X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


තලේබාන් වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ මලාලා ප්‍රතිකාර ගන්න බ්‍රිතාන්‍යට

තලේබාන් සටන්කාමීයකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ පාකිස්තාන දැරිය, මලාලා යූසොෆ්සායි වැඩිදුර ප‍්‍රතිකාර සඳහා විශේෂ ගුවන් යානයකින් ඊයේ (16) බි‍්‍රතාන්‍යයට රැගෙන එනු ලැබුවාය. සිහිසුන්ව දිවිසුරැකුම් යන්ත‍්‍රයකට සම්බන්ධ කර සිටින මලාලා රැගෙන ආවේ බි‍්‍රතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ බර්මින්හැම්ෂයර්හි එලිසබත් රැජින රෝහලටය. ඉතා බරපතළ ලෙස තුවාල ලබන රෝගීන්ට අවශ්‍ය විශේෂ ප‍්‍රතිකර්ම ලබා දෙන්නේ මෙම රෝහලේදීය. ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැලී බරපතළ තුවාල ලබන බි‍්‍රතාන්‍ය සොල්දාදුවන් ඇතුළත් කරන්නේ ද මෙම රෝහලටය. 14 හැවිරිදි මලාලා පාකිස්තානයේ සිට බි‍්‍රතාන්‍ය බලා රැගෙන එනු ලැබුවේ විශේෂ ගුවන් යානයකිනි. එය පියාසර කරන රෝහලක් බඳු ගුවන් යානයක් යැයි මාධ්‍ය වාර්තා කර තිබුණි. මලාලා බි‍්‍රතාන්‍යය බලා රැගෙන ගියේ ඇයට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා බි‍්‍රතාන්‍යයට ගෙන්වා ගැනීමට බි‍්‍රතාන්‍ය රජයත් එරට වෛද්‍යවරුනුත් කැමැත්ත පළ කිරීමත් සමඟය. ”මලාලාට සුවය ලැබීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසයි පාකිස්තාන වෛද්‍යවරුන් සමඟ කතාබහ කර ඇය අප රෝහලට ගෙන්වා ගැනීමට කටයුතු කළේ. වැදුණු වෙඩි උණ්ඩයෙන් ඇගේ හිස් කබල සිදුරු වෙලා. ඇයට තවත් සැත්කම් කිහිපයක් සිදු කළ යුතුයි. ඇය විශේෂඥ ස්නායු වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතුයි.” යැයි එලිසබත් රැජින රෝහල් අධ්‍යක්ෂ ඬේවිඞ් රොස් මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය. රෝහලට රැගෙන ආ මලාලාට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ද බි‍්‍රතාන්‍ය රජය කටයුතු කර ඇති බව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසයි. ඊට හේතුව වී ඇත්තේ මලාලාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුවහොත් ඇය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම පහර දෙන බවට එම අවස්ථාවේදී තරීක් ඊ තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇති හෙයිනි. මලාලාට අමතරව ළමා අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් තලේබාන්වරුන්ට එරෙහිව හඬ නගන මලාලාගේ පියාත් මවත් සොයුරන් දෙදෙනාත් සරණාගතයන් ලෙස බි‍්‍රතාන්‍යයට ගෙන්වා ගැනීම සඳහා වීසා නිකුත් කිරීමට බි‍්‍රතාන්‍ය රජය මේ වන විට තීරණය කර ඇත. තලේබාන් සටන්කාමියාගේ වෙඩි ප‍්‍රහාරයෙන් මලාලා තුවාල ලැබුවේ පසුගිය 9 වැනිදාය. සටන්කාමියා එල්ල කළ එක් වෙඩි උණ්ඩයකින් ඇගේ හිසත් අනෙකෙන් ඇගේ බෙල්ලත් තුවාල විය. පාකිස්තාන ආරක්ෂක අංශ වහා කි‍්‍රයාත්මක වී, මලලා කඩිනමින් පෙෂවෝර් නුවර හමුදා රෝහලට රැුගෙන ගිය අතර ඇයට ප‍්‍රතිකාර කිරීමේ දී බි‍්‍රතාන්‍ය වෛද්‍යවරු දෙදෙනෙක් ද පාකිස්තාන ශල්‍ය වෛද්‍යවරුන්ට උපදෙස් දී ඇත. මලාලා පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ මින්ගෝරා නමැති නගරයේ පදිංචිකාරියකි. ඇය පාකිස්තානයේ තලේබාන් සටන්කාමීන්ගේ ෂරියා නීතියට විරෝධය පළ කරමින්, ස්වාත් මිටියාවතේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස වෙනුවෙන් හඬ නැගූ මානව කි‍්‍රයාකාරිනියකි. වයස අවුරුදු 11 දී ඇය අන්තර් ජාලය හරහා බී.බී.සී. උර්දු සේවය ඔස්සේ බ්ලොග් සටහනක් ආරම්භ කරමින් තලේබාන් සටන්කාමීන්ගේ කුරිරුකම් නිසා ඇගේ සහ ස්වාත් නිම්නයේ වැසියන්ගේ ජීවිතවලට බලපෑම් සිදුවූ අයුරු ලොවට හෙළි කළාය. මලාලා වෙඩි ප‍්‍රහාරයට ලක් වූයේ පාසල් බස්රියට ගොඩ වී අසුන් ගෙන නිවෙස් බලා යෑමට සූදානමින් සිටිද්දීය. වෙඩි තැබූ විගස තුවක්කුකරු පලා ගිය අතර පාකිස්තාන රජය නිවේදනයක් කර ඇත්තේ ඔහු ගැන තොරතුරක් දෙන අයකුට ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනමන බවය. ප‍්‍රහාරයේ වගකීම පාකිස්තානයේ ‘තරීක් ඊ තලේබාන්’ තලේබාන් සටන්කාමීන් විසින් බාර ගනු ලැබුවේ වෙඩි තැබීමෙන් පැය කිහිපයක් ගත වීමටත් පෙරය. මින්ගෝරා පොලිසිය වහා කි‍්‍රයාත්මක වී වෙඩි තැබීම ගැන පරීක්ෂණ ආරම්භ කළ අතර මේ වනවිට 200 දෙනකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන බව වාර්තා වේ. ඒ අතර මලාලාගේ පාසලේ මුරකරු සහ පාසල් බස්රියේ රියැදුරු ද සිටිති. මලාලා රැගෙන ආ විශේෂ ගුවන් යානය බර්මින්හැම් ගුවන්තොටට පැමිණි අවස්ථාවඑලිසබත් රැජින රෝහල



අදහස් (0)

තලේබාන් වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ මලාලා ප්‍රතිකාර ගන්න බ්‍රිතාන්‍යට

චන්ද්‍රසිරි Wednesday, 17 October 2012 02:14 PM

බ්‍රිතාන්‍ය රජයේ මෙම ක්‍රියාවට අපි ගෞරව කරමු. (නි)

:       0       0

විමල් Thursday, 18 October 2012 03:06 PM

අපේ ගැළවුම්කාරිය ඔබයි (නි)

:       0       0

චාමිකර Thursday, 18 October 2012 09:29 AM

දයාබර මලාලා, ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින ලාබාල ඔබ සැබෑ වීරවරියකි. ඉක්මනින් සුවපත් වේවා. අපි ඔබ වෙනුවෙන් සෙත් පතමු. ඔබට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය පතමි. (නි)

:       0       0

සුජී Thursday, 18 October 2012 01:32 AM

ශරියාවට එරෙහි වූ ඔබ අපිට සැබෑ වීරවරියෙකි. ඉක්මන් සුව! (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 17 October 2012 11:39 PM

ඉක්මන් සූවය ප්‍රාර්ථනා කරමූ...!!

:       0       0

නිලන්ත Wednesday, 17 October 2012 06:03 PM

ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 17 October 2012 05:57 PM

ඉක්මන් සුවය පතමු. (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 17 October 2012 05:48 PM

ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)

:       0       0

චේතනා Wednesday, 17 October 2012 03:40 PM

සමස්ත කාන්තාවන් වෙනුවෙන් මෙන්ම අයිතිවාසිකම්.(නදී)

:       0       0

හේමන්ත Wednesday, 17 October 2012 11:17 AM

දුමින්ද මහත්තයත් මේ රෝගලට යවන්න තිබුණේ. (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 17 October 2012 02:06 PM

නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සෑම පුරවැසියකුටම ලැබී ඇති මානව නිදහසකි. එයට විරුද්ධව කවුරුන් හෝ බලපෑම් කරන්නේ නම් ඇත්තෙන්ම එය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්ම වන්නේය. (නි)

:       0       0

බිහාන් Wednesday, 17 October 2012 01:45 PM

'තලේබාන් සටන්කාමීයකු' මේ වචන හොද වෑඩි නේද? (නි) …

:       0       0

ජයී තිසර Wednesday, 17 October 2012 01:45 PM

දියණිය මලාලා ඔබට ඉක්මණින් සුවය ලැබේවා! අධ්‍යාපනය ස්ත්‍රියගෙන් වළකන්න පාසල් කඩා දැමුවෝ මෙය අහගන්න බොරුවෙන් මුලාකර අඳුරට ගෙන යන්න බැරිවෙයි මලාලා වැන්නන් පරදන්න (නි)

:       0       0

සදික Wednesday, 17 October 2012 01:35 PM

ජීවිතයක් බේරාගැනීම ගැන සතුටුයි. නමුත් මේ අය මෙයට පෙර පකිස්ථානයේ පාසලකට ගහලා දරුවන් විසිගානක් මැරුණා. නේටෝව ගහලා කීයක් මැරුණත් ප්‍රශ්නයක් නැහැ . (නි)

:       0       0

duminda Wednesday, 17 October 2012 01:21 PM

ඔබට ඉක්මන් සුව!

:       0       0

මොහමඩ් Wednesday, 17 October 2012 01:19 PM

ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)

:       0       0

ශශීමාල් Wednesday, 17 October 2012 11:31 AM

ඉක්මන් සුවය පතමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site