X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


තත්පරයට බැටරි චාජ් කරයි

තත්පරයකින් ආරෝපණය කළ හැකි වියළි කෝෂ වර්ගයක් නිපදවීමට ඇමරිකාවේ ඉලිනොයි විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.

සාමාන්‍යය වියළි කෝෂයේ අභ්‍යන්තර ව්‍යුහය වැඩිදියුණු කර මේ නව වර්ගය නිපදවා තිබේ.ව්‍යුහය වැඩි දියුණු කළේ යැයි කියා කෝෂයේ ප්‍රමාණයේ වෙනසක් සිදුවී නොමැත.මේ වියළි කෝෂ දැනට භාවිතයේ පවතින ඒවාට වඩා දෙතුන් ගුණයකින් බලයෙන්ද වැඩි බව පර්යේෂකයන් පවසයි.

‘‘සාමාන්‍ය වියළි කෝෂ වල තියෙන ගැටලූව මොකක්ද?..ආරෝපණය ඉතිරි කර ගන්න ඕන නම් ඉතින්

වැඩිය පාවිච්චි කරන්න බැහැ.ඒ නිසා අපි ගොඩක් දෙනා පුරුදුවෙලා ඉන්නේ අඩුවෙන් පාවිච්චි කරන්න.මොකද වැඩියෙන් පාවිච්චි කරලා නැවත නැවත ආරෝපණය කරන්න ගියහම නාස්ති වෙන්නේ අපේ කාලය.මේ නව වියළි කෝෂයේ ඒ ගැටලූ නැහැ.ආරෝපණය කරන්න යන්නේ තත්පරයයි.බලයත් වැඩියි.මෙච්චර කල් දුරකථන පරිගණක ආදිය දියුණු කරාට කවුරුවත් වියළි කෝෂ දියුණු කරන්න උත්සාහ කරේ නැහැ.දැන් ඒකත් හරි.ඉස්සරහට නිශ්පාදකයන්ට තව තව අංග ඔවුන්ගේ නිශ්පාදන වලට එක් කරන්න මේ නිසා හැකිවේවි‘‘යි පවසන්නේ පර්යේෂණ කණ්ඩායම මෙහෙයවූ විලියම් කින්ග්ය.



අදහස් (0)

තත්පරයට බැටරි චාජ් කරයි

හසිත Sunday, 21 April 2013 09:16 PM

ඉතාම හොදයි... සන්තෝෂයි..!(නු)

:       0       0

සුදීර Monday, 22 April 2013 08:43 AM

ඉරානේ වගේ ප්‍රජතන්ත්රවාදේ, මානවහිමිකම් වෙනුවට ආගමක් කර පින්නාගෙන ඇවිදින රටක් ලෝක බලවාතුනොත් මොන තත්වෙයක් ලෝකෙට උදාවෙයිද... (ස)

:       0       0

මුරුගන් Monday, 22 April 2013 08:24 AM

ඕක තම මහත්තයෝ බලය කියන සංකල්පයේ හැටි. සේවියට් දේශයේ මුළු නැගෙනහිර යුරෝපෙම අල්ලාගෙන හිටියා.වරක් චීනය කිවුවා ලංකාව ඉන්දියන් හමුදාව ඇරියේ නැත්තම් කොටින්ට උදවු කරනවයි කියලා.ඕක තමා හැටි.අපි විස්සෝප වෙලා වැඩක් නැහැ. (නි)

:       0       0

මහේෂ්වරන් Monday, 22 April 2013 08:20 AM

වෙලාවකට හිතෙනවා ඇෆ්ගනිස්තානේ වගේ රටවල් හරි අවාසනාවන්ත රටවල් කියලා. කාලයක් සෝවියට් දේශයෙන් ගුටි කෑවා.දැන් ඇමරිකාවෙන්. (නි)

:       0       0

මුරුගන් Monday, 22 April 2013 08:19 AM

කලින් කලට ලොව බලවතුන් බිහිවේ. කලෙක එංගලන්තේ, ප්‍රංශේ, ඉන්දියාවේ,ඊජිප්තුවේ,රොමේ,චීනේ වගේ. මේක තමා හැටි. මේ යන විදියට ඉරානේ වගේ ආගමක් කරේ තියාගෙන ඇවිදින රටක් ලෝක බලවතා වෙනවට වැඩිය ඇමරිකාව ඉන්න එක හොදයි. (නි)

:       0       0

ෆවුමි Monday, 22 April 2013 08:16 AM

ඇමරිකාවට මුලින්ම ගැහුවේ ජපානෙනේ. ජපානෙට මදි නොකියන්න දුන්නේ අන් රටවලට පෙනෙන්න. වැඩේ වැරදි වුණත් ජපානේ හොද රටක් නම් හිට්ලර්ට එකතුවෙයිද? ලංකාවෙත් කොළඹට ත්‍රිකුනාමලේට බෝම්බ දැම්මා. (නි)

:       0       0

වීරසිංහ Monday, 22 April 2013 08:11 AM

මම හිතන විදියට නම් ජපානයේ හිට්ලර්ට එකතු වෙලා කළේ හොද වැඩ නෙමෙයි.පැසිෆික් රටවල් වන ඉන්දුනීසියාව, ෆිලිපිනේ, ඕස්ට්‍රේලියාව, ෆිජි ,සැවොම වගේ රටවල් තොගයක් අල්ලගන්න බර ගානක් මැරුවා.ලංකාවටත් බෝම්බ දැම්මා.ඇමරිකාවටත් දැම්මා. (නි)

:       0       0

ලහිරු Monday, 22 April 2013 04:51 AM

http://braungroup.beckman.illinois.edu/PaulBraun.html (නි)

:       0       0

ගාමිණී Sunday, 21 April 2013 11:57 PM

ප්‍රතිචාර දක්වන්නන්ගේ ප්‍රතිචාර විවේචන කරන්න මම කැමතිම නැත. ඒ උනත් සදරුවන් මල්ලීගේ කතාව 100% ක් ම අනුමත කරනවා. 2 වෙනි ලෝ කයුද්ධය කාලේ ඇමෙරිකාව ජපනුන්ට කල විනාශය නිසා අදත් ජපානයේ උපදින අන්ද,ගොළු, බිහිරි දරුවන්ගේ සංඛ්‍යාව ඉතා විශාලයි. සරණාගතයෝ නැව් පිටින් ගියේ බ්‍රසීලයට. මුහුදේ පාසී, බෙල්ලන්, ආඳුන් පවා ආහාරයට අරගෙන ඉඳලා තියෙන්නේ. ඒ උනත් ඇමරිකන් තාක්ෂනය නිසා ජපානය දියුණු උනා කියල අදටත් දේවත්වයේ ලා ඇමරිකාවට සලකනවා. ඒකයි තාක්ෂණයේ රහස.(නදී)

:       0       0

සදරුවන් Sunday, 21 April 2013 11:45 PM

කොච්චර සම්පත් පරිබෝජනය කළත් කමක් නැහැ ලෝකේ වටේ මිනිස්සු මරන්නේ නැතුව. (නි)

:       0       0

සදරුවන් Sunday, 21 April 2013 11:35 PM

පරගැති මානසිකත්වයෙන් මිදෙනතුරු යතාර්ථය අවබෝධ කර ගත නොහැක. භවයේ අඳුර වැනසූ සඳ හිරු සේම,සැලකු දහම කරනෙමි මම නැමදීම. (නි)

:       0       0

සදරුවන් Sunday, 21 April 2013 11:29 PM

ජීවන්,කොන්ගෝ රටේ තඹ නිධි තියෙන බව සොයාගත්තා. ඇමෙරිකාව ඇහැ ගැහුවා. රට ඇතුලේ කෙටෙව්වා.තඹ නිධි තිබුන නගරයේ අය කිවුවා ඒවා අයිති ඒ නගරයේ අයට විතරයි කියලා.ඇන කොටා ගත්තා.අගමැති ආධාර ඉල්ලුවා.ආවේ නැහැ.තඹ නිධි බෙල්ජියම මංකොල්ල කාගත්තා.අන්තිම හරියේදී සාම සාධක හමුදාව ආවා කොන්ගෝ රටට උදව්වට.අගමැතිට මොකද වුණේ???ඔය එක් උදාහරණයක් පමණි. (නි)

:       0       0

සදරුවන් Sunday, 21 April 2013 11:08 PM

අපිට බෑ අපිට නෑ ඇයි පන නැද්ද?.පුළුවන් මිනිස්සු කරගෙන යනවා. බල්ලෝ බිරුවට තවලම ඇදෙනවා.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 21 April 2013 01:57 PM

ඇමරිකානු විශ්ව විද්‍යාලවල අපේ රටේ සිසු සිසුවියන් පී එච් ඩී කරනවා.මම දන්නා සිසුවෙකුත් ඉතා සියුම් දිගු කල් පවතින වියලි බැටරි නිෂ්පාදනයට අවශ්‍ය පර්යේෂණයක් කරනවා.පියවර කිහිපයක් සාර්ථක වෙලා ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවක පලකරලත් තිබුනා.ලංකාවේ දරුවෙකුටත් තැනක් ලැබුනොත් කාටද ආඩම්බර? (නි)

:       0       0

ජීවන් Sunday, 21 April 2013 04:22 PM

සදරුවන්, ඇෆ්ගනිස්තානේ,ඉරාකේ,සිරියාවේ අය ඒකාධිපතියන්ට විරුද්ධව ඇමරිකාවෙන් උදවු නොඉල්ලා කොහෙන්ද ඉල්ලන්නේ? උදවු ගන්න ඇමරිකාවට ගිය අය තමයි අද ඇෆ්ගනිස්තානේ,ඉරාකේ බලේ ඉන්නේ. ඒකට ඉතින් ඇමරිකාව මක් කරන්නද? (නි)

:       0       0

ලසන්ත Sunday, 21 April 2013 04:07 PM

මිනිස්සු බැන්නත් ලෝකෙට ඇමරිකාව කළ තාක්ෂණික දායාද අනන්තයි. (නි)

:       0       0

මුරුගන් Sunday, 21 April 2013 04:04 PM

මේ තාක්ෂණය ඉක්මනින්ම ලෝකේ ප්‍රචලිත වෙයි. ලගදි ටයරයක් හැදුවා, හුලන්,ටියුබ් කිසිත් නැතිව යන්න. ඒක දැන් මැදපෙරදිග විකිනෙනවා. (නි)

:       0       0

රුප Sunday, 21 April 2013 04:03 PM

සදරුවන් කියන විදියට 36% පමණක් නොවේ, ඉදිරියේදී ග්‍රහ ලෝක වල තියන දේ පරිභෝජනය කරන්නයි එයාලා හිතන් ඉන්නේ. ඒකට අපි ඉරිසියා කරලා වැඩක් නැහැ. අපට තියෙන දේ අපි පරිබෝජනය කරන්නෙත් නැහැ. බලන්න දඹුල්ලේ එළවලු... (නි)

:       0       0

නීල Sunday, 21 April 2013 04:01 PM

අජිත් මහතා කිවුවා වගේ ඇමරිකාවේ වැඩ කරන්න දක්ෂයින්ට ලෝකේ කොහෙන් වුණත් කමක් නැහැ, ඇමරිකාවේ දොර ඇරලා. ඒකට පිටිපස්සේ යන්න,වන්දිබට්ටකම් කරන්න ඕනෑ නැහැ.ජාතින් 46 එකට ඉන්නේ ඒකයි. දියුණුවේ රහස උත්සාහය. (නි)

:       0       0

සුපුන් Sunday, 21 April 2013 03:59 PM

පාපැදියක් වත් හදා ගන්න බැරි අපට පුරාජේරුව විතරයි තියෙන්නේ. යුද්ධ වලින් මරාගන්න හැම රටකටම එහෙම වෙලා තියෙන්නේ උත්සාහය නැතිකම,මොලය පාවිච්චි නොකිරීම මිස වෙන රටවල වැරදි නිසා නොවේ. (නි)

:       0       0

සදරුවන් Sunday, 21 April 2013 03:45 PM

ඇමෙරිකාව තාක්ෂණයෙන් දියුණුයි.ඒ තාක්ෂණයෙන් තමා පකිස්තාන්,ඇෆ්ගනිස්ථාන්,ඉරාක්,වල මිනිස්සු මිලියන ගණන් මැරුවේ.ජපානේ තවමත් අංග විකල ළමයි ඉපදෙන්නේ ඒ තාක්ෂණෙන් තමයි. (නි)

:       0       0

සදරුවන් Sunday, 21 April 2013 03:36 PM

ඇමෙරිකාව තාක්ෂණයෙන් දියුණුයි.ඒවාට සල්ලි හොයාගන්න විදිය තමයි නින්දිත.ඇමෙරිකානු ජනගහනය ලෝක ජනගහනයෙන් 7%. පරිබෝජනය කරනවා ලෝක සම්පත් වලින් 36%. සුඩානයේ සෑම තත්පර 25 කට සැරයක් ළමයෙක් මැරෙනවා කන්න නැතුව. (නි)

:       0       0

ගාමිණී Sunday, 21 April 2013 03:28 PM

ඇමරිකානු පර්යේෂක කණ්ඩායමට සුභ පැතුම්! (නි)

:       0       0

පාල Sunday, 21 April 2013 03:08 PM

දැක්කද දියුණුව සදරුවන්? දැන් කියන්න අපේ අහවල් රජතුමා අරක හැදුවා, රාවනාට දඩුමොනරෙක් හිටියා.... කියලා. (නි)

:       0       0

ෆෙර්ණන්දෝ ලොස් අන්ජෙලිස් Sunday, 21 April 2013 02:51 PM

සදරුවන් දැක්කද වැඩ... ඔයාටත් ඕනෑද එකක්? (නි)

:       0       0

දිනකර Sunday, 21 April 2013 02:31 PM

ලංකාවටත් ඉක්මනින් අවොත් හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site