කෝවිද ගුණසේකර
බිහිසුණු පෙනුමැති විශාල ප්‍රමාණයේ යතුරුපැදි නිපදවීම සම්බන්ධයෙන් නමක් දිනා සිටින ඇමරිකාවේ ‘හාර්ලි ඩේවිඩ්සන්‘ යතුරු පැදි නිෂ්පාදන සමාගම ‘හරිත‘ තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කර ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ලොව මෙතෙක් නොදුටූ විරූ යතුරුපැදියක් එළි දැක්වීමට ඔවුන් කටයුතු කර තිබේ.
‘හාර්ලි ඩේවිඩ්සන්‘ වංශයටම ගැලපෙන හැඩ තිබුණද මෙම යතුරු පැදිය පෙර මෙන් අති විශාල අභ්‍යන්තර දහන එන්ජිමකින් නොව විදුලි මෝටරයකිනි.
‘ලයිව් වයර්‘ නම් වන මේ යතුරු පැදියට තත්පර 4 කදී පැයට සැතපුම් 60 ක වේගයක් අත්කර ගත හැකියැයි සදහන්ය.යතුරු පැදියේ ඇති විදුලි කෝෂ වරක් ආරෝපණය කළ පසු සැතපුම් 130 දුර ප්‍රමාණයක් ගමන් කිරීමට හැකියාව ඇතැයිද නිෂ්පාදකයෝ කියති. විදුලි කෝෂ යළිත් ආරෝපණය කිරීමට වැය වන්නේ පැය භාගයත් - පැයත් අතර කාලයකැයි සදහන්ය.
මෙම නව තාක්ෂණය හාර්ලි ඩේවිඩ්සන් සමාගමේ ප්‍රතිරූපය හා නොගැලපෙන්නක් යැයිද සමාගමේ කඩාවැටීමට මෙය හේතුවක් වනු ඇතැයිද ඇතැම්හු කියති.
නමුත් විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ ඉන්ධන ‘කන‘ අති විශාල යතුරුපැදි තැනීමේ නමක් දිනා සිටින හාර්ලි ඩේවිඩ්සන් වැනි සමාගමක් ‘හරිත‘ තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කර තිබීම යනු හොද ප්‍රවණතාවක් බවයි.ඔවුන් අනුව යමින් තවත් සමාගම් හරිත තාක්ෂණය යොදාගැනීමට කටයුතු කරනු ඇතැයිද සියලූදෙනාගේ එකතුවෙන් හරිත තාක්ෂණයේ ඇති දුර්වලතා ජයගෙන වඩා හොද නිශ්පාදනයන් වෙළදපොලය නිකුත් කිරීමට අනාගතයේදී හැකිවනු ඇතැයිද ඔවුහු කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තත්පර හතරෙන් මයිල 60ක පිම්මක්
නිලන්ත Tuesday, 24 June 2014 10:20 PM
ඉතාමත් හොද වැඩක් (ස)
ගයාන් Wednesday, 25 June 2014 06:43 AM
ලංකාවේ මුදලින් රුපියල් කෝටියක්වත් වේවි (නි)
ආනන්ද දොඩන්ගොඩ Thursday, 26 June 2014 04:07 PM
ඇමරිකාවේ නිෂ්පාදනය කරන වාහන මෝටර් බයිසිකල් ඉතා ලොකුවට සේදුවට ලෝකයේ බහුලවම පරිසරය දුෂණය කිරීම වන්නේ එම නිෂ්පාදන වලින් . ඔවුන් පරිසර දුෂණය ගෙන තෙකිමක් කරන්නේනැහැ . වෙළදාම පමණක් සිතන නිසා . එහෙත් යුරෝපයේ සහ ජපානයේ නිෂ්පාදිත මෝටර් වාහන සහ මෝටර් සයිකල් පරිසර දුෂණය ඉතාම අවම කර නිෂ්පාදනය කරන්නේ . එනිසා යුරෝපයේ බහුලව පාවිච්චි කරන්නේ යුරෝපෙයේම නිෂ්පාදිත හෝ ජපානයේ නිෂ්පාදිත වාහන මෝටර් සයිකල් . (දී)
එමිල් Thursday, 26 June 2014 11:09 PM
ලංකාවටත් එයිද මේවා? (නි)
සමන්ති Friday, 27 June 2014 06:39 AM
ඉස්සරත් ලංකාවේ තිබුනා මේ වගේ යතුරුපැදි වර්ගයක් (නි)