වයඹදිග පාකිස්තානයේ පිහිිටි පෙෂාවොර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගෙන තලේබාන් සටන්කාමීන් ඊයේ (16) එල්ල කළ ප‍්‍රහාරයකින් සිවිල් වැසියෝ හතර දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. බෝම්බ පිර වූ මෝටර් රථ, රොකට් සහ ගිනි අවිවලින් සන්නද්ධ වූ සටන්කාමීන් පිරිසක් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත. එහිදී ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් සටන්කාමීහු සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පාකිස්තානයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන පෙෂාවොර්හි පිහිටි මෙම ගුවන්තොටුපළ එරට ප‍්‍රධාන ගුවන් හමුදා කඳවුරක් ලෙස ද සැලකේ. ගුවන්තොටුපළේ නවතා තිබූ ප‍්‍රහාරක ගුවන්යානා සහ හෙලිකෝප්ටර් විනාශ කිරීමේ අරමුණින් සටන්කාමීන් මෙම ප‍්‍රහාරය දියත් කර ඇති බව හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය. සටන්කාමීන් එල්ල කළ රොකට් ප‍්‍රහාරවලින් ගුවන්යානා කිසිවකටත් හානි සිදු නොවූ බවත් ජනතාව ගැවසෙන ස්ථානයකට එම රොකට් ප‍්‍රහාරයක් පතිත වීමෙන් එහි සිටි පිරිස් තුවාල ලැබූ බවත් කයිබර් පළාතේ සන්නිවේදන කටයුතු අමාත්‍ය මිලාන් ඉෆ්තිකාර් හසන් සඳහන් කළේය. රොකට් සහ ගිනිඅවිවලින් ප‍්‍රහාර එල්ල කළ සටන්කාමීන්ට සිය ඉලක්කයට සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබී නොමැති බව වාර්තා වේ. ප‍්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් බාර ගෙන ඇත. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ වැසියන් පනස්දෙනකු පමණ රෝහල් ගත කර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ‘‘අපගේ ඉලක්කය වූයේ ප‍්‍රහාරක ගුවන්යානා සහ හෙලිකොප්ටර් යානා විනාශ කිරීමයි. නැවතත් ප‍්‍රහාරයක් එල්ල කිරීමට අප සූදානමින් සිටිනවා.’’ යැයි ප‍්‍රහාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් තලෙයිබාන් ප‍්‍රකාශක එන්සනුල්ලා එසාන් අනතුරු ඇඟවීය. උද්ගතව ඇති මෙම තත්ත්වය තුළ පාකිස්තානයේ අනෙකුත් ගුවන්තොටුපළවලට ද ආරක්ෂාව තර කරන ලෙස අනතුරු අඟවා ඇතැයි එරට රජය සඳහන් කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තලේබාන් සටන්කාමීන්ගෙන් පෙෂාවෝර් ගුවන්තොටුපළට දැවැන්ත ප‍්‍රහාරයක්
ලාල් Monday, 17 December 2012 06:22 PM
තමන්ගේම ජාතියේ අයට ප්‍රහාර එල්ල කරනවද? (නි)
බන්ඩාර Monday, 17 December 2012 09:10 PM
ත්‍රස්ථවාදීන්ට ජාති ආගම් භේධ නෑ (ස)
මාලක Tuesday, 18 December 2012 03:34 AM
ඇයි ලාල්, ඔයා ඉපදුණේ 89ට පස්සේද? (නි)
ශාන් Tuesday, 18 December 2012 12:18 PM
මුළු ලෝකෙම උන්ඩ වලට යට වෙලා (දී)
සක්‍ර Tuesday, 18 December 2012 02:00 PM
ලෝක විනාසය (දී)
සිල්වා Tuesday, 18 December 2012 09:37 PM
සාමකාමී බෞද්ධ ජනතාව මෙම ප්‍රදේශවල අතීතයේ හිටියා. (නි)