ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් බර්නාඩිනෝහිදී පුද්ගලයන් 14 දෙනකු මරාදැමූ තුවක්කුකරුවන් දෙදෙනකු පොලිස් වෙඩි ප්‍රහාරවලින් මිය ගිය බව එරට පොලිසිය පවසයි.
රයිෆල් හා පිස්තෝල අතැතිව සිටි පුද්ගලයන් 5 දෙනකුගෙන් පමණ යුතු කණ්ඩායමේ පිරිමියකු හා කාන්තාවක මෙසේ පොලිසිය අතින් ඝාතනය වී ඇති අතර ඔවුන් අද පෙරවරුවේ සැන් බර්නාඩිනෝහි සන්නිවේදන කේන්ද්‍රයේ පැවැති සාදයකට පැන මෙසේ වෙඩි තබා ඇතැයි කියති.
2012 වසරේදී නිවුටන් හි පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් පසු සිදුවූ විශාලතම සමූල ඝාතනය මෙය බව බීබීසී පුවත් සේවය පවසයි. එහිදී පුද්ගලයන් 26 දෙනකු මරා දැමිණි.
එම වෙඩි ප්‍රහාරයෙන් 17 දෙනකු තුවාල ලබා ඇතැයිද එරට රෝහල් ආරංචි කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තුවක්කුකරුවෝ කැලිෆෝනියාවේ 14ක් මරති
චාමර Thursday, 03 December 2015 02:23 PM
සිල්වා, ඔයා ඇමෙරිකාවේ අවුරුදු 20 හිටියද ? මෙතන තව ඉන්නවා අවුරුදු 20 ඇමෙරිකාවේ හිටපු අය. සුමනක්කත් දැන් ඇමෙරිකවෙනේ. (අ)
චන්ද්‍රිකා Friday, 04 December 2015 09:40 PM
සිල්වා, යූඑස්ඒ වල කොහෙද සුභසාධන? . (නි)
ලේක්කෝ ගලබඩ Friday, 04 December 2015 08:52 AM
ඇමරිකාවේ ලාංකිකයන් ලංකාව වෙනුවෙන් කිසිම සමාජ සත්කාරයක යෙදෙනවා අපි අහල නැහැ. යුරෝපයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් නම් ලංකාවට මෙලෙස සත්කාරයන් විවිධ පරිත්‍යාග ඔස්සේ ලැබෙනවා. (බ)
නිලාන් Friday, 04 December 2015 07:18 AM
මෙතන මිනි මැරුම් වෙලා.අපේ කට්ටිය වෙන දේවල් ගැන පම්පෝරිය.පිස්සු හැදෙනවා.මිය ගිය සියලු දෙනාට නිවන් සැප. (ම)
නිපුන ලොස් ඇන්ජලීස් Friday, 04 December 2015 05:52 AM
දිලිප් ඔබට වැරදිලා. ඇමරිකාවේ රැකියාව නැති කෙනෙකුට මාස 6 යනතුරු රජය 'අන්-එම්ප්ලෝයිමන්ට් බෙනිෆිට්' හෙවත් විරැකියා දීමනාවක් ගෙවනවා. දරුවෙක් සිටින පවුලක් නම් හෝ අවිවාහක මවක් නම් දීමනාව දීර්ඝ කරගත හැකියි. චන්දි, ඔබ කියන යාලුවා ඇමරිකානු පුරවැසියෙක්ද? එහෙනම් ලොස් ඇන්ජලීස් වල 'ෆ්‍රී ක්ලිනික්' එකකට යන්න. මෙතැනින් බලාගතහැකියි.. http://www.freeclinics.com/cit/ca-los_angeles (නි)
දිලිප් වික්‍රමරත්න Thursday, 03 December 2015 10:22 PM
සිල්වා, අවුරුදු 20ක් ඇමරිකාවේ හිටියා කිව්වට මට නම් සැකයි. මොකද ඇමරිකාවේ රස්සාවක් නැත්නම් සෞඛ්‍ය රක්ෂණයක් නැහැ. යන්න යුරෝපයට හෝ ඕස්ට්‍රේලියාවට, ලෝකයේ නියම සුබසාධන වැඩපිළිවෙලවල් බැලීමට නම් (නි)
කස්තුරිආරච්චි Thursday, 03 December 2015 10:18 PM
කණගාටුදායක පුවතක් (නි)
චන්දි- ලොස් ඇන්ජලිස් Thursday, 03 December 2015 04:01 PM
මගේ යාලුවෙක්ගේ ප්‍රෙෂර් බෙහෙත් ගන්න ගියා හාර්බර් යුනිවර්සිටි රෝහලට. සෞඛ්‍ය රක්ෂණය අවසන් නමුත් නැවත අලුත් කරගැනීමට නොහැකි නිසා බෙහෙත් ගන්න බැරි නිසා දොස්තර එයාව බැලීම ප්‍රතික්ෂේප කළා. සිල්වා, ඔයා ඇත්තටම ඇමරිකාවේද ඉන්නේ? (නි)
පිටිගල මිලානෝ Thursday, 03 December 2015 03:37 PM
සිල්වා උන්නැහේ, සෞඛ්‍යට රක්ෂණයක් ගන්න ඕනෑ නම්, පිළිගත් විශ්ව විද්‍යාල සියල්ල පෞද්ගලික නම්, හරිහමන් අධ්‍යාපනයක් දෙන පාසල් පුද්ගලික නම් දුප්පත් මිනිස්සු ගොඩයන්නේ කොහොමද? යුද වියදම් අධික නිසා මේ ඇති නැති පරතරය අද ඇමරිකාවටම ප්‍රශ්නයක්. ලංකාවේ මිනිස්සු නිව්යෝර්ක් වල නිල් කඩ වලයි ලොස් ඇන්ජලිස් පැත්තේ උදවිය සාත්තු නිවාස වලයි වැඩකරමින් සිටින හැටි මම දැක්කා. (නි)
සරත් Thursday, 03 December 2015 02:35 PM
මරපු අඹු සැමි යුවල සුදු කොඩි පෙන්නලා යටත් වුණේ නැතිද ,විභාගයක් නොකරම මරල දැම්මද .බැන්කි මූන් ට තමයි ප්‍රශ්නේ විසදන්න වෙන්නේ (අ)
ඉන්දික Thursday, 03 December 2015 07:11 AM
අනෙක් රටවල ත්රස්තවාදයට උඩගෙඩිදීමේ ඵලවිපාක තමයි. කෙසේනමුත් වෙඩි කා මියයන්නේ සාමාන්‍ය මිනිසුන්. මියගිය සියලු දෙනාටම නිවන් සුව! (නි)
කුමාර් (ගල්ෆ්) Thursday, 03 December 2015 02:21 PM
මේක තමා හලෝ එයාලගේ ශුද්ධ වූ පොතේ කියලා තියෙන්නේ කරන්න කියාලා. (අ)
ඉන්දික Thursday, 03 December 2015 01:35 PM
සිල්වා මහත්මයා, අපිටත් කියලා දෙන්නකෝ වැස්සකට ඇමෙරිකාවට යන විදිය (නි)
සිලවා ලොස්ඇන්ජලිස් Thursday, 03 December 2015 12:57 PM
පිටිගල වැස්සකට වත් ඇමරිකාවටගිහින් තියෙනවද? මම මෙහෙ අවුරුදු 20 තිස්සෙ ඉන්නවා... අඩු ආදායම් ලාභීන්ට මෙහේ විශ්වවිද්‍යාල වලට යන්න , බෙහෙත් ගන්න බෑ කියන්නේ හීනෙන්ද? ඇමරිකාවේ සමාජ සුභසාධන ගැන ඔබ ඉගෙනගෙන කතාකරන්න... තමන්ගෙ නොදන්නාකම පෙන්වන්නේ නැතිව. (අ)
පියුමි Thursday, 03 December 2015 12:42 PM
නාමල් ඔය ත්රස්තවාදීන් ලග තියෙන ආයුධ මැද පෙරදිග නිෂ්පාදිත ඒවාද ඇමෙරිකාවේ ඒවාද.? (ර)
අමල් Thursday, 03 December 2015 12:37 PM
පුදුම වැඩක් දැන් මේක. හැම තැනම අපරාධ. (ර)
සම්පත් Thursday, 03 December 2015 10:08 AM
පෙනුමෙන් නම් මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් නොවේ. ඇමෙරිකාවට මෙවෙනි ප්‍රහාර එල්ල කරන්නේ ඇමරිකා ජතිකයන්ම තමා. ඇමෙරිකානු ක්රමෝපායන් නිසා ත්‍රස්තවාදී සංවිදාන බලවත් වූ අවස්ථා ඕනෑතරම් තියෙනවා.කොටි සංවිදානයට එම්16 මැෂින් තුවක්කු පවා තිබුන. (ස)
සුලෝචන Thursday, 03 December 2015 08:07 AM
පිටිගල-මිලානොගේ අදහසට මමත් එකඟයි. කව්ද මේ නාමල් කියන්නේ? කොහොමද දන්නේ උඩගෙඩි දෙන්නේ මැදපෙරදිග රටවල් කියලා? (නි)
පිටිගල මිලානෝ Thursday, 03 December 2015 07:42 AM
ඇමරිකාව පුරවැසි ආරක්ෂාව අතින් අන්තිමය. පාසල් සහ විශ්ව විද්‍යාල තුල ඝාතන සිදුවන්නේ ඇමරිකාවේ පමණි. සමාජ සුබසාධනයක් නොමැති කමත් මුදල් ඇති ධනවත් පන්තියට දියුණුවීමේ සියලු මාර්ග විවෘත වී තිබීම නිසාත් දුප්පත් පන්තියට හොඳ පාසල්, විශ්ව විද්‍යාල සහ ලෙඩ රෝගවලට බෙහෙතක් ගැනීම පවා අපහසුය. කොටිපතියන්ට සුරපුරක්. (ර)
නාමල් - නෙව්යෝක් Thursday, 03 December 2015 07:40 AM
ඉන්දික, ත්රස්තවාදයට උඩගෙඩි දෙන්නේ මැදපෙරදිග රටවල්. අනෙක මේක ත්‍රස්තවාදී අරමුනකින් කරපු ප්‍රකාශයක් නෙමේ. (ර)