ත්රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට ඇමෙරිකාව කටයුතු කළේය.
ඒ අනුව එම ලැයිස්තුවේ ඉතිරි වනුයේ ඉරානය, සුඩානය හා සිරියාව පමණි. දශක පහකට පමණ පසු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ස්ථාපිත කිරීමට තිබූ තවත් බාධකයක් ඉවත් කිරීමක් ලෙස මෙය පෙන්වා දිය හැකි යැයි විදෙස් මාධ්‍ය කියයි.
1982 දී ත්රස්තවාදීන්ට සහය දක්වන රටවල ලැයිස්තුවට කියුබාව ඇතුළත් කළ විට එරට කියාබා දැඩි විරෝධයක් දැක්වූහ. එම අසාදු ලේඛනයට ඇතුළත් වීම නිසා ගෝලීය වෙළෙඳපොළවලට පිවිසීමට නොහැකි වූ අතර ජාත්‍යන්තරයේ චණ්ඩියකුගේ ස්වරූපයට පත් විය.
ඉකුත් දෙසැම්බරයේදී කියුබා ජනපති රාවුල් කස්ත්‍රෝ හා ඇමෙරිකා ජනපති දෙරට අතර සබඳතා නැවත ආරම්භ කිරීමට එකඟ වූ අතර අප්‍රේල් මස පැවැති පැනමා සමුළුවේදී දෙරටේ නායකයන් සබඳතා වර්ධනය කරගැනීමට පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ත්රස්තයන්ට උදව් දෙන ලැයිස්තුවෙන් කියුබාව ඉවතට
ප්‍රනාන්දු Sunday, 31 May 2015 07:36 PM
ඇමරිකාව සහා යුරෝපය පළමු පෙළේ ත්රස්තවාදීන්ට උදවුදෙන රටවල් (නි)
මාලී Monday, 01 June 2015 09:59 AM
ඇති යන්තම් කියුබාවට මොලේ පෑදුනා. අවුරුදු ගානක් ගහපු පදෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. අන්ත දුප්පත්. වැලේ වැල් නැහැ. අපරාදේ කාලය නාස්ති කරා. චිනෙත් දැන් ධනවාධි. රුසියාවත් ධනවාධි. වියට්නාමේත් ධනවාධි. (ර)
නාමල් Monday, 01 June 2015 04:43 PM
ප්‍රනාන්දු පොඩ්ඩක් ලෝකය ගැන ඉන්ග්‍රීසියෙන් කියවලා බලන්න.. ලෝකයේ ත්‍රස්ථවාදීන්ට උදව් දෙන්නේ අරාබ් රටවල්... මෙහෙමවත් ලෝක සාමය රැකිලා තියෙන්නේ බටහිර රටවල් ජිහාඩ් අන්තවාදීන්ට එරෙහිව සටන් කරන නිසා...(කේ)
හේමන්ත Thursday, 04 June 2015 08:27 AM
නාමල් ඉංග්‍රීසියෙන් කිව්වත් සිංහලෙන් කිව්වත් ඇපල් ඇපල් ම තමයි. අන්තවාදීන් සතුව තිබෙන ආයුධ සියයට 90 ක් ඇමෙරිකන් . අදටත් ජෝන් කෙරීල ලංකාවට ඇවිත් යන්නේ ත්රස්තවාදීන්ට ඔක්සිජන් දීලා. ලිබියාවට ඉරාකයට ඇමරිකාව කළ විනාශයේ ප්‍රතිපල තමයි අද මුළු මැදපෙරදිගම ගිනිගන්නේ .චීනය රුසියාව ඉන්දියාව නොසිටින්න මේ වනවිට අපේ රටත් ගිනි ගොඩක තමයි . ඉංග්‍රීසියෙන් ,සිංහලෙන් , දෙමලෙන් කොහොම කිව්වත් මෙයාල එහෙම්ම තමයි (බ)