ඉන්දීය රජය හඳුන්වා දීමට සූදානම් වන නව ආර්ථික ප්‍රතිසංස්කරණවලට විරෝධය පාමින් සන්ධාන රජයෙන් ඉවත් වීමට තමන් තීරණය කළ බව ති‍්‍රණමූල් කොංග්රස් පක්ෂය පවසයි.
2009 වසරේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් පසු, ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ කොංග්රස් පක්ෂය ප්රමුඛ සන්ධාන රජයට ශක්තියක් වූයේ ත්‍රිණමූල් පක්ෂයයි.
ති‍්‍රණමූල් කොංග්‍රසය නියෝජනය කරමින් ඇමැතිවරුන් 6 දෙනකු ඉන්දීය රජයට එක් ව සිටි අතර ඔවුන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ඉල්ලා අස්වීමේ ලිපි නවදිල්ලි අගනුවරදී අගමැති මන්මෝහන් සිංට බාර දීමට නියමිත බවත් ති‍්‍රණමූල් කොංග්‍රසයේ පක්ෂ නායිකාව මෙන්ම බටහිර බෙංගාලයේ මහ ඇමැතිනිය ද වන මම්තා බෙනර්ජී පවසයි.
තම පක්ෂය රජයෙන් ඉවත් වීමට තමන් තීරණය කළේ අගමැති සිං ඉකුත් සතියේ හඳුන්වා දුන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජය ජනතා හිතකාමී එකක් නොවන නිසා යැයි ද මහ ඇමැතිනිය අවධාරණය කරයි.
එම නව ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා විදෙස් සිල්ලර වෙළෙඳ යෝධයන් ලෙස සැලකෙන වෝල්මාට් සහ ටෙස්කෝ යන වෙළෙඳ සමාගම්වලට ඉන්දියාවේ ආයෝජන ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමට අගමැති සිං සූදානම් වේ.
ති‍්‍රණමූල් කොංග්‍රසය පවසන්නේ ඒ හරහා ඉන්දීය සිල්ලර වෙළෙඳුන්ට ‘මරු පහරක්’ වනු ඇති බවත් එය රටේ ආර්ථිකය අගාධයට ඇද දැමීමට හේතුවක් වනු ඇති බවත්ය. තම පක්ෂය සන්ධාන රජයෙන් ඉවත්වීමට තීරණය කළේ අගමැති සිංගේ රජය පෙරළා දැමීමට නොවන බව ද මහ ඇමැතිනී බෙනර්ජි අවධාරණය කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ති‍්‍රණමූල් කොංග්‍රසය ඉන්දීය සන්ධාන රජයෙන් ඉවත් වෙයි
මධු Thursday, 20 September 2012 02:58 PM
ලංකාවෙ තරම් ඉන්දියාවෙ දේශපානලය දූෂිත නැහැ..!(නු)
නසාර් Thursday, 20 September 2012 04:45 PM
අපේ අය නම් ලංකාවම වික්කත් යන්නේ නැහැ..!(නු)