2030 වසර වන විට සඳ මත මිනිස් ජනාවාස ඇතිකිරීමට රුසියාව සැරැසේ.
රුසියා රජය සකස් කර ඇති වැඩපිළිවෙළක පියවර තුනකින් සඳ ජයගැනීම දැක්වෙන අතර ඉදිරි වසර 20 -30 අතර කාලයේදී සඳ මත ජනාවාස ඇතිකිරීම ඔවුන්ගේ ඉලක්කයයි.
ලොව අනෙක් රටවල් සඳට අයිතිවාසිකම් කීමට ප‍්‍රථමයෙන් රුසියාව ඉක්මන් විය යුතුව ඇතැයිද එම වැඩපිළිවෙලේ වන යෝජනා වලින් ඉස්මතු කෙරී තිබේ.
සඳ ගවේෂණ කටයුතු වලදී අන්තර්ජාතික සහය අත්‍යාවශ්‍ය වන ඇති මුත් සෑම විටම රුසියාව තම ස්වාධිනත්වය පවත්වාගත යුතුයැයිද එහි දැක්වේ.
දැනට චීනය,ජපානය හා ඉන්දියාව එළැඹෙන වසර කිහිපයේදී සඳ ගවේෂණයේ යෙදීමට සූදානමින් සිටින්නේයැයි නිවේදනය කර තිබේ.දැනටමත් ‘‘කියුරියොසිටි‘‘ නම් රොබෝ රෝවරයක් සඳ මතට යවා ඇති චීනය සද ගවේෂණ කටයුතු සදහා මුල් පියවර තබා අවසන්ය.
පියවර 3 කින් සිදු වනු ඇති රුසියාවේ සඳ ගවේෂණ හා සඳ මත ජනාවාස තැනීමේ වැඩපිළිවෙළ2016 වසරේදී සඳ මතට යැවීමට නියමිතව ඇති රොබෝ රෝවරයකින් ආරම්භ වනු ඇතැයි සදහන්ය.
දෙවන පියවර ලෙස 2028 වසරේදී මිනිසුන් සහිත අභ්‍යාවකාශ ගවේෂක යානයක් සද මතට ගොඩබැස්වීමත් තෙවැනි පියවර ලෙස 2030 වසරේදී සඳ මත කඳවුරක් ගොඩනැගීමත් අනතුරුව පෘථිවිය හා අභ්‍යාවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ගොඩනැගීමත් ලෙස වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැංවීමට සැළසුම් කර ඇත.
වර්තමානයේ ඇමරිකාවේ සියලූ අභ්‍යාවකාශ ගවේෂණ කටයුතු හා ඒ සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු අගහරු ග‍්‍රහයා ඉලක්ක කර සිදුවන බැවින් රුසියාවට චන්ද්‍රයා කරා යාමට මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘතය.
සඳ මතට ගගනගාමියෙකු අවසන් වරට ගොඩබැස ඇත්තේ 1976 වසරේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තව වසර 15 කින් සඳේ ජනාවාස
සම්පත් Friday, 09 May 2014 04:30 PM
මැලේසියා ගුවන් යානයට වුණ දේ තාම හොයනවා නේද ? (ස)
ගන්දර සයිමොන් Friday, 09 May 2014 05:21 PM
අපේ ලංකාවේ කොටසකුත් මේකෙන් ගෙවල් ඇනවුම කරලා ඇති දැනටම. ම . චන්ද්‍රයා මත බැංකු ගිණුම් දමන්නත් කොටසක් කාලයක් බලන් සිටියා. ස්විස් බැංකු ෂුවර් නැහැ කියා.(නදී)
සුවාරිස් Friday, 09 May 2014 10:35 PM
සඳට පිස්සු නැත. අර ගුවන් යානයට මොකද වුනේ? (ස)
හේවාවිතාරණ Saturday, 10 May 2014 12:28 AM
ලංකාවේ මහත්වරු දැනටමත් හොර ඔප්පු හදන්න සුදානම් වෙනවා ඇති පිස්සු හැදෙන සඳ (දී)
ඩිංගිරි සාජා Saturday, 10 May 2014 12:29 AM
මොනවා කලත් මේ කට්ටිය හඳේ හාවාගේ පින්තුරේ පරිස්සම් කරගෙන සඳ මත මොනවා කලත් කමක් නැහැ . ඉදල හිටලා 550 ජාතකය අහල හඳේ හාවා පෙන්වන්න පුළුවන් (දී)
දොන් රොසාන් ද සොයිසා Saturday, 10 May 2014 02:31 AM
ගෙදර ඉන්න මීයා අල්ලා ගන්න බෑ කෑලේ ඉන්න අලි අල්ලන්න යනවා රුසියාවෙ ගොඩක් තරුණ තරුණියෝ පාලම් යට ජීවත් වෙන්නේ (ස)
සෑම් Saturday, 10 May 2014 05:46 AM
අර "හඳෙන් හාල් ගෙන එනවා" කියලා මැයි පෙළපාලි වල කියපු කතාව හැබෑ වෙයි වගේ. (නි)
විරසේකර Saturday, 10 May 2014 07:01 AM
අපිටත් යන්න බැරියෑ එහෙනම් (නි)
සුභාෂ් Saturday, 10 May 2014 09:30 AM
එතකොට අර කිව්ව හාල් ගෙනත් දෙයි. (ස)
අසෝකා Saturday, 10 May 2014 05:19 PM
සංචාරකයෝ වැඩියෙන් ගෙන්වා ගන්න ක්‍රම සොයන්න ලංකාවේ සංචාරක මණ්ඩලයේ ඇත්තන්ගෙන් අදහස් විමසනවලු. මම හිතන්නේ එයාලට හොද වැටුපකට එහාට ගේනවා ගනීවි! (අ)