළමු අවස්ථාව මෙයයි. විපක්ෂ සන්ධාන පාලක මණ්ඩලය සිරියානු ජනතාවගේ සැබෑ හඬ යැයි අරාබි ලීගය පිළිගෙන ඇති අතර පසුගියදා දෝහාහි පැවැති අරාබි ලීග සමුළුවට ද සහභාගී වූයේ එම විපක්ෂ සන්ධාන පාලක මණ්ඩලයේ නියෝජිතයන්ය.
මේ අතර සිරියානු අර්බුදය හේතුවෙන් මිලියන 1.2 ක පිරිසක් සරණාගතයන් ලෙස අසල්වැසි රටවලට පලාගොස් ඇති බවත් එම සංඛ්‍යාව තව තවත් වැඩි වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී.



අදහස් (0)

ඩමැස්කස් සරසවියට මෝටාර් ප‍්‍රහාරයක්: සිසුහු 15 ක් මරුට

ගාමිණී Saturday, 30 March 2013 09:15 PM

අපරාදේ අහිංසක ජීවිත! (නි)

:       0       0

බෙන් ටෙන් Sunday, 31 March 2013 01:39 PM

මේකත් කාගේ හරි සේනාවක වැඩක් වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site