එක්ඊටර් සරසවියේ මනෝවිද්‍යඥ ආචාර්ය ක්‍රේග් නයිටි මෙම පරික්ෂණ කණ්ඩායමේ ප්‍රධානියායට. ඔහු මෙසේ කියයි.
මේ ආකාරයට තම වැඩ පරිසරය සැළසුම් කිරීමෙන් සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාම, ප්‍රීතිමත් බාවය මෙන්ම ඵලදායීතාව ඉහළයන බව අපේ පරීක්ෂණයෙන් පෙනී ගියා. නමුත් මේ මූලධර්ම ගැන ස්ථිරව ම සොයා බැලීමට තවත් පියවර ගත යුතුයි. දැනටමත් පැහැදිලියි සේවා ස්ථානයේ ඵලාදායීව පවත්වාගෙන යාමට ශාක මහෝපකාරී වන බව.
ආචාර්ය නයිටි පවසන්නේ රෝහල්වල රෝගීන් අසළ පැලෑටි තැබීමෙන් රෝගීන්ගේ වේදනාවන් අඩුවූ බව තහවුරු වූ බවයි. එමේන්ම ඔවුන්ගේ තෙහෙට්ටුව මගහැරිය හැකි බවත් පෝච්චි තබා තිබූ රෝහල් කාමර ඇතුළත සියයට 50ක් හෝ 60ක් පමණ බැක්ටීරියා නැසී තිබූ බවත් හෙළිවී ඇත.
බ්‍රිතාන්‍යයේ නිවාස හා කාර්යාලයන්හි මෙලෙස පැල අඩංගු පෝච්චි තැබීමට සෑම දෙනාම උනන්දු වී ඇති බවත් එමගින් මිනිසුන්ගේ එදිනෙදා ජිවිතයේ කැපී පෙනෙන වෙනසක් දක්නට ලැබෙන බවත් පර්යේෂකයෝ පවසති.
එරට රාජකීය කෘෂිකර්ම විද්‍යාලය පවසන්නේ සිසුන්ගේ පන්තිකාමරවල පැල සහිත පෝච්චි තැබිමෙන් ළමුන්ගේ අධ්‍යාපනික උනන්දුව ඉහළ ගිය බවයි. ගෘහස්ථ පැලෑටි මගින් වායුවේ ඇති විෂ සහිත බව පැය 24 දී සියයට 87කින් අඩු කරන බව නාසා ආයතනය පවසයි. නෝර්වේ රාජ්‍යයේ කෘෂිකාර්මික සරසවිය පවසන්නේ ගෘහස්ථ පැලෑටි මගින් කැස්ස, උගුරේ තුවාල සහ සෙම්ප්‍රතිශ්‍යාව හා සම්බන්ධ රෝග තත්ත්වයන් සියයට 30න් අඩුකරන බවයි.
මේ සියළු දත්ත පිරික්සීමේ දී සිය නිවසේ, කාර්යාලයේ ආදී සෑම තැනකම පැලෑටි වැවීමත් මිනිසාගේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වැඩිකිරීමට මෙන්ම සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාමටත් ඉවහල් වන බව ස්ථිර කරුණකි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තුරුලිය ගෙන එයි සවිබල
ශ්‍යාමලි Thursday, 12 December 2013 07:28 AM
අපි දැන්නේ දන්නේ ඒක. හොදයි. අපිත් පැළ වවමු (නි)
බණ්ඩාර කුවේට් Thursday, 12 December 2013 11:41 AM
බුදුරදුන් ගසට අනිමිස ලෝචනයෙන් ගරුකළේ එනිසාය. මිසදිටුවන්ට මෙය තේරුම් ගැනීම අපහසුය (නි)
අමිල කටුනායක Friday, 13 December 2013 07:19 AM
ඒක ඇත්ත වෙන්න පුළුවන් තමයි (නි)
දර්ශා Friday, 13 December 2013 11:52 AM
මෙය සත්‍යයක්. තුල්සී (මදුරුතලා),මින්චී දහස් පෙතියා කෘමිනාශක ලෙසත් සුවද කාරකයන් ලෙසත් ක්‍රියාකරනවා. අප පාවිච්චිකරන කෘතීම නාශක සුවද කාරක අපට අහිත කරයි.(නදී)