X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


තලේබාන් තර්ජනවලට බය නෑ: මුෂාරෆ් කියයි

දීර්ග කාලයක් රටින් පිටව සිට තලේබාන් මරණ තර්ජන මැද යළි පාකිස්තානයට පැමිණි හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් ඊයේ (25) තම පක්ෂ ආධාරකරුවන්

හිටපු ජනපති මුෂාරෆ් පක්ෂ ආධාරකරුවන් අමතමින්...

අමතමින් කියා සිටියේ තලේබාන් සටන්කාමීන්ගේ තර්ජනවලට තමා බියක් නොදක්වන බවත්, ජීවිතය පූජා කරමින් හෝ පාකිස්තානය ‘බේරා’ ගැනීමට තමන් කැප වෙන බවත්ය.
පාකිස්තානයේ හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන මුෂාරෆ්, යළි සිය රට පැමිණියේ පෙරේදා (24) ය. ඔහු පාකිස්තානයට පැමිණෙන බව ආරංචි වූ අවස්ථාවේදී පාකිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් සංවිධානය අනතුරු ඇඟවූයේ මුෂාරෆ් ඝාතනය කිරීමට දැනටමත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් කණ්ඩායමක් යවා ඇති බවය.
තම පක්ෂ ආධාරකරුවන් අමතමින් මුෂාරෆ් වැඩි දුරටත් කියා සිටියේ දුෂණ වංචා හේතුවෙන් පාකිස්තානය අගාධයට වැටී ඇති බවත්, ඒවා තුරන් කර රට මුදා ගැනීමට තමා ඉදිරිපත්ව සිටින බවත්ය. කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැංවීමට පමණක් නොව දිළිඳුකම පිටුදැකීමට ද තමා කැපැ වී කි‍්‍රයා කරන බව ද මුෂාරෆ් ප‍්‍රතිඥා දුන්නේය.
මුෂාරෆ් යළි පාකිස්තානයට පැමිණියේ මැයි 11 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට තරග කිරීමටය. 
මුෂාරෆ් පාකිස්තානයට පැමිණි විගස ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි. ඒ, ඔහුට එරෙහි චෝදනා රැසක් එල්ල වී තිබීම නිසාය.ඒ අතර, හිටපු ජනාධිපතිවරයා නැවත පාකිස්තානයට පැමිණියහොත් ඝාතනය කරන බවට තලේබාන් සංවිධානය පසුගිය සතියේ අනතුරු අඟවා තිබුණි. 
කෙසේ නමුත් මුෂාරෆ් පාකිස්තානයේ සිටින ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි. 
අධිකරණයට බලපෑම් කිරීම, බලය අයථා ලෙස භාවිත කිරීම ආදී චෝදනා රැුසක් මුෂාරෆ්ට එරෙහිව එල්ල වී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් මුෂාරෆ්ට එරෙහිව නඩු පවරා ඇත.
මීට පස් වසරකට පෙර ජනපති ධුරයෙන් සමුගත් මුෂාරෆ් පාකිස්තානයෙන් පිටුවහල් වී, බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර සහ ඩුබායිහි ජීවත් වුණේය. විදේශගතව සිටිද්දී මුෂාරෆ් ඔහුට හිතවාදී කණ්ඩායම් සමඟ එක්වී 2010 වසරේ දී ‘සෑම පාකිස්තානුවකුගේම මුස්ලිම් ලීගය’ යන නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවීය. 
හමුදාපතිවරයාව සිටියදී කිසිදු ලේ වැගිරීමකින් තොරව, මුෂාරෆ් හමුදා කුමන්ත‍්‍රණයකින් පාකිස්තාන ජනපති ධුරයට පත්වූයේ 2001 වසරේ දීය. 2008 තෙක් ඔහු පාකිස්තාන ජනපතිවරයා ලෙස කටයුතු කළේය. හමුදාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු 2007 වසරේ දී එම ධුරයට සමු දී 2008 තෙක් කටයුතු කළේ සිවිල් ජනපතිවරයකු ලෙසය.



අදහස් (0)

තලේබාන් තර්ජනවලට බය නෑ: මුෂාරෆ් කියයි

රීටා Tuesday, 26 March 2013 11:16 AM

ඇයි දෙයියනේ මේ ආසියාවේ දේශපාලනය මෙතරම් දූෂිත? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 26 March 2013 11:38 AM

ඔය කට්ටිය ගැන බලාගන්න අ‍පේ වීරෝධාර හමුදාවට භාරදෙන්නකෝ. (නි)

:       0       0

උපරතන හිමි Tuesday, 26 March 2013 11:45 AM

ඔහුගේ ජීවිතයට කිසිදු අනතුරක් නොවේවායි පතමි. (නි)

:       0       0

මහින්ද Wednesday, 27 March 2013 02:25 AM

කොහොමද ඒ කියමන (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site