සම්මානලාභී ලේඛිකා බංග්ලාදේශ ජාතික තස්ලිමා නස්රීන් ආරක්ෂාව පතා ඉන්දියාවේ සිට ඇමරිකාවට ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය කියයි.
ඇයට ඇතිවූ මරණ තර්ජන හේතුවෙන් මෙසේ ඉන්දියාව හැර ගොස් ඇති බවත් විදෙස් ප්රවෘත්ති සේවා පවසයි. ඇය 2004 වසරේදී ඉන්දියාවේ පදිංචියට පැමිණි අතර ඉස්ලාම් ආගම සම්බන්ධ ආන්දෝලනාත්මක කෘති රචනා කිරීම හේතුවෙන් ඇයට ජීවිත තර්ජන එල්ලවිය.
අල්කයිඩා ත්රස්තවාදීන්ගේ ඝාතන ලැයිස්තුවේ ඇගේ නම සඳහන්ව ඇතැයිද මානව හිමිකම් සංවිධාන පවසයි. අන්තවාදී කණ්ඩායම්වල තර්ජන හේතුවෙන් ඇගේ මවුබිම වන බංග්ලාදේශය හැරදා යාමට ඇයට සිදුවූයේ 1994 වසරේදීය. දැනට 52 හැවිරිදි වියේ සිටින තස්ලිමා නස්රීන් තම ආරක්ෂාව පතා මීට පෙරද යුරෝපා හා ඇමරිකානු රටවල රැඳී සිටියාය.
තස්ලිමා නස්රීන් විසින් රචිත මුල්ම නවකතාව වූ ‘ලජ්ජා‘ කෘතිය ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක්වූ කෘතියක් විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තස්ලිමා නස්රීන් ඉන්දියාව හැර යයි
සුකිරි Thursday, 04 June 2015 09:08 AM
ඔය කාට කටත් අන්තිමට ඉතින් ඇමරිකාව තමා පිහිට.(ම)
නාමල් Thursday, 04 June 2015 12:26 PM
හොදට හොයල බලන්න.. ලෝකයේ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් ගැන කථා කරපු හැමෝට අවසානයේ රැකවරනය දෙන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ ඇමරිකාව වැනි බටහිර රටවල් පමනයි... (කේ)
පහන් Thursday, 04 June 2015 01:48 PM
සුකිරි කාට කාටත් කියනේ ඇයි මුස්ලිම් විරෝධියෙකුට හොදම දේශපාලන රැකවරණය තියෙන්නේ ඇමරිකාවේ.?(ර)
නුවරඑළියේ වසන්ත Friday, 05 June 2015 05:54 AM
ඇයි ඉතින් තුන් වේලටම ජාතිය අනුභව කරන අපේ බහුතර අයත් අන්තිමට හීන්සීරුවේ මාරුවෙන්නේ අමෙරිකාවටනේ. අපේ සමහර අයියලාට එහෙ පුරවැසිභාවයත් තියෙනවනේ. (නි)
කපිල Saturday, 06 June 2015 09:04 AM
පහන්, ඔබ තස්ලිමාගේ පොත ලජ්ජා කියවල තියෙනවාද? ඒක මුස්ලිම් වීරෝදී පොතක් නොවෙයි. (නදී)
බටු ගෙදර Sunday, 07 June 2015 06:41 AM
ගමේ ගියා මෙයා සුබපැතුම්! සී.අයි.ඒ් ඔත්තු සේවිකාව. අපෙත් කට්ටිය ඉන්නවා ඔය වගේ (නදී)
නුවන් Sunday, 07 June 2015 12:48 PM
කොහේ ගියත් සාමයේ ආගමෙන් බේරෙන්න බැහැ!(නදී)