චිත්‍රපට හා විද්‍යා ප්‍රබන්ධ වල පමණක් මෙතෙක් දැක ගත හැකිවූ අදිසි කබා, අදිසි ඇදුම් පැළදුම් හා භාණ්ඩ ආදිය සැබෑවටම නිපදවිය හැකි අමුද්‍රව්‍යයක් සොයාගැනීමට හැකිවූ බව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
භෞතික යැයි අප සළකන දේ අපට පෙනෙන්නේ ඒවායේ ආලෝකය ගැටී පරාවර්තනය වීම නිසාය.
මේ කරුණ සැළැකිල්ලට ගෙන ඇති පර්යේෂක පිරිස කර ඇත්තේ ආලෝකය පරාවර්තනය නොකර එය වෙනස්ම විදියකට හැසිරවිය හැකි අමුද්‍රව්‍යයක් නිපදවිය හැකිදැයි සොයාබැලීමයි.
මේ සදහා ඔවුන් කර ඇත්තේ නැනෝ අංශු තරමේ රත්‍රන් ගෝල දම්වැලක් පරිදි එකිනෙක හා සම්බන්ධ කර පසුව මෙම දම්වැල් එකිනෙක මත තබා ස්ථරයක් සාදා ගැනීමයි.
පසුව මෙම ස්ථරය මතට ආලෝකය පතනය කර බැලු කල්හි පර්යේෂකයින්ට හඳුනාගත හැකිව ඇත්තේ එම ස්ථරයෙන් සාමාන්‍ය පරිදි ආලෝකය පරාවර්තනය වීමක් සිදුනොවන බවයි.එය ආලෝක කිරණ ‘වටේ යැවීමක්‘ සිදුකරන බව කියනා ඔවුන් මෙම සංසිද්ධිය නිසාවෙන් එම ස්ථරය මිනිස් ඇසට හොඳීන් නොපෙනන බව පවසයි.
මෙසේ ආලෝකය වෙනස්ම ආකාරයට හසුරුවන අමුද්‍රව්‍යයන් වන ‘මෙටා මැටීරියල්ස්‘ ගැන අතීතයේ සිටම විද්‍යාඥයින් විවිධ මත ඉදිරිපත් කළද එය ප්‍රායෝගිකව අත්හදා බලා ඇති ප්‍රථම අවස්ථාව වන්නේ මෙයයි.
මේ සම්බන්ධව තවදුරටත් පර්යේෂණ කළ යුතුව ඇති බව පවසන පර්යේෂකයින් ඒ කෙසේ වුවත් මෙහිදී ලත් ප්‍රතිඵලය අනාගතයේ නව නිපැයුම් රාශියකට අඩිතාලම වනු ඇතැයි කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තාක්ෂණයේ තවත් හාස්කමක්
ගමගේ Thursday, 31 July 2014 03:44 AM
සුපිරිම වැඩක්. (නි)