X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


තණ බිස්සේ තිඹිරි ගෙය : ලොකු දොස්තර අමාරුවේ

සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පිටත තණ බිස්සක දරුවකු ප‍්‍රසූත කළ මෙක්සිකෝ කාන්තාවගේ ඡායාරූපයක් එරට පුවත්පත් වල මුල් පිටුවේ පළ වීමක් පිළිබඳ සිද්ධියක් වාර්තා වේ. ඇය 29 හැවිරිදි අයිර්මා ලෝෆෙස් නැමැති තෙදරු මවකි.

ඇය තෙවැනි දරු ප‍්‍රසූතිය සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් ඇත. ගැබ් ගෙන මාස 8ක් නිසා තවම දරු ප‍්‍රසූතිය සඳහා කාලය පැමිණ නොමැති බව එහි හෙදියක් පවසා ඇත.ඉන් පිටතට පැමිණීමත් සමග ඇයට මහත් වේදනාවක් ඇති විය.අසල තිබූ තණ බිස්සේ දරුවා ප‍්‍රසූත කළාය.

ගැබිනියගේ කෑ ගැසීම ඇසී එතෙනට රැස්වූ පිරිසගෙන් කෙනෙක් ඡායාරූපයක් ගෙන එය පුවත්පත් වලට ලබා දී ඇත.

මෙම ඡායාරූපය පුවත්පත් වල පලවීමත් සමග මෙය එරට විශාල ජාතික ප‍්‍රශ්නක් වී ඇති අතර වාද විවාද වලට මාතෘකාවක් ද වීය. ඒ අනුව සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කර මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධාන වෛද්‍යවරයාට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට එරට බලධාරීන් කි‍්‍රයා කරන බව සඳහන්ය.

 

 



අදහස් (0)

තණ බිස්සේ තිඹිරි ගෙය : ලොකු දොස්තර අමාරුවේ

නෙතුමි Sunday, 13 October 2013 08:12 PM

මේ ජනමාධ්‍යටත් ඕනා නැති දෙයක් නෑ හැමදේටම චයාරූප ගන්නවනේ, අනේ මන්දා.(නදී)

:       0       0

දයාන් Saturday, 12 October 2013 04:00 PM

අපේ රටේ සෞඛ්‍ය සේවය ඉතා ඉහලයි. ලෝකයේ අප ඉන්නේ ගොඩක් ඉදිරියෙන්.වැරදීමකින් හෝ මේ සම්බන්ධව ඇති සමීක්ෂණ වාර්තා කියවන්න.ලෝක සෞක්‍ය සංවිධානයත් පුදුම උනා,යුද්ධය පැවැති කාලයේත් අප හොඳ සෞක්‍ය සේවයක් පවත්වාගෙන යාම ගැන . උපන් දේශය අගයන්න.සාධාරණ සහ හදවතට එකඟ දේ පමණක් පවසන්න. (දිල්)

:       0       0

පාලිත Saturday, 12 October 2013 06:15 PM

සෙනෙහෙ පපා මේ දරුවා හැදු පපා කෝ අප්පා ? (අ)

:       0       0

බට්ටා Saturday, 12 October 2013 07:26 PM

ලාල් මල්ලි චන්ද්‍රා වැඩ කොරන්නේ ට්‍රැෆික් පොලිසියේ නෙවෙයි නේ...එයා අලුත් රාළහාමි කෙනෙක්...කොහොමත් මල්ලෙ පොල් තමයි.(නදී)

:       0       0

ගොන් මාර්ටින් Saturday, 12 October 2013 07:45 PM

අපේ රටෙත් වෙනසක් නැහැ දවසක් අම්ම කෙනෙකුට ඉහ අමාරු වෙලා ඉන්න කොට නස්ට කිඋවහම බලන්නෙත් නැතුව ඩොක්ටර් එනකන්න් ඉන්න කියල අහක බලාගෙන හිටියලු වෙලාවටම දන්නා කියන මිඩ් වයිෆ් කෙනෙක් ඉදල බලල ඉක්මනටම ලේබර් රූම් එකට ගෙනහින් තියෙන්නේ (දී)

:       0       0

චින්තක පෙරේරා Saturday, 12 October 2013 07:53 PM

මම කලින් ලියපු අදහස දාල නැති නිසා අයෙත් ලියනවා. චන්ද්‍රට අපේ රටට නිග්‍රහ කරලා තියෙන එකට යම් කණගාටුවක් තිබුනත් එයා පෙන්වල තියෙන කරණය ලංකාවේ සිදුවෙන දෙයක්. මේකට රටේ සමාජයත්, නීතියත්, පුද්ගලික ආකල්පත් හේතු වෙනවා. සමාජය වෙනස් වීමත්, ආර්ථික පීඩනයත් සමග විවාහය ප්‍රමාද වෙන සමාජයක ස්වභාවික අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය වටපිටාව සමාජයෙනුත් නීතියෙනුත් නිර්මාණය විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන නීති ජනතාවට අවශ්‍ය විටක වෙනස් කරගැනීමට පුළුවන් විය යුතුයි. පවතින නීතිය ආරක්ෂා කිරීමත්, පවතින නීති මහජන විවේචනයට ලක් කර එම නීති සමාජ අවශ්‍යතාවන්ට අනුව මහජන මතය අනුව වෙනස් කර ගැනීමටත් හැකි විය යුතුයි. ප්‍රජාතන්ත්‍ර වාදය යනු මහජනයා විසින් මහජනයා පාලනය ක්‍රමවේදයක් වන අතර මහජන මතය, අවශ්‍යතා අනුව නීති වෙනස් විය යුතුයි. එවිට මිනිස් අවශ්‍යතා ඉටු කරගැනීමටත්, දරුවන් අවශ්‍ය, සූදානම් අයට දරුවන් ලබා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. එවිට දරුවන් සම්පතක් ලෙස හැමෝම සලකයි. එහෙම නොවෙන තුරු දරුවන් වැසිකිලිවල කුණුගොඩවල ඉදීවි. (නදී)

:       0       0

ආරියසේන Sunday, 13 October 2013 04:03 AM

එම කාන්තාව ඇයගේ අවසාන දිනය හරිහැටි නොදැන්වීම නිසා මේ වගේ දෙයක් වූ එක වැළැක්විය නොහැක.තණ බිස්ස තව හොදයි.බොහෝ වෙලාවට වැසිකිළිය සමහරුන්ට තිඹිරි ගෙවල් වෙනවා (නි)

:       0       0

අමරසිරි Sunday, 13 October 2013 12:29 PM

ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙනවා කියන අය හිතන්නේ ඇත්තටම එහෙමද කියලා. අද තියෙන්නේ අර්ද නිදහස් සෞඛ්‍ය සේවයක්. ඒකේ නිදහස් කොටස ගැලවෙමින් තියෙන්නේ එක තේරෙන්නේ නැති මෝඩ අපි හෙට දිනේදී ළමයි හදන්න වෙන්නේ කොහොමටත් තණ කොළ බිස්සේ තමයි. වාසනාවට කන්න තණකොළ නොමිලේම එතනම තියෙනවා අනිවාර්යෙන්ම එදාට තණකොළ වල ගුණය රටකරවන ඇත්තෝ අපිට කියලා දෙනකොට අනිවාර්යෙන්ම අපිට තප්පුලන්න පුළුවන්.(නදී)

:       0       0

සමන් Sunday, 13 October 2013 03:05 PM

අපේ රටේ නම් ඕක ගණන් ගන්නේ වත් නැහැ. (නදී)

:       0       0

බටිති Sunday, 13 October 2013 08:08 PM

අපිත් තණකොළ පිට්ටනි වවමු...එක පැත්තක හදමු...අනික් පැත්තේ මතෘ නිවාස..(නදී)

:       0       0

ශාන්ත ලාල් Saturday, 12 October 2013 10:57 AM

මම චන්ද්‍රා‍ගෙන් ඇහුවම යන්නේ කොහෙද කියලා, එයා කියනවා මල්ලෙ පොල් කියලා (නි)

:       0       0

තරංග Monday, 14 October 2013 11:15 AM

වරද රටේ නොව ජීවත්වන මනුෂ්‍යයින්ගේය (නි)

:       0       0

ආලෝක Monday, 14 October 2013 02:23 PM

මෙයා කලු වීමත් මේකට හේතු වෙන්න ඇති? අනුන්න්ගේ ඒවාට හොට දැම්මට ඇමරිකාවේ තියෙන දේ හරිම කැතයි, මිනිස්සුන්ට අයිතිවාසිකම් මෙහෙමයි දෙන්නේ. පිල්ලි නෝනා හැංගිලාද? කවුරුහරි කතා කරලා අහන්නකො. පඩි නොදී මිනිස්සු ලක්ෂ ගානක් ගෙදර යවලා. ඒ අයගේ අයිතිවාසිකම් මොනවද? ළමයෙකුත් ඉන්න කාර් එකකට වෙඩි තියලා අම්මා කෙනෙක්ව මැරුවා. එහෙ ටෙන්ට් නගර තියෙනවා, පැල්පත් කියන්නේ නැහැ. අපේ තානාපති කාර්යාලෙටත් ප්‍රකාශයක් කරන්න බැරිද කරන්න ඕනේ දේ කියල දෙන්න? (ස)

:       0       0

චමින්ද Monday, 14 October 2013 05:09 PM

ආලෝක, මට පෙනෙන්නේ ඔයා මෙතන සියල්ල පටලවාගෙන තියෙන්නේ. මේ පුවතේ තිබෙන්නේ ඇමෙරිකාවේ සිදු වූ සිදුවීමක් නොවේ. මෙය සිදුවී තිබෙන්නේ මෙක්සිකෝවේ . මෙක්සිකෝවේ වැඩි හරියක් ඉන්නේ අපේ හමට හුරු අයයි. ඇමරිකාවේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය ගැන ඔයාට වැටහීමක් නැති බවයි මේ අදහස් වලින් පෙනී යන්නේ. ඔයාට ඕනෑ නම් , මට ඇමරිකාවේ අර්බුදය ගැන දේශපාලන විග්‍රහයක් මේ පිටුව පිරෙන්නම දෙන්න පුළුවන් (නි)

:       0       0

චන්දිම Monday, 14 October 2013 07:44 PM

මෙතන ඉන්න මල්ලේ පොල් අය පේළියට සිටගන්න. එහෙත් වැඩක් නැහැ. මේ ගොල්ලන්ගේ මොළේ දියණු කරන්න තාම පාඩමක් හදලා නැහැ (නි)

:       0       0

චන්දන Tuesday, 15 October 2013 06:51 AM

දරුවන් සම්පතක් ලෙසයි සියල්ලෝම සළකන්නේ. එහෙම නොවෙන තුරු දරුවන් වැසිකිළි වල කුණුගොඩවල් වල ඉදීවි. (නි)

:       0       0

සංජය ධර්මසිරි Tuesday, 15 October 2013 07:30 AM

අපේ රටවල් වලට හරියන්නෙ නැත්තෙ ඉගෙන ගත් අයට මනුස්සකම නැති හින්දා තමයි (නි)

:       0       0

අමිල - කටුනායක Tuesday, 15 October 2013 11:43 AM

බබාට ලොකු අපහාසයක් උනෙ, මවටත් එසේමයි. ලොකු අසාධාරණයක් (ස)

:       0       0

සමදරා Tuesday, 15 October 2013 02:49 PM

චන්දි හොඳ ළමයෙක්. රූපවතී හින්දා නරක වෙනවා. (ස)

:       0       0

පෙත්තා Saturday, 12 October 2013 01:12 AM

චන්ද්‍ර, ඒ රටේ වැදගත් රස්සාවක් කරන්නේ. (නි)

:       0       0

චන්ද්‍ර Friday, 11 October 2013 05:12 PM

සරත් ආතාවුද දන්නේ නැද්ද අපේ ඇතැම් කාන්තාවන් තිඹිරි ගෙය කර ගන්නේ වැසිකිලිය එහිදී ලබා ගන්න දරුවා එය තුලටම දමා ගොස් කි දෙනෙක් අසු වී තියේද . කුණු වලවල් සහ වෙනත් තැන්. මම හිතන්නේ අපිට වඩා මෙම රටවල් උසස්ය කියා (අ)

:       0       0

රූපවතී Friday, 11 October 2013 06:45 PM

දරුවටයි,අම්ම‍ාටයි සියලු දෙවි පිහිටයි (නි)

:       0       0

සිරියලතා Friday, 11 October 2013 06:49 PM

චන්ද්‍ර ගේ කතාව අනුව ඉන්නේ අරාබි රටක වගේ. සරත් සමග මම එකග වෙමි (ත)

:       0       0

ලංකා Friday, 11 October 2013 07:43 PM

චන්ද්‍ර ට මොකද වෙලා තියෙන්නේ. ලංකාවට ඔච්චර ගරහන්නේ ලංකාවේ නෙවේද කොහෙද ඉන්නේ. ලංකාවෙනම් ඉන්නේ ඔය කියන උසස් රටට ගිහින් එහෙ උන්ට කියල කරගනින් (අ)

:       0       0

රනිල් Friday, 11 October 2013 09:14 PM

මොනවා වුණත් මේක අපේ රට, ගෙදර ප්‍රශ්න ගෙදරම විසඳාගෙන ඉදිරියට යමු. (නි)

:       0       0

චානක Friday, 11 October 2013 10:56 PM

කෝ ඔයා කියන පින්තූරය.(නදී)

:       0       0

චන්දි Friday, 11 October 2013 11:02 PM

මේ ලංකා ,කියන කෙනා වැදගත් විදියට කතා කරන්නවත් නොදන්නා කෙනෙක් .., මට පුදුම මේ අපේ කතෘ තුමා මොකද මේ වචන මේ විදියටම පල කරන්නේ කියල .. මේක වැදගත් පුවත් පතක් නේද..? මෙහි අදහස් ලියල සතුටක් විනෝදයක් ලබමු ..( ඉන් එහාට කිසිත් එපා )මගේ දයාබර සොයුරු,සොයුරියනේ අහන්න මේ වදන ....!! ඉතින් පොකුරු,පොකුරු යාළුවො අපි (නදී)

:       0       0

ගුණරත්න Friday, 11 October 2013 11:59 PM

දරුවෝ වැසිකිලි වලවල් වලට දන්නේ සෞක්‍ය සේවේ වරදකින්ද ?චන්ද්‍රාගේ මොලේ පරීක්ෂා කර ගත්තා නම් හොඳ නේද..(නදී)

:       0       0

ශාන්ති Saturday, 12 October 2013 12:15 AM

මෙතන වරද හෙදියගේ නොවේද? (නි)

:       0       0

සරත් ආතාවුද Friday, 11 October 2013 04:46 PM

ඒ අතින් අපේ රට ඉහලිනේ. පොඩි අඩුපාඩු ටිකක් තිබුනට සෞඛ්‍යය සේවය හොඳයි. (ස)

:       0       0

පෙත්තා Saturday, 12 October 2013 01:15 AM

සෑම දරුවෙකුටම මවක් ඇත. සෑම දරුවෙකුටම රටක් ඇත.මවට ගරහන නරුමයා මවටත් රටටත් නැත...අහෝ...! (නි)

:       0       0

ඉන්දු ෂ්‍යාමා Saturday, 12 October 2013 05:56 AM

අපි වෙනත් රටකට ගිහින් බලන්න ඕනා ඒ රටවල් වල සෞඛ්‍ය ක්ෂේත්‍රය හා අධ්‍යාපනය ගැන. ජනතාවට රටේ නිදහස් අධ්‍යාපනය වැනි දේවල් වල වටිනකම තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

සමන්ති Saturday, 12 October 2013 06:02 AM

හෙදියගේ නොසැලකිලිමත් භාවය නිසා දොස්තරට නීතිය ක්‍රියාත්මක වෙනවා.මෙහෙ නම් හෙදියන් මේකට අකුරට වැඩ හෝ වර්ජන (නදී)

:       0       0

ටිරෝන් Saturday, 12 October 2013 06:52 AM

අපේ සමහර දේවල් වගේමයි (නි)

:       0       0

අල්විස් Saturday, 12 October 2013 07:34 AM

අනිවාර්යයෙන්ම අපේ රටේ දේවල් අපේ රටේ සමහරකට වටින්නේ නැහැනේ. සේවාව කොහොම වුණත් රට අපේ නම් අපි හැදුනා නම් ඉතුරු ටිකත් හැදෙයි නිකන්ම. (නි)

:       0       0

දර්ශන් Saturday, 12 October 2013 08:47 AM

අපේ රටේ සෞඛ්‍යය සේවය හොදයි, එහෙත් එය ආගාධයට ඇදගෙන යන වැඩපිළිවෙලක් ගැන අවදානයෙන් සිටීම සහ වැරදිකරුවන් රටට හෙළිකිරීම අප සැමගේ යුතුකම වේ. (නි)

:       0       0

චමත් Saturday, 12 October 2013 08:56 AM

මෙතනදී මම දන්නා විදියට නම්, හෙදියකට රෝගියෙක් වෙනුවෙන් මෙවැනි නිගමන වලට ඒමට නොහැකිය. රෝගියා ගෙදර යනවාද රෝහලේ නවතිනවාද කියා තීරණය කරන්නේ වෛද්‍යවරයාය. බොහෝ වෙලාවට බටහිර රටවල එතරම් අමාරුවක් නැති රෝගීන් ආපසු නිවසට පිටත් කිරීම [දරු ප්‍රසුතියට මෙතරම් ළං වූ රෝගීන් නොවේ ] සාමාන්‍ය දෙයකි. රෝහල් එසේ කරනුයේ දිනක් රෝගියෙකු නවතා ගැනීම වෙනුවෙන්, රෝහලට ඉතා අධික වියදමක් දැරීමට සිදුවන නිසාය. මේ මුදල රුපියල් වලින් නම් දිනකට,රුපියල් 40.000/= හෝ, ඊටත් වඩා වැඩි වේ. ඉතින් මෙම සිද්ධියේදී, රෝහලේ අංශ භාර වෛද්‍යවරයා, මෙහි සම්පුර්ණ වගකීම භාරගත යුතුයි (නි)

:       0       0

අමිල - බලන්ගොඩ Saturday, 12 October 2013 09:28 AM

චන්දිගේ කතාව හරියට හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site