ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්ත සභාව පෙරේදා (1) රැස්වූ අවස්ථාවේදී මහ ඇමැතිනී ජයරාම් ජයලලිතා සහ ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂ නායක විජයකාන්ත් අතරේ බහින් බස් වීමක් සිදුවී එය පසුව ගාලගෝට්ටියක් බවට පත්විය.
එම බහින් බස් වීමට හේතු වූයේ ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂ නායක විජයකාන්ත්, මහ ඇමැතිනී ජයලලිතාගේ රජයට එරෙහිව කළ චෝදනාවක් හේතුවෙනි.
විජයකාන්ත් චෝදනා කළේ මැතිවරණයෙන් පසු ජයලලිතාගේ රජය ප‍්‍රාන්තයේ කිරි මිලත් විදුලි බිලත් නැංවීමට පියවර ගත් බවටය. එම චෝදනාවලට ප‍්‍රතිචාර දක්වමින් ජයලලිතා කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කරන ලද්දේ රජය විසින් නොව තමිල්නාඩු විදුලිබල කොමිසම විසින් බවය.
ඉන්පසු ජයලලිතා කියා සිටියේ 2010 ප‍්‍රාන්ත සභා මැතිවරණයේදී ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂය සමඟ සන්ධානගත වීම තමා කළ මෝඩ කි‍්‍රයාවක් බවත් තමා ඒ ගැන පසුතැවෙන බවත්ය. මහ ඇමැතිනියගේ එම ප‍්‍රකාශයත් සමඟ ප‍්‍රාන්ත සභාවේ ගාලගෝට්ටියක් ගට ගැණුනි.
2010 වසරේ පැවැති තමිල්නාඩු ප‍්‍රාන්ත සභා මැතිවරණයේදී ජයලලිතා සහ ඇයගේ ‘අන්නා මුනේත‍්‍ර ද්‍රවිඩ කලගම්’ පක්ෂය, ඡුන්ද සටනට එක් වුණේ ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂ නායක විජයකාන්ත් සමඟ සන්ධානගත වෙමිනි. එහෙත් වසරකට පසු ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂය, ‘අන්නා මුනේත‍්‍ර ද්‍රවිඩ කලගම්’ පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයට එක් විය.
මහ ඇමැතියගේ එම ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් විජයකාන්ත් සහ ‘ඞී.එම්.ඞී.කේ.’ මන්තී‍්‍රවරුන් කලහකාරීව හැසිරෙන්න වූ අතර එයින් ප‍්‍රාන්ත සභාවේ කටයුතුවලට බාධා එල්ල විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තමිල්නාඩු ප‍්‍රාන්ත සභාවේ ගාලගෝට්ටියක්
ඉලංකා Monday, 06 February 2012 02:05 AM
එක වල්ලෙ පොල්