සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ දමාම් නගරාසන්නයේ පිහිටි සිහාත් ප්‍රදේශයේ කවුතර් දිස්ත්‍රික්කයේ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකින් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර සෞදි ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ත්‍රස්තවාදියකු මැරුම් කෑ බව සෞදි පුවත්පත් සඳහන් කරයි.
ප්‍රහාරයට ප්‍රථම මාර්ගයේ ගමන් කළ ඉන්දිය, ජාතිකයෙක් සතු කුලී රථයක් පැහැරගෙන ඇති ත්‍රස්තවාදීන් සිහාත් ප්‍රදේශයට ගොස් අල් හුසේනියා රැස්වීම ශාලාවට ඇතුළුවී අහඹු ලෙස වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර වලින් පස් දෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි කියති. මියගිය අය අතර කාන්තාවක්ද සිටින බව පුවත් පත් සදහන් කරයි මාර්ග බාධක යොදා ආරක්ෂක හමුදාව එල්ල කළ දැඩි ප්‍රහාර හමුවේ එක ත්‍රස්තවාදියෙකු මරණයට පත්කොට තවත් සැක කටයුතු ත්‍රස්තයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ත්‍රස්තයා මරා දෙන්නෙක් සැකපිට
තරංග Tuesday, 20 October 2015 12:47 AM
කවදාද මේ ත්‍රස්තවාදයේ අවසානයක් දකින්නේ? (නි)
හේෂාන් Tuesday, 20 October 2015 01:54 AM
ත්‍රස්තවාදය මුළු ලොවටම පිළිලයක් (නි)
විපුල Tuesday, 20 October 2015 05:22 AM
කිසිම නායකයෙක් මේවා නවත්වන්න දඟලන්නේ නැහැ. ඔහොම යන් කියන ප්‍රතිපත්තියේ ඉන්නේ (රේ)
යක්ගෙදර Tuesday, 20 October 2015 02:41 PM
මේක නවතින්න නම් ඔය යක්ෂ ආගම මේ ලොවෙන් තුරන් වෙන්න ඕන (බ)
අහමඩ් Wednesday, 21 October 2015 10:15 AM
යක්දොර තමුන්ගේ කට පරිස්සම් කරගත්තොත් හොඳයි. නොදන්නා දේවල් කියන්න ගිහින් නිකන් බක පණ්ඩිතයෙක් වෙන්න එපා. අන්‍ය ආගම්වලට ගරු කරන හැටි තමුන්ගේ ආගමේ උගන්නල නැද්ද ? (ම)
රංගන Thursday, 22 October 2015 05:58 AM
අන්‍ය ආගම් වලට ගරහන එකනම් හොද නැහැ නැත්නම් අහමඩ් අන්‍ය ආගම් වලට හොදට ගරු කරන්න උගන්නපු නිසාද ඔය කියන ආගමේ මිනිස්සු ම්ලේච්ච විදියට මිනිස්සු මරන්නේ (ම)