ගල් ගසා මරා දැමිමට නියමව සිටින පුද්ගලයා වෙත පැමිණෙන වධකයා ඔහුව වැළඳගනුත්, ඔහුගේ වැරදි වලට සමාවදී ඇතැයි කියනුත් සටහන්ව ඇති වීඩියෝවක් අයිඑස් අන්තවාදී සංවිධානය අන්තර්ජාලයට එක්කර තිබේ.
වැරදි වලට සමාවදී ඇති බව කීවද අවසානයේ වධකයා එල්ල කරන ගල්පහර වලින් එම පුද්ගලයා මරණයට පත්වනුත් එම වීඩියෝවේ පටිගතව ඇත.
වීඩියෝව ලොව පුරා අයිඑස් හිතවාදීන්ගේ ප‍්‍රසාදයට ලක්ව තිබෙන අතර කෙතරම් චෝදනා නැගුණද අයිඑස් සාමාජිකයින් යනු සාමාන්‍ය මිනිසුත් බවත්,ඔවුන්ටත් මානුෂීය හැඟීම් තිබෙනා බවත් ඔවුහු කියමින් සිටිති.
දියුණු මිනිස් සමාජයට නිගාදෙන අයුරින් වරදට දඬුවම් ලබාදීමට අයිඑස් සංවිධානය භාවිතා කරන ම්ලේච්ඡ උපක‍්‍රමයක් සාධාරණීකරණය කිරීමේ වෑයමක් ලෙස විචාරකයින් මෙය හඳුන්වාදී තිබේ.
පසුගිය සමයේ අයිඑස් සංවිධානය අතින් මෙසේ ඝාතනයට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව සියගණනකි.බියගෙන දෙන කරුණ වන්නේ මෙවැනි දඬුවම් පමුනුවා සිදුකෙරෙන ඝාතනයන්ට සහය දක්වන පිරිස්ද ක‍්‍රමයෙන් ගණනින් වැඩි වෙමින් සිටින වාතාවරණයක් ඇතිව තිබීමය.මෙම එක්කර තිබෙන වීඩියෝවේ පසුබිමේ පවා ගල්ගසා මරණ දඬුවම ලබාදෙන අයුරු නැරඹිමට පැමිණ සිටින බාල,මහලූ විශාල කණ්ඩායමක් සිටින අයුරු සටහන්ව ඇත.
අයිඑස් සංවිධානයට එරෙහි ප‍්‍රහාරයන් දිගින් දිගටම එල්ල කිරීමට ඇමරිකාව හා බි‍්‍රතාන්‍යය වැනි රටවලද සහය ලබන ඉරාකය කටයුතු කරමින් සිටින අතර ඇමරිකාවෙන් ප‍්‍රහාරක ගුවන්යානා කිහිපයක් ඇනවුම් කිරීමටත් එරට බළධාරීන් කටයුතු කර තිබේ.
එම යානා ලැබුණු වහාම මෙහෙයුම් කටයුතු සදහා යොදවන බව ඔවුන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ත්‍රස්තයාගේ පපුවත් උණු වේ
නුවන් Friday, 24 April 2015 11:38 AM
පපුව උණු උනානම් මොකටද මැරුවේ? (ස)
අබු බැකර් Friday, 24 April 2015 01:21 PM
සමාව දෙනවා එත් මරනවා .හොදටම හදවත උනුවෙලා .මෙන්න අවිහිංසා වාදය .මානව දයාව (අ)
අබු බගාධි Friday, 24 April 2015 01:29 PM
අපි සමාව දීලා තමා මරනවා!!(අ)
නසාර් Friday, 24 April 2015 03:26 PM
පත්තර මාමා පව් (අ)
කසුන් Saturday, 25 April 2015 08:25 AM
ලෝකේ තියෙන කාලකන්නිම ආගම තමයි ඉස්ලාම් කියන්නේ (බ)
ආච්චි Saturday, 25 April 2015 10:41 AM
ඔය අයිඑස්එස් සංවිධානය ලංකාවට ආවා නම් මරන්න ඕන මිනිස්සු බරගානක්ම ඉන්නවා, ගල් ගහලම මැරිය යුතු. (ස)
මිස්කින් Saturday, 25 April 2015 02:20 PM
මිනී මැරීමත් දෙවියන්ගේ කැමැත්ත මත යයි ප්‍රකාශ කරන ම්ලේච්ච සංවිධානයක්. (ස)
සමීර Sunday, 26 April 2015 03:24 PM
ගල් ගසා මිනිහෙකු මරනවා කියන්නේ ඉතම පහත් ක්‍රමයක් එ්ත් මේවා බලන්න මෙතරම් මිනිසුන් එනවා කියන්නේ සහ ඒවා අනුමත කරනවා කියන්නේ තවම මේ ලෝකය ඇතුලේ දුවන්නේ ගෝත්‍රික ක්‍රම කියන එකයි (බ)
ද සිල්වා බර්ලින් Monday, 27 April 2015 12:00 AM
ඉතාම සාමකාමී ඉස්ලාම් ආගමිකයන් සිටින්නේ ලංකාවේ ය , එයට හේතුව ඔවුන්ට ශත වර්ෂ ගණනාවක් සිට ඔවුන් බුදු දහම සහ හින්දු අගම අදහන අසල්වැසියන් සමග ජිවත් වීමය , සවුදි අරාබිය , ඉරානය , ඉරාකය වැනි ඉස්ලාම් රටවල ජිවත් වන ඉස්ලාම් භක්තිකයන් මිනිසුන්ගේ සහ සතුන්ගේ බෙල්ල කපා දමන්නේ කිසිම පැකිලීමක් නැතුවමය . (අ)
සෑම් Monday, 27 April 2015 04:43 AM
පිළිගත් ආගමක කිසි දිනෙක වැරදි දෙයක් උගන්වන්නේ නැහැ. මෙය හුදෙක් පුද්ගලයන් කිහිප දෙනකුගේ සිතිවිල්ලක් සපල කරගැනීමට තම ආගම පාවාදෙන මිලේච්ච කණ්ඩායමක් පමණි.අල්ලාහ් දෙවියන්ගෙන් පවා මොවුනට කිසි දිනෙක සමාවක් නොලැබෙනු ඇත. (බ)
දුමින්ද Monday, 27 April 2015 05:41 AM
මිනිසා තුළ සිටින තිරිසනා-වැඩකි අවදි කරවනා. (බ)
ලක්මිණ Monday, 27 April 2015 06:09 AM
සාමයේ ආගමේ ආශ්චර්ය (බ)
මුදිත Monday, 27 April 2015 04:33 PM
ත්‍රස්තයා යනුද මනුෂ්‍යයෙකි (නි)
බීටා Tuesday, 28 April 2015 02:48 AM
අබු බගාධි, ඔයා මිනිහෙක්ද? ඇයි මිනිස්සු මරණ එකට අනුබල දෙන්නේ? (නි)