ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල කෙරුණු ප‍්‍රහාරය තමන් දැඩි ලෙස හෙළා දකින බව ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ඊයේ(12) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
තානාපති කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරයෙන් මියගිය ලිබියාවේ ඇමෙරිකා තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් සහ ඔහුගේ නිලධාරීන් තිදෙනාට සිය ශෝකය පළ කරන බවද ජනාධිපතිවරයා පැවසුවේය.
තානාපතිවරයා ඇතුළු ඇමෙරිකානුවන් සිවුදෙනාගේ ඝාතනය තමන් හෙළාදකින බව කී ජනපති ඔබාමා ලිබියාවේ සහ ලොව අනෙක් රටවල සිටින ඇමෙරිකානු තානාපති නිලධාරීන්ට දැඩි ආරක්ෂාවක් යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව ද අවධාරණය කළේය.
මෙම ප‍්‍රහාරය එල්ල වූයේ ඊශ‍්‍රායල-ඇමෙරිකානුවකු වන සෑම් බැසිල් නැමති තරුණයකු විසින් ඉස්ලාම් ආගමට නිගරු වන අන්දමින් නිර්මාණය කරනු ලැබූ චිත‍්‍රපටයක් නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
චිත‍්‍රපටයට විරෝධයපාමින් ලිබියාවේ බෙන්ගාසි නුවර විරෝධතාවක නිරත අවි ආයුධ සන්නද්ධ කලහකාරී පිරිසක් විසින් තානාපති කාර්යාලයට මෙම ප‍්‍රහාරය එල්ල කරන ලද බව වාර්තා වේ.
චිත‍්‍රපටය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇෆ්ගන් ජනපති කියා සිටියේ එය ‘අමානුෂික සහ අපහාසාත්මක’ කි‍්‍රයාවක් බවත් තමන් එය තරයේ හෙළාදකින බවත්ය. එම චිත‍්‍රපටය ආගමික සහ සංස්කෘතික සහජීවනයට තර්ජනයක් බව ද කී ඇෆ්ගන් ජනපති ලෝකයේ සාමයටත් යහ පැවැත්මටත් එමඟින් තර්ජනයක් එල්ල වන බව ද සඳහන් කළේය.
ප‍්‍රහාරය පිළිබඳව නිකුත් වූ වාර්තාවක දැක්වූණේ තානාපති කාර්යාලය තුළ සිටි තානාපතිවරයා මියගියේ කාබන්මොනොක්සයිඞ් විසවීමෙන් බවය. බෙන්ගාසි නගරය ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ බල කඳවුරක් ලෙස ද සැලකේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තානාපති කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරය ජනපති ඔබාමා හෙළාදකී
රිෂාන් Thursday, 13 September 2012 10:50 AM
විශිෂ්ටයි. (නි)
සමන් Thursday, 13 September 2012 11:14 AM
ඇමෙරිකාව වගාකරලා නෙළාගත් අස්වැන්න තමයි දැන් ඒ අයට ලැබිලා තියෙන්නේ. (නි)
අසිත Thursday, 13 September 2012 11:32 AM
ගඩාෆි මරා දැමීම ගැන සම්බන්ධන් ඇමෙරිකාවට ස්තූති කළ යුතුයි. (නි)
අර්ජුන Thursday, 13 September 2012 12:25 PM
ඔබාමාට දුකද
වරුණ Thursday, 13 September 2012 01:12 PM
නියමයි. (නි)
නවුෂාඩ් Thursday, 13 September 2012 01:55 PM
නියමයි.නියමයි. (නි)
චන්දන Thursday, 13 September 2012 02:13 PM
අපිත් ඒ ප්‍රහාරය හෙලා දකිනවා (දී)
සිල්වා Thursday, 13 September 2012 03:20 PM
අසිත, ගඩාෆි මැරුණා කියලා ඔයාට ඇති ඵලය කුමක්ද? (නි)
ලක්ෂාන් Thursday, 13 September 2012 05:44 PM
ඇමරිකාවෙන් ඉල්ලගෙන කන්න හදන්නෙ. මුස්ලිම් මිනිස්සු ඉන්නවනම් ඉන්න හැමතැනම අපරාධ. තමන් ගැනම විතරයි හිතන්නෙ. ඇමරිකාව මට්ටු කරන්න හැදුවොත් තමන්ලමයි මට්ටු වෙන්නෙ. (ස)
අනුරුද්ධ Thursday, 13 September 2012 06:54 PM
ඇමෙරිකාවට ඔහොම වෙලා මදි. ඇමෙරිකාව විනාශ වේවා! (නි)
වීරසූරිය Thursday, 13 September 2012 07:04 PM
ඉල්ලගෙන කාලා තියෙද්දී, හඩලා වැඩක් නැහැ. (නි)
නසාර් Thursday, 13 September 2012 07:11 PM
මෙය ආරම්භය හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට. (ස)
මොහොමඩ් Thursday, 13 September 2012 07:58 PM
අසිත, ගඩාෆි ලංකාවට කළ උදවු ගැන දන්නේ නැද්ද? (නි)
නිශාම් Thursday, 13 September 2012 10:21 PM
අසිත, මම හිතන්නෙ ගඩාෆි කියන්නෙ ඔයාගෙ අසල්වාසියෙක් වෙන්න ඇති. ඒකනෙ එයා මැරුණට සතුටු. එතකොට ඇමරිකාව ඔයාගෙ කවුද? (ස)
සන්ජීව Friday, 14 September 2012 08:15 AM
අසින්ත, ගාඩාෆි මැරුණම ප්‍රශ්නේ ඉවර උනාද ?? (ස)