X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


ත්‍රස්තවාදයේ කුරිරු බව පෙනෙන වීඩියෝවක්

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ රුදුරු බව කියාපාන තවත් සාධකයක් ලෙස කුඩාදරුවන් පිරිසක් ගිනි අවි භාවිතා කිරීමේ පුහුණුවකට සහභාගී වී සිටිනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලට එක්වී තිබේ.

මෙය අප්‍රසිද්ධ වෙබ් අඩවියකින් සොරාගෙන අන්තර්ජාලයට නිදහස් කර ඇත්තේ අල්කයිඩා විරෝධීන් පිරිසක් බව පැවසේ.වීඩියෝවේ දැක්වෙන ප්‍රදේශය පාකිස්තාන - ඇෆ්ගන් දේශසීමා අතරේ පිහිටන උතුරු වසිරිස්තාන ප්‍රදේශය බැව් සොයාගෙන ඇත.උතුරු වසිරිස්තානය යනු අල්කයිඩා සංවිධානයේ පුහුණු කදවුරු පිහිටා තිඛෙන ස්ථාන අතුරින් එකකි.

වීඩියෝවේ කුඩා දරුවන් පිස්තෝල,මෙෂින් තුවක්කු ආදිය භාවිතා කිරීමට පුහුණු වන අයුරු දැක්වේ.මේ දරුවන් අල්කයිඩා සංවිධානයේ මියගිය සාමාජිකයින්ගේ දරුවන් බව පැවැසේ.යුධ අනාථයන් බව පවසා ඔවුන් තම භාරයට ගන්නා අල්කයිඩා සංවිධානය කුඩා දරුවන්ට අවිපුහුණුව ලබා දී ඔවුනවද ගැටුම් වලට හවුල් කර ගැනීමට සැළැසුම් කරන බව පැහැදිලිය.මේ අතර තවත් දරුවන් කොටසක් zzමොළ සේදුමටzz ලක් කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කරුවන් ලෙස පුහුණු කිරීමේ වැඩසටහනක්ද අල්කයිඩා සංවිධානය කි්‍රයාත්මක කරමින් සිටිනා බව හෙළිව ඇතැයි ආරක්ෂක විශේෂඥයෝ කියති.

පාකිස්තානයට අවශ්‍යව ඇත්තේ නේටෝ හා ඇෆ්ගන් හමුදාවන් ලවා ත්‍රස්තයන් මැඩපැවැත්වීමටයි.නමුත් ඇමරිකාවේ අදහස වන්නේ පාකිස්තාන හමුදාවන් ඒ සදහා මුල් පියවර තැබිය යුතු බවයි.

 



අදහස් (0)

ත්‍රස්තවාදයේ කුරිරු බව පෙනෙන වීඩියෝවක්

ඉෂාක් Tuesday, 23 April 2013 03:20 PM

මේකනම් වෙන්න බැහැ. හේතුව ඉස්ලාමය මේකට ඉඩදීලා නැහැ. ෂුවර් එකටම මේක මවාපෑමක්..(ස)

:       0       0

රුවන් Tuesday, 23 April 2013 03:55 PM

ඇත්ත කතා කරන්න ඕනෑ ජාති බේද නැතුව. වෙන්න බැරි නම් මේ ඡායාරූප වල තියෙන්නේ කාටුන්ද එත‍කොට? (නි)

:       0       0

නාරද Tuesday, 23 April 2013 04:10 PM

අපෙන් අහන්න ත්‍රස්තවාදයේ කුරිරු කම (දී)

:       0       0

ජනක Tuesday, 23 April 2013 05:05 PM

එල්.ටී.ටී.ඊ. එක ළමා සොල්දාදුවෝ බදවා ගත්තා. ඒත් කාටවත් ඒකේ වැරැද්දක් පෙනුනෙ නැහැ. තවමත් එල්.ටී.ටී.ඊ. එකට සුදු හුණූ ගාන අය ඉන්නවා. (නි)

:       0       0

චන්දන Tuesday, 23 April 2013 05:56 PM

සමහර මුහුණු යුරෝපියන් වගේ නේද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 23 April 2013 05:57 PM

ඉෂාක්, ත්‍රස්තවාදියාට ආගමක් ධර්මයක් නැහැ. (නි)

:       0       0

වෙනුර Tuesday, 23 April 2013 07:54 PM

ඉෂාර්ක්, එතකොට අල් කයිඩා සංවිධානය කියන්නේ මායාවක්ද? (නි)

:       0       0

ෂරීෂ් Tuesday, 23 April 2013 08:48 PM

මම මුස්ලිම් අයකු හැටියට තරයේ හෙළ දකිනවා මෙවන් ක්‍රියාවන්. හේතුව ඉස්ලාම් දර්මයේ කියල නැහැ කිසියම් කෙනෙකුට හිංසාවක් කරන්න. ඔය දේශපාලන පලප්‍රයෝජන සඳහා යැපෙන්නන් තමි මෙවන් දේවලට පෙළබි සිටින්නේ. (අ)

:       0       0

මධු Tuesday, 23 April 2013 11:38 PM

කියන්නේ එකක්, කරන්නේ වෙන දෙයක්. විශ්වාස කරන්න බැරි ජාතියක් ? (නි)

:       0       0

සුගත් Wednesday, 24 April 2013 04:11 AM

ඉෂාක්, ඇත්ත තිත්තයි කියන්නේ ඕකට තමා. (නි)

:       0       0

චන්දා Wednesday, 24 April 2013 05:20 AM

මොනවා නැතත් ළමයිව හොදට අන්දවලා තියෙනවා තොප්පිත් දාලා (නි)

:       0       0

ශ්‍යාම් Wednesday, 24 April 2013 07:42 AM

මධූට එතකොට තමන්ගේ ජාතිය විශ්වාස කරන්න පුලුවන්ද? (නි)

:       0       0

රොෂාන් Wednesday, 24 April 2013 11:57 AM

ඉස්ලාමිය නීති පිළිපදින ඔය වගේ රටක , බාල ළමුන්ව මෙහෙම සහභාගි කරගත්ත එක සැක සහිත දෙයක්. බොස්ටෝන් ප්‍රහාරයෙන් පස්සේ, ඇමරිකාවට ඇෆ්ඝනිස්තාන් ප්‍රහාර තවත් ප්‍රබල කිරීමට ගත්තු පියවරක් කියලයි මට නම් දැනෙන්නේ (නි)

:       0       0

සම්පත් Wednesday, 24 April 2013 02:14 PM

ඉරාකෙට ගහන්න යනකොට 2001 දී ඇමෙරිකාවට ගහපු සතුටට ඉරාකේ ගෑනු නැටුවා කියල විදෙස් මාධ්‍ය වල පෙන්නුවා. මේකත් ඒ වගේ තමයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site