X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඩයිනෝසරයෝ තවමත් මිහිමත

අදින් වසර කොටි පහකට පමණ පෙරාතුව මිහිතලයේ සිටි යෝද ඩයිනෝසරයන් පරිනාමය වෙමින් නූතන කුරුල්ලන් බිහි වී ඇතැයි පර්යේෂකයන් පිරිසක් පවසති.

ඔවුන් කියා සිටින්නේ වර්තමාන ලෝකයේ දැකිය හැකි පක්ෂීන් ඩයිනෝසර පරිනාමයේ සජීවී සංකේතයක් බවයි.

වසර කෝටි 22 ට පෙරාතුව මිහිතලයේ සිටි දැවැන්ත ඩයිනෝසරයන් ඉන් වසර කෝටි 17 කට පසුව කුඩා සිරුරු දක්වා පරිනාමය විමෙ ආරම්භ වී ඇතැයි ඔවුන් පවසයි. ඒ අනුව පසුගිය කෝටි පහක කාලයේ දී දැවැන්තයන් හමිං බර්ඩ් වැනි කුඩා කුරුල්ලන් දක්වා ම පරිනාමය වී ඇති බව පැවසේ.

කුරුල්ලන්ගේ මුත්තා තෙරෝපොඩිස් නම් ඩයිනෝසරයෙක් බවත් ඔවුන්ගේ සිරුර ක්‍රමයෙන් කුඩා වෙමින් වත්මන් කුරුල්ලා දක්වා පැමිණි ගමන් මග ඩයිනෝසර පරිනාම ගසෙන් මනාව පිළිබිඹු වන බවත් ඔවුහු කියති.

ඔවුන් පවසන්නේ මෙය අසම්භාව්‍ය පරිනාමයක් බවයි. ඩයිනෝසරයන් රාශියක් මිහිමත සැරිසරන යුගයේ සිටි තෙරෝපෝඩා කණ්ඩයට අයත් මාංශ භක්ෂක කානිවෝරස්, ටයිරනෝසෝස්, වෙලාසිරැප්ටර් සහ ස්පිනෝසෝරස් ඇතුළු ජීවී විශේෂ කුරුල්ලන් ලෙස පරිනාමය වී ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

එසේ පරිනාමය වීමේ දී සිරුරේ පිහාටු ඇතිවීම, අත්තටු විකසනය වීම හා පපු අස්ථිය වෙනස්වී ඇතැයි ද පර්යේෂකයෝ කියති.

කුරුල්ලන් බවට පත්වූ ඩයිනෝසරයන් අනෙක් ඩයිනෝසරයන්ට වඩා වේගයෙන් පරිනාමය වි ඇතැයි පාෂාණිභූතවිද්‍යා ආචාර්ය ඩැරන් නේෂ් පවසයි.

ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලය, රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරය සහ සවුතම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් ඩයිනෝසර අස්ථි පද්ධති 426ක්  විශ්ලේෂණය කරමින් මේ පරීක්ෂණය සිදුකැර ඇත.

Dinos (4)

ඩයිනෝසරයන්ගේ පරිනාමීය ගස

Dinos (3)

අතීතයේ විසූ තොරෝපෝඩිස් ඩයිනෝසරයකුගේ අස්ථි පද්ධතියක්

Dinos (5)

කුරැල්ලකු ලෙස අත්තටු හා පිහාටු සහිතව වර්ධනය වූ ආකියෝප්ටෙරිස් නමැති ඩයිනෝසරයාගේ පොසිලය. කිලෝ ග්‍රෑමයක් පමණ බරැති සත්ත්වයකු යැයි සැළකේ.

Dinos (8)

එම ඩයිනෝසරයාගේ මනඃකල්පිත සිතුවමක්

Dinos (6)

ඩයිනෝසරයන් කුරුල්ලන් ලෙස වෙනස් වී ගිය අයුරු

Dinos (2)

විවිධ ඩයිනෝසරයන් කුරුල්ලන් හා සසඳමින් සිතුවම් කැර ඇති ආකාරය

Dinos (9)

තොරෝපෝඩිස් වර්ගයේ ඩයිනෝසරයකු හා නූතන කුරුල්ලකු සංසන්ධනය කරමින් 

Dinos (7)

තොරෝපෝඩිස් වර්ගයේ ඩයිනෝසරයකුගේ දතක් හා හමිංබර්ඩ් කුරුල්ලකු සන්සන්දනය කරමින්



අදහස් (0)

ඩයිනෝසරයෝ තවමත් මිහිමත

කමල් Friday, 08 August 2014 09:32 AM

මටත් දැන ගන්න ආසයි දෙවියන් මැව්වේ කව්ද , එතුමා කොහෙද ඉන්නේ කියල. නැතිනම් මේක මිනිස් මොලේ ඇති සංකල්පයක් විතරද කියල . දන්නැති හින්දයි අහන්නේ .(අ)

:       0       0

අරවින්ද Wednesday, 13 August 2014 08:31 AM

මට නම් හිතෙන්නේ අද සිටින රාජාලියා, උකුස්සා වැනි මාංශ භක්ෂක කුරුල්ලන් එදා සිටි ඩයිනෝසර් කුරුල්ලන්ගෙන් පරිණාමය වෙන්නට ඇති බවයි. කිඹුලා, කබරයා, තලගොයා, කටුස්සා, හුනා වැනි සතුන් මහා ඩයිනෝසරයන්ගෙන් පරිණාමය වී ඇති. (නි)

:       0       0

සමන් Friday, 08 August 2014 04:36 PM

ඇයි ඔය කියන දෙයියෝ ලෝකේ මේ විදිහට මෙව්වේ?. හැම මිනිහටම, සතා සිව්පවටම සතුටින් ඉන්න පුළුවන් විදිහට ලෝකේ මවන්න තිබ්බා නේ. දෙයියෝ මවපු නැති හින්දයි ලෝකේ මේවගේ තියෙන්නේ !!(අ)

:       0       0

කමල් එම් ගමගේ Friday, 08 August 2014 10:30 AM

දීප්ත ඔයාව මවපු කෙනා කොහෙද ඉන්නේ. මම දන්නේ නැති නිසයි අහන්නේ (නදී)

:       0       0

සංකල්ප Friday, 08 August 2014 10:19 AM

දෙවියෝ ඔච්චර බලවත් නම් ඇයි මිනිසුන් ඉදිරියේ පෙනී නොසිටින්නේ. (නදී)

:       0       0

ජනක Friday, 08 August 2014 10:18 AM

පරිණාමවාදය දියුණු කිරීමෙන් මේ සියලු දේ ඇති උනේ කෙලෙසද කියල දැනගැනීමට පුළුවන්. මැවුම්වාදය පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන ඉතා පහත් මට්ටමේ සාදක නොමැති මනෝකල්පිත මතයක්. (නදී)

:       0       0

රංගිකා Friday, 08 August 2014 10:01 AM

ඔවන් ගේ අදහසට තව එකතු කරනවා නම් , මෙසේ පරිණාමයෙන් බිහිවූ මිනිසුන් විවිද ජන කොට්ටාශ වලට බෙදී විවිධ විස්වාසයන් ගොඩ නැගුවා. දෙවියන් පිළිබද විශ්වසයත් මෙවැනි දෙයක් . ඔය කිසිවෙක් දෙවියෝ දැකලවත් හමු වෙලාවත් නැහැ (අ).

:       0       0

ඔවන් Friday, 08 August 2014 09:50 AM

මමනම් හිතන්නේ මේ සියල්ල පැවතෙන්නේ පරිනාමයෙන් බවයි . බුදු හාමුදුරුවෝ මේ බව වදාරලා තියනවා. විවිද ලෝකවල කයක් නොමැතිව සිටි මනොකයවල් මේ පෘතුවිය උල කෑමට ඇති ඇල්ම නිසා එක ස්ය්ලික ජීවීන් ලෙස මෙලොවට පැමිණ ඉතා දිගු කාලයකදී මිනිසුන් සහ අනෙකුත් සත්වයන්ට විවිද පාරිසරික හා අනෙකුත් සාදක නිසා පරිණාමය වුණා. (අ)

:       0       0

හරින් Friday, 08 August 2014 09:39 AM

දෙවියන් එක සතෙකු විදවන්නත් අනෙත් සතෙකු සැප ලබන්නත් මැව්වේ ඇයි. එසේනම් දෙවියෝ කල දේ අසදරණයි. දෙවියෙක් නම් එසේ කරයිද .නැතිනම් ඔය දෙවියෝ හිට්ලෙර් වගේද. දැන් නැති හින්දයි අහන්නේ . (අ)

:       0       0

පන්ඩුල Friday, 08 August 2014 09:33 AM

එතකොට මේ සියල්ල දෙවියන් මැව්වනම් , දෙවියන්ව මැව්වේ කවුද , දෙවියන්ව මැව්වේ නැත්නම් දෙවියන් පැවතෙන්නේ පරිණාමයෙන්ද. එතුමා එන්නේ කොහෙන්න්ද .(අ)

:       0       0

දීප්ත Thursday, 07 August 2014 06:44 PM

හීන දකින මෝඩ විදයාඥයෝ. දෙවියන් වහන්සේ මැවූ ආකාරයට සියල්ල පැවතේ.(නදී)

:       0       0

ධනුක Friday, 08 August 2014 07:52 AM

මම හිතන්නේ දෙවියන් කියා වෙනම කාණ්ඩයක් නැහැ. දෙවියන් ඉන්නෙත් මිනිසුන් අතරමයි (නි)

:       0       0

රුවන් Friday, 08 August 2014 07:38 AM

ඉතා වැදගත් කරුණු අඩංගු ලිපියක් (නි)

:       0       0

සම්පත් Friday, 08 August 2014 06:47 AM

මුළු ලෝකයම පිළිගන්නා පරිණාමවාදය සමහරු පිළිගන්නේ නැහැ. (නි)

:       0       0

ජගත් Friday, 08 August 2014 06:22 AM

සිෆ්රාන්, එතකොට දෙවියන් මැව්වේ කවුද? අපහාසයක් නම් නොවෙයි මම කරන්නේ. දන්නේ නැති නිසා අහන්නේ (නි)

:       0       0

හසන්ත Friday, 08 August 2014 06:22 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ෂිප්රාන් Friday, 08 August 2014 04:14 AM

අතට මිනිස්සු මවන්න කලින් සතුන් ඉස්සලම මැව්වා කුරානය කියල තියනවා. (අ)

:       0       0

සලික් Friday, 08 August 2014 04:13 AM

ඇත්තද හැබෑට (අ)

:       0       0

ප්‍රසංග Friday, 08 August 2014 01:47 AM

දෙවියන් කියන්නේ පරිණාමවාදය තමා (නදී)

:       0       0

අබ්දුල් Friday, 08 August 2014 12:36 AM

හෙට වෙන එකක් කියාවි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site