පාකිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් ත‍්‍රස්තවාදීන් පරාජය කළ හැක්කේ ඔවුන් සමඟ සාම සාකච්ඡුා පවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමෙන් පමණක් යැයි පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පවසා ඇත.
නවාස් ෂරීෆ්, තලේබාන් සංවිධානය සමඟ ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන අයකු බවට ප‍්‍රකටය.
මීට මාස කිහිපයකට පෙර, අගමැති ධුරයට පත් වූ දා සිට ඔහු උත්සහ ගන්නේ වසර 12 ක් තිස්සේ තලේබාන් සටන්කාමීන් සහ රජය අතර පවතින අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමටය.
ෂරීෆ් සාම සාකච්ඡුාවලට කැපවන්නේ නම්, තමන් ඊට කැමැති බව තලේබාන් සංවිධානය ද පවසා ඇත. කෙසේ නමුත් සාම සාකච්ඡා ආරම්භ කරන දිනයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැත.
ඊට හේතුව වූයේ ඇමෙරිකා ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායකයකු වන වලී යූර් රෙහ්මාන් මෙසූඞ් මීට සති කිහිපයකට පෙර ජීවිතක්ෂයට පත්වීමය.
ඇමෙරිකා හමුදාව, ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තාන දේශසීමා උල්ලංගනය කරමින් එල්ල කරන එම ඩ්‍රෝන ප‍්‍රහාර අගමැති නවාස් ෂරීෆ්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
ඒ, එම ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් මිය යෑම නිසාය. ඒ ගැන ඇමෙරිකා රජයට තම විරෝධය පෑමට ද අගමැති ෂරීෆ් පියවර ගෙන ඇත. පාකිස්තාන රජය මුහුණ දී සිටින බරපතළ අභියෝගය වන්නේ ත‍්‍රස්තවාදය යැයි ද ෂරීෆ් මාධ්‍ය සාකච්ජාවකදී පැවසීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තලේබාන් ත‍්‍රස්තයන් පරදන්න පුළුවන් සාම කතාවලින් පමණයි
රවිදු Wednesday, 17 July 2013 07:48 PM
කොන්ද පණ නැති නායකයන්ගේ උදාන පාඨය - සාම කතා.. ත්‍රස්තවාදීන්ගේ සෙල්ලම් බඩුව - සාම කතා.(අ)
බන්දුල පෙරේරා Wednesday, 17 July 2013 09:32 PM
රනිල් මහත්තය ජනපති උනානම් 2005 ඉදල අපිටත් අහන්න වෙන්නේ ඔය කවි පදේම තමයි තාමත්..ගන්න මහත්තයෝ ලංකාවෙන් ආදර්ශය..ත්‍රස්තවාදීන්ට වුණ්ට තේරෙන භාෂාවකින් උත්තර දෙනකම් මොන කතා වලින්වත් සාමේ එන්නේ නැහැ.(අ).