දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බටහිර යුරෝපයේ ආරක්ෂාව තහවුරු කිරීමට පිහිටුවා ගත් නේටෝ යුද සංවිධානයේ බලකණුවක් වශයෙන් හැඳින්වෙන තුර්කියට යුරෝපයේ ආර්ථික හා දේශපාලන එකතුව වන යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම සමහර විට 2023 තරම් ඈතට යන සිහිනයක් බවට පත්ව ඇත. ඒ ඔටෝමන් අධිරාජ්‍යයේ ග්රහණයෙන් මිදී නූතන තුර්කි ජනරජය පිහිටුවා ශත සංවත්සරය යෙදෙන්නේ 2023 වසරේදී වන හෙයිනි. පසුගිය ඔක්තෝබර් මාසයේදී යුරෝපා කොමිසම තුර්කි අයැදුම් පත සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුව තුර්කිය සම්පූර්ණ කර ඇත්තේ ප්‍රතිපත්ති ලේඛණයේ පරිච්ඡේද 35කින් එකක් පමණි. 2005 දී සාමාජික අයැදුම් පත ඉදිරිපත් වූ විට විරෝධය ප්‍රකාශ කළ ඔස්ත්‍රියාවට අමතරව යුරෝපා සංගමයේ ප්රබලතම රටවල් දෙක වන ප්‍රංශය හා ජර්මනිය තුර්කිය මෙතෙක් සපුරා ඇත්තේ කරුණු 13ක් පමණ වන නිසා සාමාජිකත්වය පිරිනැමීම කල්දැමීමට යෝජනා කරති.
ප්‍රංශයේ කලින් සිටි ජනාධිපති සාර්කෝසි තූර්කියේ අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වූයේ එය යුරෝපීය රටක් නොවන බව පවසමිනි. එයට තුර්කිය අයැදුම්පත ගැන එක්සත් රාජධානිය එකඟතාව පළ කළත් ප්‍රධාන රටවල් දෙකේ විරෝධය යටපත්කළ නොහැකිවිය. තුර්කිය සමීපතමයකු වන ඇමරිකා එක්සත් ජනපදය ද තුර්කියට යුරෝපා සංගමයේ සාමාජිකත්වය පිරිනැමිය යුතු බව ප්‍රකාශ කළත් තත්ත්වයේ වෙනසක් ඇති වූයේ නැත. 2005 දී මෙම අයැදුම් ඉදිරිපත් වූ විට ප්‍රධාන වශයෙන් විරෝධයක් එල්ල වූයේ තවමත් නොදියුණු මට්ටමක පවතින තුර්කි කෘෂිකර්මාන්තය යුරෝප සංගමයට දැරිය නොහැකි බරක් වීමට ඉඩ තිබුණ නිසාය. යුරෝපා සංගමය ගණන් බලා තිබූ ආකාරයට තරගයට මුහුණ දිය නොහැකි කෘෂිකර්මාන්තය රැුක ගැනීම සඳහා වසරක යූරෝ බිලියන 14ක් තුර්කියට ලබාදීමට සිදුවේ.
මීට අමතරව තුර්කිය සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් හා ප්රකාශනයේ නිදහස පිළිබද ගැටලූ ද ප්‍රංශය හා ජර්මනිය විසින් මතුකර තිබිණි. ආගමික නඩුවකින් යුත් අගමැති එර්ඩොගාන්ගේ පාලනය යටතේ ප්‍රකාශන අයිතිය සීමා කෙරෙන නීති පැනවී තිබුණ ද ඒවා වෙනස් කිරීම ඔහු මෙතෙක් අසමත් වූයේය. සුළු ජාතිකයන්ට සමාන අයිතිවාසිකම් ලබාදීමට පියවර නොගැනීම කුර්දි ජන කොටසේ සාමූහික අයිතිය පිළිනොගැනීම ජනමාධ්‍ය පිළිබඳව පනවා ඇති වාරණ තුර්කියට විරුද්ධව නැගුණු චෝදනාය. තුර්කි හා ග්‍රීක ජනපදනම අනුව උතුරු හා දකුණු නමින් බෙදී වෙන් වූ සයිප්‍රස පිළි නොගැනීම ද තුර්කියේ අයැදුම්පත සලකා නොලැබීමට හේතු වූ අනෙක් කරුණුය. තුර්කි වාර්ගිකයන් බහුතරය වන උතුරු සයිප්‍රසය තුර්කිය පිළිගත් නමුත් දකුණු සයිප්‍රසය මෙතෙක් පිළිගෙන නැත. යුරෝපා සංගමයේ ප්‍රබලයන් වන ප්‍රංශය හා ජර්මනිය සඳහන් කරන ආකාරයට මෙම මූලික අවශ්‍යතා සම්පූර්ණ කරන තෙක් තුර්කියට යුරෝපා සංගමයේ සාමාජිකත්වය පිරිනැමෙන්නේ නැත.
එහෙත් සමහර නිරීක්ෂකයන් දක්වන ආකාරයට මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ තුර්කිය යුරෝපීය රටක් නොවීමත්, ආගමික වශයෙන් එම රටවලින් වෙනස්වීමත්ය. දශලක්ෂ 75ක ජන සංඛ්‍යාවකින් යුත් තුර්කිය යුරෝපීය සමාගම්වලට හොඳ වෙළඳ පොළක් වන නමුත් එය යුරෝපීය ප්‍රජාවට ඇතුළත්කර ගැනීමෙන් වෙනත් සමාජයීය ගැටලූ ඇති විය හැකිය. සමහර වාර්තාවල සඳහන් වන ආකාරයට තුර්කියේ ඇති විදේශීය ආයෝජනවලින් සියයට 80ක්ද ලැබෙන්නේ යුරෝපා සංගමයෙනි. එහෙත් ගත වූ වසර හතක කාලය තුළ තුර්කිය හා යුරෝපා සංගමය අතර කෙරෙන වෙළඳාම සියයට 67 සිට 29 දක්වා පහත වැටී මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ එම කාලය තුළ තුර්කියේ දළ ජාතික නිෂ්පාදිතය සියයට 7-8 අතර වර්ධන අනුපාතයක් නොකඩවා පවත්වා ගත් තත්ත්වය යටතේය.
මින් පැහැදිලි වන්නේ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලට තුර්කිය මැද පෙරදිගට පිවිසීමේ දී උපාය මාර්ගික වශයෙන් වැදගත් වුවත් සාමාන්‍යයක් ලෙස පිළිගැනීමට එය හේතුවක් නොවීමය. දැනට සිරියාවේ අසාඞ් පාලනය පෙරළා දැමීමට සටන් කරන පුහුණු හා යුද අවි සැපයෙන්නේ තුර්කියේ පිහිටුවා ඇති නේටෝ කඳවුරු තුළිනි. කැරලිකරුවන් සිරියානු රජයේ ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට ඇමරිකානු පේ්රටි්රයට් මිසයිල් ස්ථානගත කලේ තුර්කියේ සිරියානු දේශ සීමාව අසලය. සමහර විට ඉදිරියේදී ඉරානයට එරෙහිව නේටෝ රටවලින් ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් ඊට තුර්කියේ පහසුකම් අත්‍යවශ්‍යය. එහිදී එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලට මානව අයිතිවාසිකම් හෝ ප්රජාතන්ත්රවාදී නිදහස සැලකිල්ලට නොගනී. මෙවැනි පසුබිමක් තුළ තුර්කියට යුරෝපා සංගමයේ සාමාජිකත්වය අහිමි කිරීමේ දෙබිඩි ප්‍රතිපත්තියේ තවත් ප්‍රකාශයක් පමණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තුර්කියට යුරෝපා සංගමයෙන් අරියාදු
සදුන් Friday, 04 January 2013 05:16 PM
අයියෝ සල්ලි
රෝහණ Friday, 04 January 2013 07:21 PM
අයියෝ සල්ලි (දී)